Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(දමින්ද විජේසූරිය)
ශ්රී ලංකා කාන්තා ක්රිකට් කණ්ඩායමට අනුග්රහය දැක්වීම සඳහා ‘ඔනර්’ (සිංගර් ශ්රී ලංකා සමාගම), ‘සන්ක්වික්’ සහ ‘නිපෝන් පේන්ට්’ යන සන්නාම එක්වී සිටිති. ශ්රී ලංකා කාන්තා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායම අතර පැවැත්වෙන තරග 6 කින් යුත් තරගාවලියට පෙර මෙම සන්නාම තුන ශ්රී ලංකා කාන්තා කණ්ඩායම සමගින් අත්වැල් බැඳගෙන සිටිති.
ශ්රී ලංකා - කොදෙව් කාන්තා තරගාවලිය එක්දින තරග 3 කින් සහ විස්සයි-20 තරග 3 කින් සමන්විත වෙයි. තරගාවලිය මේ මස 15 වැනිදා හම්බන්තොට සූරියවැව ක්රීඩාංගණයේදී ආරම්භ වෙයි.
ශ්රී ලංකා කාන්තා කණ්ඩායමේ ප්රධාන අනුග්රාහකයන් වශයෙන් සිංගර් ශ්රී ලංකා සමාගම විසින් අලෙවි කරනු ලබන ‘ඔනර්’ ජංගම දුරකතන සන්නාමය තෝරාගනු ලැබ ඇත. ශ්රී ලංකා ක්රීඩිකාවන්ගේ කමිසයේ පිටුපස අනුග්රාහකයන් වශයෙන් ‘සන්ක්වික්’ තෝරාගෙන ඇති අතර ක්රීඩිකාවන්ගේ කමිසයේ ඉදිරිපස බාහුවේ සන්නාමය වශයෙන් ‘නිපොන් පේන්ට්’ තෝරාගෙන ඇත.
ශ්රී ලංකා කාන්තා කණ්ඩායමේ ප්රධාන පුහුණුකරු රුමේෂ් රත්නායක, ශ්රී ලංකා නායිකා චමරි අතපත්තු, ‘සන්ක්වික්’ ලංකා සමාගමේ කළමනාකාර අධ්යක්ෂ මංගල පෙරේරා සහ සිංගර් ශ්රී ලංකා සමාගමේ අලෙවි අධ්යක්ෂ ජන්මේෂ් ඇන්තනි යන මහත්වරු අද (10 වැනිදා) පෙරවරුවේදී පැවැති අනුග්රහය ප්රකාශයට පත්කිරීමේ අවස්ථාවට සහභාගි වූහ.
ඡායාරූපය - ශ්රී ලංකා ක්රිකට් අනුග්රහයෙනි
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.