Last Update  :  2025-01-15 11:17:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story වෙස්ලි විදුහල අවසන් පූර්ව වටයට

වෙස්ලි විදුහල අවසන් පූර්ව වටයට

editorial - 2024 අගෝ මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය සංවිධානය කරන අන්තර් පාසල් පිළිමළුන් පිටුදැකීමේ රග්බි තරගාවලියේ අද (30 වැනිදා) පැවැති අර්ධ අවසන් පූර්ව තරගයකදී කොළඹ ඩී.එස්. සේනානායක විදුහලට එරෙහිව ලකුණු 27-20 ක ජයක් වාර්තා කරමින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට කොළඹ වෙස්ලි විදුහල සමත් විය. 

කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගයේ පළමු අර්ධය නිමාවට පත් වන විට වෙස්ලි විදුහල ලකුණු 27-10 ක් ලෙස ඉදිරියෙන් සිටියේය. දෙවැනි අර්ධයේදී ලකුණු 10 ක් රැස්කිරීමට ඩී.එස්. සේනානායක විදුහල සමත් වුවද, පළමු අර්ධය අවසානයේ රඳවාගෙන සිටි ලකුණු පරතරය අනුව වෙස්ලි විදුහලට තරගයේ ජය හිමිවිය. 

වෙස්ලි විදුහල වෙනුවෙන් සඳුන් ගම්මන්පිල 17 වැනි විනාඩියේදීත්, අබ්ඩීප් යූසෙෆ් 25 වැනි විනාඩියේදීත්, අෂේන් එමානුවෙල් 30 වැනි විනාඩියේදීත්, කයිසර් ලී 35 වැනි විනාඩියේදීත් උත්සාහක දිනුම් ලබාගත්හ. ඉන් උත්සාහක දිනුම් දෙකක ප්‍රවර්ථනයන් සහ 7 වැනි විනාඩියේදී වෙස්ලි විදුහලට හිමිවූ දඬුවම් පහරක් සාර්ථක කර ගැනීමට අබ්දුල් හාදිර් සමත් විය. 

ඩී.එස්. සේනානායක විදුහල වෙනුවෙන් කවීෂ ධනංජය 3 වැනි විනාඩියේදීත්, සෙහඳ උමගිලියගේ 12 වැනි විනාඩියේදීත්, තිමත් බෝගහවත්ත 49 වැනි විනාඩියේදීත් උත්සාහක දිනුම් ලබාගත්හ. ඉන් තෙවැන්නේ ප්‍රවර්ථනය සාර්ථක කරගනිමින්, 39 වැනි විනාඩියේදී සිය කණ්ඩායම වෙනුවෙන් ඩ්‍රොප් ගෝලයක්ද ලබාගනු ලැබුවේ සෙහඳ උමගිලියගේ විසිනි. 

 

(ඡායාරූප - කුෂාන් පතිරාජ)


අදහස් (0)

වෙස්ලි විදුහල අවසන් පූර්ව වටයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.