Last Update  :  2024-12-26 20:20:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශ්‍රී ලංකාව යේමනය පරදවයි

ශ්‍රී ලංකාව යේමනය පරදවයි

editorial - 2024 නොවැ මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

කාටාරයේ ඩෝහා නුවරදී පෙරේදා (16)  දෙරට අතර පැවැති පළමු සුහද ජාත්‍යන්තර පාපන්දු තරගයේදී ශ්‍රී ලංකාව විසින් යේමනය ගෝල 1 - 0 කින් පරාජය කරන ලදී.ජාත්‍යන්තර පාපන්දු තරගයකදී ශ්‍රී ලංකාව විසින් යේමනය පරාජයට පත් කළ පළමු අවස්ථාව මෙයයි.

ශ්‍රී ලංකාවේ මෙම ජයග්‍රාහණය කැපී පෙනෙන්නේ මීට පෙර අවසන් වරට  2023 ඔක්තෝබර් මාසයේ දෙරට  ජාත්‍යන්තර පාපන්දු තරග පිටියේ මුණ ගැසුණු අවස්ථාවේදී ශ්‍රී ලංකාව තරග දෙකෙන්ම පරාජයට පත්වීමයි.

එළඹෙන  2026 ලෝක කුසලාන මූලික නිර්දේශ වටයේ කොළඹ හා රියාද් හිදී පැවැති තරග දෙකකදී ශ්‍රී ලංකාව ගෝල  3 - 0 කට හා දඩුවම් පහර 3 - 1 කට එසේ යේමනයට පරාජය විය.

පෙරේදා  තරගයේ නිමාවට ආසන්න වෙමින් තිබියදී 89 වැනි විනාඩියේදී හිසෙන් එල්ල කළ පහරකින් ශ්‍රී ලංකාවට ජයග්‍රාහී ගෝලය ලැබ දුන්නේ ජැක් හින්ගර්ට් විසිනි.දිවිත්ව පුරවැසිලාභියෙකු වන 34 හැවිරිදි  ජැක් එංගලන්තයේද පුරවැසිභාවය හිමි එහි ලන්ඩන් බි්‍රස්බේන් රෝයර් කණ්ඩායමේ මේ වන විට ක්‍රීඩා කරයි.

ශ්‍රී ලංකා පාපන්දු ආයතනය එතෙර රටවල ක්‍රීඩා කරන ශ්‍රී ලංකා සම්භවයකින් යුත් තෝරා ගත්  ක්‍රීඩකයන් ජාතික පාපන්දු සංචිතයට බදවා ගැනීමේ වැඩ සටහන යටතේ ඔහුද කැදවා ගත්තේය.

ඩෝහා නුවරදී  දෙරට මුණ ගැසුණු අවස්ථාව වන විට යේමනය ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකාවට වඩා බොහෝ සෙයින් ඉදිරියෙන් පසුවීම තුළ ශ්‍රී ලංකාවේ පෙරේදා ජයග්‍රාහණයට ඉහළ වටිනාකමක් ලැබී තිබේ. ඒ වන විට එම ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව යේමනය 154 වැනි ස්ථානයේ පසු වන විට ශ්‍රී ලංකාව එහි පසු වන්නේ 203 වැනි ස්ථානයේය.

දෙරට අතර අගහරුවාදා (16) පැවැත්වෙන දෙවැනි තරගය අවම ජයපරාජයෙන් තොරව අවසන් කිරීමට ශ්‍රී ලංකාව සමත් වන්නේ නම් ශ්‍රී ලංකාවට අළුත්ම ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම් අනුව අවම 199 වැනි ස්ථානය දක්වා ඉදිරියට යාමේ අවස්ථාව හිමි වනු ඇත.

ශ්‍රී ලංකාව 2024 වසරේ මේ දක්වා ජාත්‍යන්තර පාපන්දු තරග නවයකට සහභාගිවී තිබේ.එහිදී මාර්තු මාසයේ කොළඹදී පැවැති ලෝක සමුළු තරගාවලියේදී භූතානය පරාජය (2 - 0) කිරීමෙන් පසුව ශ්‍රී ලංකාව ජය ගත් පළමු ජාත්‍යන්තර පාපන්දු තරගය පෙරේදා වාර්තා විය.

එහිදී තරග හතරක් පරාජය වූ ශ්‍රී ලංකාව සෙසු තරග සම කරමින් අවසන් කර තිබේ.ශ්‍රී ලංකාවේ පාපන්දු  ප්‍රධාන පුහුණුකරු ලෙස නොබෝදා ස්ථීර පත්වීම් ලද කුවේට් ජාතික පුහුණුකරු  අබ්දුල්ලා අල් මුතායිරි මහතාගේ සාර්ථකත්වය තහවුරුවූ  තවත්  තරගයක් ලෙස පෙරේදා තරගය හැඳින්විය හැකිය.ඔහු පසුගිය අගෝස්තු  20 වැනිදා මෙරට සේවයට තාවකාළිකව බදවා ගැනීමෙන් පසුව පෙරේදා තරගය තෙක් ශ්‍රී ලංකාව සහභාගි වූ ජාත්‍යන්තර තරග පහකදී එක් තරගයක් පමණක් පරාජයවී තිබේ.

ඒ මියන්මාරය සමග තරගය ගෝල  2 - 0 කට පරාජය වීමෙණි.කාම්බෝජය සමග එක් තරගයක් ජය ගැනීමෙන්ද ඔවුන් සමග සෙසු තරගය සම කිරීමෙන්ද අනතුරුව මුණ ගැසුණු මියන්මාරය සමග දෙවැනි තරගය සම කිරීමෙන්ද ඔහු පෙරේදා  වන තෙක් සිය ධූරයේ යම් සාර්ථකත්වයක් පෙන්වා තිබේ.

එම තත්වය තුළ ශ්‍රී ලංකා පාපන්දු ආයතනය වසර දෙකක කාලයක් සදහා පුහුණුකරු ධූරයේ ඔහු හා ගිවිසුම් ගත විය.

යේමනය මෙම වසරේදී මෙතෙක් ජාත්‍යන්තර තරග පහකට මුහුණ දෙමින් පේරේදා  වන තෙක් කිසිදු තරගයක් ජය ගෙන නැත. එහිදී තරග තුනක්ම පරාජයවී තිබේ.කෙසේවූවත් බහරේනය හා නේපාලය සමග තරග දෙකක් සම කර ඇත.

ඔවුන්ගේ  වත්මන් ප්‍රධාන පුහුණුකරු වන්නේ ඇල්ජීරියානු ජාතික නූරඩීන් ඕල්ඩ් අලී මහතාය.

 


අදහස් (0)

ශ්‍රී ලංකාව යේමනය පරදවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.