Last Update  :  2024-12-30 19:42:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශ්‍රී ලංකා සහාය දිවීමේ කණ්ඩායම අසරණ වෙයි

ශ්‍රී ලංකා සහාය දිවීමේ කණ්ඩායම අසරණ වෙයි

editorial - 2023 අගෝ මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A



(නාමල් පතිරගේ)

හංගේරියාවේ බුඩාපෙස්ට් නුවර දී අද (27 වැනිදා) නිමාව දුටු 19 වැනි ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ දී මීටර 400 x 4 (පිරිමි) ඉසව්වේ ශ්‍රී ලංකා කණ්ඩායමේ දක්ෂතාවල කඩා වැටීමක් ප්‍රදර්ශනය විය.

මෙම ඉසව්වේ ආසියානු ශූරතාවලියේ අලුත්ම වාර්තාවට (විනාඩි 3 තත්පර 01.56) හිමිකම් කියන ශ්‍රී ලංකා සහය දිවීමේ කණ්ඩායම සෙනසුරාදා  දෙවැනි මූලික තරගයට සහභාගි විය. එහෙත් ඔවුන් තරගය අවසන් කළේ විනාඩි 3 තත්පර 03.25 කිනි. තරග කාලය අනුව ඔවුන්ට අත්වූයේ අටවැනි (අවසන්) ස්ථානයයි.
අරුණ දර්ශන, රාජිත රාජකරුණා, පබසර  හා කලිංග කුමාරගේ ගෙන් සමන්විත ශ්‍රී ලංකා සහය දිවීමේ කණ්ඩායම ඉසව්වේ මූලික වටයේ සමස්ත ප්‍රතිඵලයට අනුව 17 වැනි ස්ථානයට පත්විය.

ජැමයිකාව එහිදී විනාඩි 2 තත්පර 59.82 කට ඔවුන්ගේ ඉහළම දක්ෂතාව පළ කරමින් ඊයේ රාත්‍රියේ පැවැත්වීමට නියමිතව තිබූ අවසන් තරගයට සුදුසුකම් ලබාගත්තේය.  අවසන් තරගයට නිර්දේශ ලබාගත් කණ්ඩායම් අට අතරින් ඇමරිකාව විනාඩි 2 තත්පර 58.47ක් ලෙස ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමේ වැඩිම ඉඩක් අත්කරගෙන තිබුණි.

මෙහි විශේෂිතම සිදුවීම වන්නේ මූලික වටයේ දී ඇමරිකානු කණ්ඩායමට පමණක් දෙවැනිවූ ඉන්දීය සහය දිවීමේ කණ්ඩායම විනාඩි 2 තත්පර 59.05 කට නව ආසියානු වාර්තාවක් පිහිටුවමින් අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට සමත්වීමයි.  මෙවර ලෝක තරගාවලියේදී මෙම ඉසව්වෙන් ඒ අනුව පදක්කමක් කෙරෙහි විශ්වාසයක් ඇති කරගෙන සිටින ඉන්දියාව, මෙම ඉසව්වේ අවසන් තරගයට නිර්දේශ ලද එකම ආසියාතික රට වීමත්  කැපී පෙනේ. එහෙත්  ජුලි 16 වැනිදා පත්තයා නුවරදී පැවැති ආසියානු ශූරතා තරගාවලියට සහභාගිවීමේදී මෙම ඉන්දීය සහය දිවීමේ කණ්ඩායම ශ්‍රී ලංකාවට පරාජයවීමයි (විනාඩි 3 තත්පර  01.80).

පතායා නුවරදී ඉන්දිය කණ්ඩායම තරග වැදුණු ක්‍රීඩකයන් සිව්දෙනාම සෙනසුරාදා පැවැති ලෝක ශූරතා මූලික වටයටත් තරග වැදුණු අතර එහිදී මෙතෙක් ජපානය සතුවූ විනාඩි 2 තත්පර 59.51ක් වූ ඉසව්වේ ආසියානු වාර්තාවක් ඉන්දීය කණ්ඩායම අතින්  බිඳවැටුණි.  මෙම ඉසව්වේ ලෝක ශූරතා දක්ෂතා ප්‍රවර්ධනය කර ගැනීම සඳහා ඉන්දිය සහය දිවීමේ කණ්ඩායම කොළඹදී පැවැති ශ්‍රී ලංකාවේ ජාතික මලල ක්‍රීඩා ශූරතා තරගාවලියට සහභාගිවීමටද උනන්දු විය. එහිදී ශ්‍රී ලංකා  කණ්ඩායම පරාජය කිරීමට ද ඉන්දියාව සමත් විය.

ඉන්දියාව තරග වැදුණු මූලික වටයේ තරගයේ දී ජපාන කණ්ඩායම ඔවුන්ගේ මෙතෙක් හොඳම දක්ෂතාව වාර්තා කළහ. විනාඩි  3 තත්පර 00.39කට පස්වැනි ස්ථානය දක්වා පහළට යාමෙන් ජපනුන්ගේ අවසන් තරග අපේක්ෂාව ද බිඳ වැටුණි.


අදහස් (0)

ශ්‍රී ලංකා සහාය දිවීමේ කණ්ඩායම අසරණ වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.