Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story අගමැති කුසලාන මලියදේවයට

අගමැති කුසලාන මලියදේවයට

සංජය එරමුදුගොඩ - 2017 ජුනි මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය සහ නෙස්ලේ ලංකා සමාගම (මයිලෝ) එක්ව සංවිධානය කළ අන්තර් පාසල් වයස 20 න් පහළ ‘අගමැති කුසලාන’ පිළිමළුන් පිටු දැකීමේ රග්බි තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට කුරුණෑගල මලියදේව විදුහල් ක්‍රීඩකයෝ අද (23) සමත් වූහ.

මලියදේව විදුහල් රග්බි ඉතිහාසයේ සමස්ත ලංකා මට්ටමේ ප්‍රධාන ශූරතාවක් දිනූ පළමු අවස්ථාව මෙය වේ.  
කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී අද (23) පැවැති අවසන් මහ තරගයේදී මලියදේව විදුහල් පිල ලකුණු 22-20 කින් කොළඹ ආනන්ද විදුහල පරාජය කිරීමට සමත් විය.

තරගය දෙවැනි අර්ධයේදී වඩාත් තියුණු එකක් වූ අතර එහි ප්‍රතිඵලයෙන් අවස්ථා දෙකකදී ලකුණු 10-10 ක් සහ ලකුණු 17-17 ක් ලෙස සමවීම කැපී පෙනුණි. දෙවැනි අර්ධයේ 35 වැනි මිනිත්තුව දක්වා ආනන්ද විදුහල ලකුණු 20-17 ක් ලෙස ඉදිරියෙන් සිටිය ද 36 වැනි මිනිත්තුවේදී එස්. සී. හේරත් සම්පූර්ණ කළ උත්සාහක දිනුමත් සමඟ මලියදේව විදුහල ලකුණු 22-20 ක් ලෙස පෙරමුණට පැමිණියේය.

පළමු අර්ධයේ අවසන් මිනිත්තුවේදී ඉහිල් දෙව්පුර එකතු කළ උත්සාහක දිනුමත් සමඟ ලකුණු 5-3 ක් ලෙස මලියදේව විදුහල ලකුණු 2 ක් ඉදිරියෙන් සිටියේය. ආනන්ද විදුහලේ ඩී. එස්. විජේසිංහ පළමු අර්ධයේ 20 වැනි මිනිත්තුවේදී දඬුවම් පහරක් සාර්ථක කරමින් ලකුණු පුවරුව ක්‍රියාත්මක කළේය.

ජයග්‍රාහි මලියදේව විදුහල් පිල ගෝලයකින් සහ උත්සාහක දිනුම් 3 කින් ලකුණු රැස්කළ අතර ආනන්ද විදුහලට ගෝලයකින්, දඬුවම් පහර ගෝලයකින් සහ දඬුවම් පහර 2 කින් ලකුණු එකතු විය.

මලියදේව විදුහලට ඉහිල් දෙව්පුර, ඉෂාර හේරත්, ඩිල්ෂාන් අතපත්තු සහ එස්. සී. හේරත් උත්සාහක දිනුම බැගින් සම්පූර්ණ කිරීමට සමත් වූහ. වයි. කුමාර ගෝල ප්‍රවර්ථනයක් සාර්ථක කරමින් අතිරේක ලකුණු එකතු කළේය.

ආනන්ද විදුහලට එස්. ඩී. රතුවීර උත්සාහක දිනුම සම්පූර්ණ කළේය. ඩී. එස්. විජේසිංහ ගෝල ප්‍රවර්ථන සහ දඬුවම් පහර සාර්ථක කරමින් අතිරේක ලකුණු එකතු කිරීමට සමත් විය.

 

ජයග්‍රාහී මලියදේව විදුහල් කණ්ඩායම


මලියදේව - ආනන්ද ‘අගමැති’ කුසලාන රග්බි තරගාවලියේ උණුසුම් අවස්ථා...

(ඡායාරූප - ඕෂිත වරකාපිටිය)

මලියදේව - ආනන්ද ‘අගමැති’ කුසලාන රග්බි තරගාවලිය
මලියදේව - ආනන්ද ‘අගමැති’ කුසලාන රග්බි තරගාවලිය

අදහස් (0)

අගමැති කුසලාන මලියදේවයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.