Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් පසුගිය දිනවල විවිධ චෝදනා එල්ල වීමෙන් පසුව ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මෙන්ම පසුගිය කාලයේදී ශ්‍රී ලංකාවට පැමිණි අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ දූෂණ මර්ධන නිලධාරීන් සම්බන්ධයෙන්ද පරීක්‍ෂණ ආරම්භ කිරීමට අන්තර්ජාතික ක්‍රිකට් සභාව තීරණය කර තිබේ.
අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ ඩුබායි මූලස්ථානයෙන් සෙනසුරාදා (23 වැනිදා) නිකුත් කරන ලද නිවේදනයකින් මේ බව සනාථ කර තිබේ.
“අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ දූෂණ මර්ධන ඒකකයේ කාර්යභාරය වන්නේ ක්‍රිකට් ක්‍රීඩාවේ තිබෙන අවංකභාවය වඩාත් උසස් තලයකට ගෙන ඒමයි. එබැවින් කිසියම් සාධාරණ හේතුවක් ඉස්මතුවන්නේ නම් ඒ සම්බන්ධයෙන් පරීක්‍ෂණයක් පැවැත්වීමත් ඊට ඇතුළත් අංගයකි.......මේ වන විටත් ශ්‍රී ලංකාවේ පරීක්‍ෂණයක් පැවැත්වෙමින් තිබෙනවා. එහි අවශ්‍යතා මත අප විවිධ පුද්ගලයන් හා සම්බන්ධවී සිටිනවා” යයි අන්තර්ජාතික ක්‍රිකට් සභා දූෂණ මර්ධන ඒකකයේ සාමාන්‍යාධිකාරී ඇලෙක්ස් මාෂල් මහතා පැවසූයේ යයි අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ මාධ්‍ය ඒකකය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයේ සටහන් වේ.
“දැනට කෙරෙමින් යන පරීක්‍ෂණය සම්බන්ධයෙන් අප කිසිවක් ප්‍රකාශ කරන්නේ නෑ. එහෙත් දූෂණ මර්ධන ඒකකයට සහාය වීමට තරම් තොරතුරු කිසිවකු සතුව ඇත්නම් ජදබඒජඒජම?සජජ-ජරසජනැඑගජදප යන විද්යුත් ලිපිනය හරහා අප හා සම්බන්ධ වන ලෙස ආයාචනා කරමු” යයිද එංගලන්තයේ හැම්ප්ෂයර් පොලිස් බලකායේ හිටපු ප්‍රධානියා වන ඇලෙක්ස් මාෂල් මහතා පවසා තිබේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයද ඊයේ (24 වැනිදා) විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ මෙම පරීක්‍ෂණය කඩිනමින් සම්පූර්ණ කිරීම සඳහා අන්තර්ජාතික ක්‍රිකට් සභාව හා සමීපව කටයුතු කිරීමට තමන් තීරණය කර ඇති බවයි.
“මෙවන් පරීක්‍ෂණයක් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ විරෝධී ඒකකය විසින් ආරම්භ කිරීමට තීරණය කිරීම ගැන අප ඉතාමත් සතුටු වෙනවා”
“මෙම පරීක්‍ෂණයට අදාළ තොරතුරු ඇති සහ තොරතුරු දන්නා සියලු දෙනාට එම තොරතුරු සහ සාක්ෂි ප්‍රකාශ කිරීම හා ලබා දීම මගින් මෙම පරීක්‍ෂණයට සහාය වන ලෙස අපි ඉල්ලා සිටිනවා” යයි ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා පවසා තිබිණ.
අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ මෙම නිවේදනය කරළියට පැමිණියේ ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිනේෂ් චන්දිමාල් සහ සීමිත ඕවර නායක උපුල් තරංග ඇතුළු ක්‍රීඩකයන් එක්ව තමන්ට එරෙහිව එල්ල වී තිබෙන චෝදනා සම්බන්ධයෙන් පරීක්‍ෂණයක් කරන්න’යි ලිපියක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට බාර දීමෙන් පසුවය. ශ්‍රී ලංකා ටෙස්ට් පිලේ හිටපු වේග පන්දු යවන්නකු මෙන්ම හිටපු තේරීම් කමිටු නිලධාරියකුද වූ ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා විසින් ප්‍රකට රූපවාහිනී නාළිකාවකට කළ ප්‍රකාශය ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් විසින් හඳුන්වන ලද්දේ “තැතිගන්වන සුළු” මෙන්ම “නිගාදෙන” සහ “වේදනාත්මක” චෝදනා වශයෙනි.
ශ්‍රී ලංකා කණ්ඩායමේ දුර්වල ක්‍රීඩා රටාව සම්බන්ධයෙන් චෝදනා කළ පළමුවැන්නා ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා නොවේ. පසුගිය ජූලි මාසයේදී හිටපු නායක අර්ජුන රණතුංග මහතාද එවැනිම කතාවක් කීවේය. ඔහු කීවේ 2011 ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහ තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය වීම සම්බන්ධයෙන් පරීක්‍ෂණයක් පැවැත්විය යුතු බවයි.
එම තරගාවලියේ අවසන් පූර්ව තරගයේදී නවසීලන්තය පරාජය කළ ශ්‍රී ලංකා කණ්ඩායමෙන් ක්‍රීඩකයන් සිවු දෙනකු ඉවත් කරමින් අවසන් මහ තරගය සඳහා වෙනත් ක්‍රීඩකයන් සිවුදෙනකු කැඳවා තිබිණ. අවසන් පූර්ව තරගයේදී ක්‍රීඩා කළ ඇන්ජලෝ මැතිව්ස්, රංගන හේරත්, අජන්ත මෙන්ඩිස් සහ චාමර සිල්වා වෙනුවට තිසර පෙරේරා, සුරාජ් රන්දිව්, නුවන් කුලසේකර සහ චාමර කපුගෙදර අවසන් මහ තරගය සඳහා කැඳවා තිබිණ.
2011 ලෝක කුසලාන අවසන් මහ තරගයේදී මහේල ජයවර්ධන අලංකාර ශතකයක් ලබාගත් අතර පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම ඕවර 50 කදී ලකුණු 274 ක් ලබාගත්තේය. එහෙත් මෙම තරගය කඩුලු 6 කින් ජයගැනීමට ඉන්දීය පිල සමත් විය.
“අපි තරගය පැරදුනාම මා බොහෝ කණගාටු වුණා. මට සැකයක් ඇතිවුණා”
“2011 ලෝක කුසලාන අවසන් තරගයේදී ශ්‍රී ලංකා පිලට සිද්ධවුණේ මොකක්ද කියලා පරීක්‍ෂණයක් කරන්න ඕනෑ. මට දැන් හැමදේම කියන්න බෑ. ඒත් දවසක මම ඒ හැමදේම කියන්නම්. පරීක්‍ෂණයක් තියන්න ඕනා” යයිද අර්ජුන රණතුංග මහතා ජූලි මාසයේදී කීවේය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.