Last Update  :  2025-04-23 12:53:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story අන්තර් පාසල් සත් සාමාජික රග්බි ශූරතාව ඉසිපතනයට

අන්තර් පාසල් සත් සාමාජික රග්බි ශූරතාව ඉසිපතනයට

editorial - 2023 අප්‍රේ මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය සංවිධානය කළ අන්තර් පාසල් වයස 19 න් පහළ සත් සාමාජික රග්බි තරගාවලියේ කුසලාන ශූරතාව දිනාගැනීමට කොළඹ ඉසිපතන විදුහල සමත් විය. අවසන් මහ තරගයේදී බම්බලපිටිය ශාන්ත පීතර විදුහලට එරෙහිව ලකුණු 19-10 ක ජයක් වාර්තා කරමින් ඉසිපතන ක්‍රීඩකයෝ කුසලාන ශූරතාවට හිමිකම් කීය.

කොළඹ රාජකීය විදුහල් ක්‍රීඩා සංකීරණයේදී සහ කොළඹ හැව්ලොක්ස් ක්‍රීඩාංගණයේදී මෙම තරගාවලිය සඳහා කණ්ඩායම් 22 ක් සහභාගි වූ අතර මූලික වටයේදී ඔවුන් කාණ්ඩ 8 යටතේ තරග වැදිණ. මූලික වටයේදී දැක්වූ දස්කම් අනුව එම කණ්ඩායම් පලිහ, බඳුන, පළඟ සහ කුසලාන යන ශූරතා සඳහා බෙදා වෙන් කෙරිණ.

කුසලාන ශූරතාව සඳහා වූ අවසන් පූර්ව තරගවලදී මරදාන ශාන්ත ජෝෂප් විදුහලට එරෙහිව ලකුණු 17-14 ක ජයක් ලබමින් ඉසිපතන විදුහල අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත් අතර ශාන්ත පීතර විදුහල අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේ කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහලට එරෙහිව ලකුණු 35-24 ක ජයක් ලබමිනි.  

තරගාවලියේ පළඟ ශූරතාව දිනාගැනීමට මහනුවර විද්‍යාර්ථ විදුහල සමත් වූයේ අවසන් මහ තරගයේදී ලකුණු 21-19 ක් ලෙස ඩී.එස්. සේනානායක විදුහල පරාජයට පත් කරමිනි. අවසන් පූර්ව වටයේදී ලකුණු 24-19 කින් මහනුවර කිංග්ස්වුඩ් විදුහල පරාජය කරමින් විද්‍යාර්ථ විදුහලත්, ලකුණු 26-05 කින් මහනුවර ධර්මරාජ විදුහල පරාජය කරමින් ඩී.එස්. සේනානායක විදුහලත් අවසන් තරගයට පිවිසියහ.

සෙසු අවසන් මහ තරගවලදී පිළියන්දල මැදි විදුහල ලකුණු 24-12 ක් ලෙස පරාජය කරමින් බඳුන ශූරතාව දිනාගැනීමට කොළඹ තර්ස්ටන් විදුහලත්, මහනුවර ශාන්ත සිල්වෙස්ටර් විදුහල ලකුණු 29-00 ක් ලෙස පරාජය කරමින් බඳුන ශූරතාව දිනාගැනීමට කොළඹ වෙස්ලි විදුහලත් සමත් වූහ.


තරග ප්‍රථිපල
පලිහ ශූරතාව
■ කොළඹ වෙස්ලි විදුහල විසින් ලකුණු 29-00 ක් ලෙස මහනුවර ශාන්ත සිල්වෙස්ටර් විදුහල පරාජය කරන ලදි.

බඳුන ශූරතාව
■ කොළඹ තර්ස්ටන් විදුහල විසින් ලකුණු 24-12 ක් ලෙස පිළියන්දල මැදි විදුහල පරාජය කරන ලදි.

පළඟ ශූරතාව
■ මහනුවර විද්‍යාර්ථ විදුහල විසින් ලකුණු 21-19 ක් ලෙස ඩී.එස්. සේනානායක විදුහල පරාජය කරන ලදි.

කුසලාන ශූරතාව
■ කොළඹ ඉසිපතන විදුහල විසින් ලකුණු 19-10 ක් ලෙස බම්බලපිටිය ශාන්ත පීතර විදුහල පරාජය කරන ලදි.

 


අදහස් (0)

අන්තර් පාසල් සත් සාමාජික රග්බි ශූරතාව ඉසිපතනයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.