Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පුහුණු කාර්ය මණ්ඩලයට අනුයුක්තව සේවය කළ නිලධාරීන් දෙදෙනෙක් සිය තනතුරුවලින් ඉල්ලා අස්වීමට පියවර ගෙන ඇත. මේ වන විටත් ඔවුන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත සිය ඉල්ලා අස්වීමේ ලිපි භාරදීමටද කටයුතු කර ඇත.
![]() |
ක්‍රිස් ක්ලාක් |
එසේ ඉල්ලා අස්වීමට කටයුතු කර ඇත්තේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ශාරීරික කාර්යසාධන කළමනාකරු ලෙස කටයුතු කළ ග්‍රාන්ට් ලූඩන් මහතා සහ භෞතචිකිත්සකවරයා ලෙස කටයුතු කළ ක්‍රිස් ක්ලාක් මහතාය.
දකුණු අප්‍රිකානු ජාතික ග්‍රාන්ට් ලූඩන් මහතා, 2021 වසරේ ජනවාරි මාසයේ සිට මේ දක්වා වසර 2 කට ආසන්න කාලයක් ශ්‍රී ලංකා කණ්ඩායමේ ශාරීරික කාර්යසාධන කළමනාකරු ලෙස කටයුතු කළේය. ශ්‍රී ලංකා කණ්ඩායම සමග එක්වීමට පෙර ඔහු පාකිස්තාන සහ බංග්ලාදේශ කණ්ඩායම්වල පුහුණු කාර්ය මණ්ඩලද නියෝජනය කර තිබිණ.
භෞතචිකිත්සාව පිළිබඳ එංගලන්තයේ ද්විත්ව උපාධිධාරියකු වූ ක්‍රිස් ක්ලාර්ක් මහතා ශ්‍රී ලංකා කණ්ඩායම සමග එක් වූයේ මෙම වසරේ (2023) ජනවාරි මාසයේදීය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග ඔහුගේ ගිවිසුම් කාලය වසර 2 ක් වුවත්, ඔහු ඉන් අස්වීමට තීරණය කර ඇත්තේ වසරක් ගෙවීමටත් පෙරාතුව වීම කැපී පෙනෙ සිදුවීමකි.
මොවුන් දෙදෙනාම සිය ඉල්ලා අස්වීමට හේතු ලෙස සඳහන් කර ඇත්තේ ඔවුන්ගේ පෞද්ගලික හේතු වුවත්, ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම ලැබූ අන්ත පරාජයත්, එම පරාජයත් සමග පුහුණු කාර්ය මණ්ඩලය වෙත දිගින් දිගටම එල්ල වූ චෝදනාත් මෙම ඉල්ලා අස්වීම්වලට පාදක වී ඇතැයි ක්‍රිකට් ආයතනයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.