Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
බ්‍රසීලයේ පැවැත්වෙන පැරලිම්පික් ක්‍රීඩා උළෙලේ ඊයේ (17) පැවැති දුර පැනීම (ටී42) පිරිමි ඉසව්වේ අවසන් තරගයේදී ශ්‍රී ලංකා ක්‍රීඩක අනිල් ප්‍රසන්න ජයලත් පස්වැනි ස්ථානයට පත්විය. මීටර 5.61 ක දුරක් පැනීමට අනිල් සමත් වු අතර එය ඔහු දුර පැනීම ඉසව්වෙන් මෙතෙක් දැක් වු හොදම දක්ෂතාව ද වේ.
මීටර 6.70 ක දුරක් පනිමින් ජර්මනියේ පොපොව් හෙන්රි මෙහි රන් පදක්කම දිනා ගත්තේය.
සිකුරාදා (16) පැවැති මීටර 200 (ටී47) කාන්තා අවසන් තරගයේදී ශ්‍රී ලංකා ක්‍රීඩිකා අමරා ඉන්දුමතී හයවැනි ස්ථානය ලැබුවාය.
මුලික වටයේ තරගය තත්පර 27.55 කින් අවසන් කරමින් අවසන් තරගයට සුදුසුකම් ලැබු ඉන්දුමතී අවසන් තරගයේදී තත්පර 27.54 ක කාලයක් වාර්තා කළාය. එම කාලය මෙම ඉසව්වෙන් ඇගේ හොදම කාලය ලෙසද වාර්තාවේ. මෙම ඉසව්වේ රන් පදක්කම දිනා ගත් ඇමරිකාවේ යන්ග් දේජා තත්පර 25.46 ක කාලයකින් තරගය නිම කළාය.
රියෝ ද ජෙනයිරෝ නුවරදී පැවැත්වෙන පැරලිම්පික් ක්‍රීඩා උළෙල අද (18) අවසන්වේ. පදක්කම් සටහනේ ඉදිරියෙන් සිටින චීනය රන් පදක්කම් 105 ක් සමග සමස්ත පදක්කම් 237 ක් දිනා සිටී.
එංගලන්තය රන් පදක්කම් 64 ක් ලබා දෙවැනි ස්ථානයේද, යුක්රේනය රන් පදක්කම් 41 ක් ලබා තෙවැනි ස්ථානයේද පසුවෙයි. ඇමරිකාව සිවුවැනි ස්ථානයට පත්ව සිටින්නේ රන් පදක්කම් 40 ක් ලබාගනිමිනි.
හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් දිනේෂ් ප්‍රියන්ත හේරත් දිනාගත් ලෝකඩ පදක්කම නිසා පදක්කම් සටහනට ඇතුළත් වූ ශ්‍රී ලංකාව 82 වැනි ස්ථානය ලබා ඇත. මෙවර පැරලිම්පික් ක්‍රීඩා උළෙලට ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩිකාවක් සහ ක්‍රීඩකයෝ අට දෙනෙක් සහභාගිවුහ.
-090
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.