Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story අඳුරේ අවාසිය ශී‍්‍ර ලංකා ‘ඒ’ පිල පිටින් යයි

අඳුරේ අවාසිය ශී‍්‍ර ලංකා ‘ඒ’ පිල පිටින් යයි

රොෂාන් ගුණරත්න - 2013 සැප් මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පිතිකරුවන් අභීත සටනක නිරත වු නමුත් අඳුරේ අවාසිය සමග තරග කළ නොහැකි වූ හෙයින් මහනුවර පල්ලෙකැළේ කී‍්‍රඩාංගණයේදී අද (29 වැනිදා) පැවැති පළමු වැනි නිල නොවන එක්දින තරගයේදී ශී‍්‍ර ලංකා ‘ඒ’ කණ්ඩායම පරාජය කරමින් නවසීලන්ත ‘ඒ’ කී‍්‍රඩකයෝ ලකුණු 28 ක ජයක් අත්කර ගත්හ.

ලකුණු 351 ක ඉලක්කයක් හඔා ගිය ශී‍්‍ර ලංකා ‘ඒ’ කණ්ඩායම 45 වැනි  ඕවරය අවසන් වන විට කඩුලූ 5 ක් දැවී ලකුණු 310 ක් ලබා සිටි අතර තරගයේ ජයග‍්‍රහණය සඳහා අවසන්  ඕවර 5 දී අවශ්‍යව තිබුණේ ලකුණු 41 ක් හෙවත්  ඕවරයකට ලකුණු 8 කි. ඒ වන විටත් අශාන් පි‍්‍රයන්ජන් සහ සචිත‍්‍ර සේරසිංහ දෙදෙනා නවසීලන්ත පන්දු යවන්නන්ගේ නළලත දහදිය නංවමින් පිතිහරඹයේ යෙදෙමින් සිටියහ.

එහෙත් හන්තාන කඳු පෙළ මතින් හිරු සැගවී යත්ම කී‍්‍රඩාංගණය අන්ධකාර වීම නිසා පිතිකරුවන්ට පන්දුව දැකගැනීම අසීරු වූ අතර මෙම අවස්ථාවෙන් කදිම ප‍්‍රයෝජන ගත් වේග පන්දු යවන කී‍්‍රඩක ඇඩම් මිල්න් සිය 9 වැනි  ඕවරයේදී (ඉනිමේ 47 වැනි  ඕවරය) අශාන් පි‍්‍රයන්ජන්, ඉෂාන් ජයරත්න සහ ශමින්ද එරංග තිදෙනාම පිටියෙන් ඉවත් කරමින් තරගයේ වාසිය තම පිල වෙත ඇදගත්තේය. ලකුණු 8 ක් තුළදී කඩුලූ 5 ක්ම බිඳ වැටීමෙන් ශී‍්‍ර ලංකා ඒ’ ඉනිම ලකුණු 322 දී නිමා විය.

ශී‍්‍ර ලංකා ‘ඒ’ පිල වෙනුවෙන් සාර්ථක පිතිහරඹයක නිරත වූ දිමුත් කරුණාරත්න සහ නායක දිනේෂ් චන්දිමාල් දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 139 ක සම්බන්ධතාවක් ගොඩනැංවූහ. ආරම්භක පිතිකරු කුසල් ජනිත් පෙරේරා (51) සහ දිමුත් අතර පළමු කඩුල්ල වෙනුවෙන් පැවැති සම්බන්ධතාව ලකුණු 102 කි.

පන්දු 120 කට මුහුණ දුන් දිමුත් කරුණාරත්න, 40 වැනි  ඕවරයේදී දැවී යාමට පෙර සිය ඉනිමට හතරේ පහර 17 ක් ඇතුළත් කර තිබිණ.
නායකත්වයේ වගකීම බාර ගනිමින්ම, විමසුම් සහගතව නමුත් වේගය අඩාළ කර නොගෙන පිතිහරඹයේ යෙදුණු දිනේෂ් චන්දිමාල් ලකුණු වේගය වැඩි කිරීමට උත්සාහ කිරීමේදී ලකුණු 69 කට දැවී ගියේය. එහෙත් නායකයා ඒ වන විටත් සිය පසුපෙළ පිතිකරුවන්ට ගමන් මග විවර කර දී තිබිණ.

හතරේ පහර 8 ක් සහ හයේ පහරක්ද සහිතව පන්දු 39 කින් අර්ධ ශතකය ලබාගත් කුසල් ජනිත් ඉතාමත් හොඳින් පන්දුවට පහර දෙමින් සිටියදී සිය මානසික ඒකාග‍්‍රතාව බිඳගැනීම හේතුවෙන් දැවී ගියේය.

ලකුණක් කරා දිව යද්දී නවසීලන්ත කී‍්‍රඩකයකුගේ සිරුරේ ගැටීම නිසා දෙදෙනා අතර වචන හුවමාරුවක් ඇතිවිය. එය දුරදිග නොගිය නමුත් කෝපාවිෂ්ඨ වූ කුසල් ඊළග  ඕවරයේදී පිටියේ ඉහළින් පහරක් ගැසීමට ගත් උත්සාහය උඩපන්දුවක් බවට පරිවර්තනය විය. ඒ වන විට කුසල් සහ දිමුත් අතර පළමු කඩුල්ල වෙනුවන් පන්දු 84 කදී පැවැති සම්බන්ධතාව ලකුණු 102 කි.

පළමුවෙන් පන්දුවට පහර දුන් නවසීලන්ත ‘ඒ’ කණ්ඩායම නියමිත  ඕවර 50 අවසානයේදී කඩුලූ 8 ක් දැවී ලකුණු 350 ක් ලබාගත්තේය.
පස්වැනි සහ හයවැනි කඩුලූ වෙනුවෙන් පන්දු 130 කදී ලකුණු 161 ක් එක්කිරීමට දායක වූ ලූක් රොන්ච්, මැද පෙළ පිතිකරු කොලින් මුන්රෝ (70) සමග එක්ව පස්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 85 ක්ද නායක ඇන්ඩෲ එලිස් සමග එක්ව හයවැනි කඩුල්ල වෙනුවෙන් තවත් ලකුණු 76 ක් ද එක් කළේ 42 වැනි ඕවරය වන විට මුලූ ලකුණු  සංඛ්‍යාව 270 සීමාවට ගෙන එමිනි.

ලකුණු 21 ක් ලබා සිටියදී දුන් පහසු උඩපන්දුවක් ෂෝට් එක්ස්ට‍්‍රා කවර්ස් හි සිටි කුසල් ජනිත් පෙරේරාගෙන් ගිළිහී යාමෙන් අනගි ප‍්‍රයෝජන ගත් ලූක් රොන්ච්ගේ ඉනිමට දැවැන්ත හයේ පහර 5 ක් සහ හතරේ පහර 6 ක් ඇතුළත් විය.

ආරම්භයේ සිටම ආක‍්‍රමණශීලී පිතිහරඹයකට පිළිපන් නවසීලන්ත පිතිකරුවෝ ලකුණු සොයා යද්දී කඩුලූ දැවී ගිය නමුත් පසුපස නොබැලූහ. කිසිදු චකිතයකින් තොරවම සිය පහර කරා ගිය ඔව්හු ලකුණු රැස්කිරීමේ වේගය  ඕවරයකට ලකුණු 5 ක් ඉක්මවා තබාගත්තේ පසුව ප‍්‍රහාරය දැඩි කිරීමේ අටියෙනි. සිය සැලැස්ම අකුරටම කි‍්‍රයාත්මක කළ ඔව්හු අවසන්  ඕවර 10 දී ලකුණු 92 ක් උදුරා ගත්හ.

 

ලකුණු පුවරුව

 

(ඡයාරූප: ශාන්ත රත්නායක)


අදහස් (0)

අඳුරේ අවාසිය ශී‍්‍ර ලංකා ‘ඒ’ පිල පිටින් යයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.