Last Update  :  2025-04-21 11:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story අපට අපේ දඟ පන්දුව විශ්වාසයි - තිරිමාන්න

අපට අපේ දඟ පන්දුව විශ්වාසයි - තිරිමාන්න

දිලිනි මල්රුක්ෂි - 2013 සැප් මස 16 {{hitsCtrl.values.hits}} Views 9 Comment
A A A

ශී‍්‍ර ලංකාව සහ ඉන්දියාව අතර පවතින භූගෝලීය සමීපතාව තරමටම කි‍්‍රකට් කී‍්‍රඩාව සම්බන්ධයෙන් දෙරට අතර පවතින මිත‍්‍රත්වයද වැඩිය. ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කී‍්‍රඩකයන් ඉන්දියාවේ තරග කළද ඉන්දීය කී‍්‍රඩකයන් ශී‍්‍ර ලංකාවේ තරග කළද ඔවුන්ට දැනෙනුයේ එය තමන්ගේම ගෙමිදුලේ කරන කී‍්‍රඩාවක් ලෙසිනි.

දෙරටේම කී‍්‍රඩකයන් කි‍්‍රකට් තරග සඳහා ෆෝක් සමුද්‍ර සන්ධියෙන් එහා මෙහා යන වාර ගණන එන්න එන්නම වැඩිවී තිබේ. දෙරටේම තණතීරු මෙන්ම කාලගු-ණික සහ දේශගණික තත්ත්වයන්ට හුරුවීමද කී‍්‍රඩකයන්ට එතරම් විශාල ප‍්‍රශ්නයක්ද නොවේ.

එවන් තත්ත්වයක් යටතේ හෙට (17 වැනිදා) මොහාලි නුවරදී ආරම්භ වන චැම්පියන්ස් ලීග් තරගාවලියද කඳුරට මෙරූන්ස් පිලට තමන්ගේ රටේ පැවැත්වෙන්නක් ලෙසින් දැනුණහොත් එය අරුමයක් නොවේ. එබැවින් මෙවර චැම්පියන්ස් ලීග් තරගාවලිය ආරම්භ වීමටත් පෙර සිටම ශී‍්‍ර ලාංකිකයෝ සාර්ථක තරගාවලියක් පිළිවඳව දැඩි විශ්වාසයෙන් පසුවෙති.

අන්තර්ජාතික කි‍්‍රකට් පිටියේ සාර්ථක දස්කම් පෙන්වමින් කුමාර් සංගක්කාර, අජන්ත මෙන්ඩිස්, රංගන හේරත් සහ නුවන් කුලසේකර වැනි ලෝ පුරා නම රැන්දු කී‍්‍රඩකයෝ සිවුදෙනෙක් කඳුරට පිල සමග සිටිති. ඔවුන් පිරිවරා සිටින්නේ තරුණ කී‍්‍රඩකයන් රොත්තකි.

”අපි තරුණ කණ්ඩායමක් තමයි. ඒත් අපේ කී‍්‍රඩකයන් කිහිපදෙනෙක් ලෝකයේ විශිෂ්ටතම කී‍්‍රඩකයන්. ඒ නිසා අපට හොඳ සංයුතියක් තිබෙනවා” යයි කඳුරට පිලේ නායක ළහිරු තිරිමාන්න ඊයේ (15 වැනිදා) චන්දිගාර් නුවරදී පැවසීය.

”මේ කී‍්‍රඩාංගණ තත්ත්වයන් ශී‍්‍ර ලංකාවේ තියෙන තත්ත්වයන්ටම සමානයි. ඒ නිසා සුදුසුකම් ලැබීමේ තරගාවලියේදී එය අපට ඉතාමත් වාසිදායක තත්ත්වයක්”

”කඳුරට මෙරූන්ස් පිලට මේක විශාල අවස්ථාවක්. අපි ශී‍්‍ර ලංකාවේදීත් මේ තරගාවලිය වෙනුවෙන් ඉතාමත් හොඳින් පුහුණුවීම් කරමිනුයි සිටියේ” යයිද තිරිමාන්න වැඩිදුරටත් පැවසීය.

කණ්ඩායම සමබර යයි පැවසූවද තමන් ද`ග පන්දු යවන්නන් කෙරේ වැඩි බලාපොරොත්තු රඳවා ඇතැයි යන්න පැවසීමට තිරිමාන්න පසුබට වූයේද නැත.

”අජන්ත මෙන්ඩිස් හා රංගන හේරත් වගේ දෙන්නෙක් ඉන්නකොට තවත් මොකට කරදර වෙනවද? ඔවුන් දෙන්නාගේ එක්වීම නිසා මේ තරගාවලියේදී අපට සාර්ථක වෙන්න හොඳ අවස්ථාවක් තියෙනවා”

”වේග පන්දු යවන්නන් අතරේ වුණත් අපට කුලසේකර හා දිල්හාර ලොකුහෙට්ටිගේ ඉන්නවා. කුලසේකර අන්තර්ජාතික කි‍්‍රකට් පිටියේ හොඳ දස්කම් පෙන්වූ අයෙක්...දිල්හාර ලොකුහෙට්ටිගේ පසුගිය ශූරයන්ගේ කුසලාන තරගාවලියෙදි නැවතත් ශී‍්‍ර ලංකා කණ්ඩායමට එක්වුණා”

”අපට හොඳ වේග පන්දු යවන්නන් ඉන්නවා තමා. ඒත් දඟ පන්දුව කෙරේ අපි වැඩි බලාපොරොත්තු තබා සිටිනවා” යයිද තිරිමාන්න පැවසීය.
කෙසේ වෙතත් කුමාර් සංගක්කාර තම කණ්ඩායමේ සිටීම තමන්ට දැවැන්ත වාසියක් බව තිරිමාන්න පිළිගත්තේය. පිතිකරුවකු වශයෙන් සංගක්කාර සතු කුසලතාව පමණක් නොව, අන්තර්ජාතික කි‍්‍රකට් පිටියේ නොමැකෙන සිහිවටන තබමින් ලබාගත් සංගක්කාරගේ විසල් දැනුම සහ අත්දැකීම් සම්භාරයත් විශේෂයෙන්ම සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමට කී‍්‍රඩා කළ සමයේදී ඔහු දැනගත් දේත් මෙම තරගාවලියේදී කඳුරට පිලට එක්වන බව තිරිමාන්න පවසයි.

”සංගා අපේ කණ්ඩායමේ ඉන්න එක නම් ඇත්තටම වරප‍්‍රසාදයක්”

”ඔහු කොයිවගේ කී‍්‍රඩකයෙක්ද කියන්න අපි හැමෝම දන්නවා. ඔහු සන්රයිසස් හයිද්‍රාබාද් පිලට කී‍්‍රඩා කරපු නිසා සන්රයිසස් පිලේ ශක්තීන් වගේම දුර්වලතාත් ඔහු හොඳින් හඳුනනවා”

”මේ වගේ වෙලාවක සන්රයිසස් පිලේ උපක‍්‍රම සහ කී‍්‍රඩකයන් සම්බන්ධ තොරතුරු රැුසක් සංගක්කාරගෙන් අපට ලබාගත හැකියි” යයිද තිරිමාන්න පැවසීය.

චැම්පියන්ස් ලීග් වෙබ් අඩවිය ඇසුරිනි
007


අදහස් (9)

අපට අපේ දඟ පන්දුව විශ්වාසයි - තිරිමාන්න

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.