Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story අපේ ඉලක්කය කුසලාන අවසන් තරගයයි

අපේ ඉලක්කය කුසලාන අවසන් තරගයයි

සංජය එරමුදුගොඩ - 2013 ඔක් මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දියාවේ මුම්බායි නුවර ජිම්කානා කී‍්‍රඩා සමාජ පිටියේදී අද (12) සහ හෙට (13) පැවැත්වෙන ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ තුන්වැනි අදියරේදී කුසලාන තරගාවලියේ අවසන් තරගයට පිවිසීම තම කණ්ඩායමේ අරමුණ බව ශී‍්‍ර ලංකා සත් සාමාජික කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු නිලූෆර් ඊබ‍්‍රහීම් පවසයි.

මේ වන විටත් ආසියානු කලාපයේ සත් සාමාජික රග්බි කණ්ඩායම් අතර තුන්වැනි ස්ථානය (දකුණු කොරියාවද සමගින්) හිමිකරගෙන සිටින ශී‍්‍ර ලංකා කණ්ඩායමට මෙම දෙදින තරගාවලියේදී තියුණු තරගයක් තිබේ. ජපානය ආසියාවේ පළමු ස්ථානය හිමිකරගෙන සිටින අතර හොං කොං කණ්ඩායම දෙවැනි ස්ථානය ලබාගෙන සිටී.

මැලේසියාවේදී පැවැති ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ පළමු අදියරේදීත් තායිලන්තයේදී පැවැති දෙවැනි අදියරේදීත් කුසලාන ශූරතාව දිනාගන්නා ලද්දේ ජපාන කණ්ඩායම විසිනි.

මුම්බායි තරගාවලියේදී ශී‍්‍ර ලංකාව අයත් ‘සී’ කණ්ඩායට තායිලන්තය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයද ඇතුළත් වී තිබේ.

”කණ්ඩායමක් වශයෙන් අපි ඉදිරියට පැමිණ සිිටිනවා. අපට  ඕනෑ කරන්නේ මුම්බායිහිදී කුසලාන තරගාවලියේ අවසන් තරගයට කී‍්‍රඩා කරන්නයි”
”මැලේසියාවේදී අපි අත්කරගත්තේ සිවුවැනි ස්ථානයයි. ඒත් තායිලන්තයේදී අපි තුන්වැනි ස්ථානය දිනාගත්තා. ඒ නිසා මේ තරගාවලියේදී අපට  ඕනෑ කරන්නේ අපි වෙනුවෙන් හොඳ තක්සේරුවක් ලබාගන්නයි” යයිද නිලූෆර් ඊබ‍්‍රහිම් පැවසීය.

”අපේ අරමුණ මේ තරගාවලියෙන් පස්සේ ආසියාවේ දෙවැනි ස්ථානය දිනාගෙන ලබන වසරේ මාර්තු මාසයේදී පැවැත්වෙන හොං කොං සත් සාමාජික තරගාවලියට සුදුසුකම් ලබාගැනීමටයි” යයිද ඊබ‍්‍රහිම් මහතා වැඩිදුරටත් පැවසීය.

ශී‍්‍ර ලංකා නායක ෆාසිල් මරීජා පවසන්නේ මුම්බායි තරගාවලියේදී මෙන්ම සිංගප්පූරුවේදී පැවැත්වෙන සත් සාමාජික තරගාවලියේදීත් කුසලාන අවසන් තරගයට කී‍්‍රඩා කිරීම තමන්ගේ අපේක්‍ෂාව බවයි.

”මැලේසියාවේ කළ තරගාවලියට වඩා තායිලන්තයේදී අප අඩුපාඩු හදාගෙන කණ්ඩායමක් වශයෙන් ඉදිරියට ගියා. මුම්බායි සහ සිංගප්පූරු තරගාවලි දෙක ගැනම හොඳ බලාපොරොත්තුවකින් සිටිනවා” යයිද ෆසිල් මරීජා පැවසීය.

ශී‍්‍ර ලංකා කණ්ඩායම
ෆාසිල් මරීජා (නායක), ප‍්‍රදීප් ලියනගේ, සාලිය කුමාර, දිනූෂ චතුරංග, චුලා සුසන්ත, ජේසන් දිසානායක, සජිත් සාරංග, ශී‍්‍රනාත් සූරියබණ්ඩාර, නයිජල් රත්වත්ත, මිතුන් හපුගොඩ, ෂෙහාන් පතිරණ සහ සඳුන් හේරත්

 


අදහස් (0)

අපේ ඉලක්කය කුසලාන අවසන් තරගයයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.