Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඇඹිලිපිටිය, තුංකම යුද හමුදා ඉංජිනේරු පාසල් භූමියේදී පැවැති හත්වැනි ‘සැපර්ස් 4x4 ජිම්පෝ’ සිවු සක අභියෝග මෝටර් රථ තරගාවලියේ ’අත්‍යන්ත’ අංශයේ (එක්ස්ටී්‍රම්) සමස්ත ශූරතාව දිනාගැනීමට අමල් වික්‍රමාරච්චි සහ ඔහුගේ සහයක රියැදුරු රසික කෞශල්‍ය සමත් වූහ.
තරගාවලිය පුරාම ඔවුන් දෙදෙනාට ඉතා තියුණු තරගයක් දුන් ෆ්‍රැන්සිස් කෝ සහ ඔහුගේ සහයක රියදුරු පියල් සඳකැළුම්, ‘අත්‍යන්ත’ අංශයේ සමස්ත අනුශූරතාව හිමිකරගත් අතර සමිත් සමරසිංහ සහ ඔහුගේ සහයක රියදුරු වෝනර් ඕර්ලෝෆ් ‘අත්‍යන්ත’ අංශයේ තෙවැනි ස්ථානයට පත් වූහ.
‘අත්‍යන්ත’ අංශයේ සමස්ත ශූරතාවට අමතරව සිලින්ඩර ධාරිතාව 3000 ට අඩු මෝටර් රථ කාණ්ඩයේ ශූරතාව දිනාගැනීමටද අමල් වික්‍රමාරච්චි සහ රසික කෞශල්‍ය සමත් වූ අතර සිලින්ඩර ධාරිතාව 3000 ට වැඩි මෝටර් රථ කාණ්ඩයේ ශූරතාව දිනාගන්නා ලද්දේ සමිත් සමරසිංහ සහ වෝනර් ඕර්ලෝෆ් විසිනි.
තරගාවලියේ නවීකරණය කළ සහ නවීකරණය නොකළ 4x4 මෝටර් රථ අංශයේ සමත්ත ශූරතාව දිනාගැනීමට සමත් වූයේ සෙනාල් රත්නායක සහ ඔහුගේ සහයක රියැදුරු ගිනුර රත්නායකයි. යොහාන් හෙට්ටිආරච්චි (රියැදුරු) සහ නුවන් කුමාර (සහයක රියැදුරු) එහි දෙවැනි ස්ථානයටද, සුමින්ද ද සිල්වා (රියැදුරු) සහ සුරලිනී ද සිල්වා (සහයක රියැදුරුවරිය) එහි තෙවැනි ස්ථානයටත් පත් වූහ.
යුද හමුදාවේ ඉංජිනේරු බලකාය, ශ්‍රී ලංකා ‘ෆෝ වීල්’ රියැදුරන්ගේ සංගමය සමග එක්ව සංවිධානය කළ මෙම තරගාවලිය සඳහා දෙස් විදෙස් 4x4 කණ්ඩායම් 18 ක් සහභාගී වූහ.
‘අත්‍යන්ත’ (එක්ස්ට්‍රීම්) අංශයේ තරග ප්‍රතිඵල
සමස්ථ ශූරතාව
1 අමල් වික්‍රමාරච්චි (රියැදුරු) සහ රසික කෞශල්‍ය (සහයක රියැදුරු)
2 ෆ්‍රැන්සිස් කෝ (රියැදුරු) සහ පියල් සඳකැළුම් (සහයක රියැදුරු)
3 සමිත් සමරසිංහ (රියැදුරු) සහ වෝනර් ඕර්ලෝෆ් (සහයක රියැදුරු)
සිලින්ඩර ධාරිතාව 3000 ට වැඩි
1 සමිත් සමරසිංහ (රියැදුරු) සහ වෝනර් ඕර්ලෝෆ් (සහයක රියැදුරු)
2 දමිත් කරුණාතිලක (රියැදුරු) සහ දමිත් දසනායක (සහයක රියැදුරු)
3 ඔලිවර් වොන්ඩ්‍රසෙක් (රියැදුරු) සහ හොන්සා ස්කෝවර් (සහයක රියැදුරු)
සිලින්ඩර ධාරිතාව 3000 ට අඩු
1 අමල් වික්‍රමාරච්චි (රියැදුරු) සහ රසික කෞශල්‍ය (සහයක රියැදුරු)
2 ෆ්‍රැන්සිස් කෝ (රියැදුරු) සහ පියල් සඳකැළුම් (සහයක රියැදුරු)
3 වජිර කුමාර (රියැදුරු) සහ සම්පත් රණසිංහ (සහයක රියැදුරු)
නවීකරණය කළ සහ නවීකරණය නොකළ අංශයේ තරග ප්‍රතිඵල
සමස්ථ ශූරතාව
1 සෙනාල් රත්නායක (රියැදුරු) සහ ගිනුර රත්නායක (සහයක රියැදුරු)
2 යොහාන් හෙට්ටිආරච්චි (රියැදුරු) සහ නුවන් කුමාර (සහයක රියැදුරු)
3 සුමින්ද ද සිල්වා (රියැදුරු) සහ සුරලිනී ද සිල්වා (සහයක රියැදුරුවරිය)
නවීකරණය කළ (මොඩිෆයිඞ්)
1 සෙනාල් රත්නායක (රියැදුරු) සහ ගිනුර රත්නායක (සහයක රියැදුරු)
2 ඇන්ඩී්‍රස් ක්ලාවුස් (රියැදුරු) සහ ලූෂම වික්‍රමසිංහ (සහයක රියැදුරු)
3 ශානුක රණසිංහ (රියැදුරු) සහ එස්. රත්නපාල (සහයක රියැදුරු)
නවීකරණය නොකළ (ස්ටෑන්ඩඩ්)
1 යොහාන් හෙට්ටිආරච්චි (රියැදුරු) සහ නුවන් කුමාර (සහයක රියැදුරු)
2 සුමින්ද ද සිල්වා (රියැදුරු) සහ සුරලිනී ද සිල්වා (සහයක රියැදුරුවරිය)
3 ඉස්මයිල් කාසිම් (රියැදුරු) සහ අෂ්රාෆ් අඩාම් (සහයක රියැදුරු)
(ඡායාරූප - ශානුක අරවින්ද)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.