Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
පාකිස්තානයට එරෙහිව අයර්ලන්තයේ මලයිඞ් නුවරදී හෙට (11 වැනිදා) ආරම්භවන මංගල ටෙස්ට් ක්‍රිකට් තරගය සඳහා අවසන් 11 දෙනා තෝරාගැනීමේදී ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් කෙරෙහි වැඩි සැළකිල්ලක් දැක්වීමට බලාපොරොත්තු වන බව අයර්ලන්ත කණ්ඩායමේ නායක විලියම් පොටර්ෆීල්ඞ් පවසයි.
අයර්ලන්තය සහ ඇෆ්ගනිස්තානය ඉකුත් ජූනි මාසයේදී ටෙස්ට් වරම් හිමිකරගත්තද තරගයකට සහභාගි වීම සඳහා ඔවුන්ට මාස 11 කට ආසන්න කාලයක් බලා සිටීමට සිදුවිය. 2000 වසරේදී බංග්ලාදේශය ටෙස්ට් වරම් දිනාගත් අතර අයර්ලන්තයට සහ ඇෆ්ගනිස්තානයට ටෙස්ට් වරම් හිමිවූයේ ඉන් වසර 18 ගත වීමෙන් අනතුරුවය.
“අයර්ලන්තයේ ක්‍රිකට් ක්‍රීඩාව වටා එක්ව සිටින සියලුම දෙනාට මෙය ඉතා වටිනා අවස්ථාවක්. තරගයට සහභාගිවන ක්‍රීඩකයන් 11 දෙනාට පමණක් නෙමෙයි, ඔවුන්ගේ පවුල්වල අයටත් මෙය අමතක නොවන අවස්ථාවක් වේවි.... ටෙස්ට් වරම් හිමිකර ගැනීම කරා පැමිණි ගමනේදී අපට නොයෙක් අයුරින් සහයෝගය සුන් සියලුම දෙනාට මම මේ අවස්ථාවේදී ප්‍රණාමය පුද කර සිටිනවා.” යැයි විලියම් පෝටර්ෆීල්ඞ් පැවසීය.
“අයර්ලන්තයට ටෙස්ට් වරම් දිනාදීම සඳහා ඇප කැප වුණ ක්‍රීඩකයන් රැසක් ඉන්නවා. ඒ අය අතරින් සමහරු දැන් ක්‍රීඩාවෙන් ඉවත් වෙලා. නමුත් අපිට මේ තත්වයට එන්න ඒ අය දක්වපු සහයෝගය අපි හැමදාටම මතක තියාගන්න ඕනේ.” යැයි අයර්ලන්ත ටෙස්ට් සංචිතයේ සිටින වයස්ගතම ක්‍රීඩකයා වන එඞ් ජෝයිස් පැවසීය.
වැඩිදුරටත් අදහස් දැක්වූ 39 හැවිරිදි ජෝයිස් කියා සිටියේ තමා සිටින්නේ කණ්ඩායමේ 14 වැනියා ලෙස බවත්, අවසන් මොහොතේ හෝ තරගයට සහභාගිවන ක්‍රීඩකයන් 11 දෙනා අතරට එක්වීමට හැකි වේවි යැයි තමා බලාපොරොත්තුවෙන් සිටින බවත්ය.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පාකිස්තාන ටෙස්ට් කණ්ඩායමේ නායක සර්ෆරාස් අහමඞ් කියා සිටියේ මෙවන් ඓතිහාසික ටෙස්ට් තරගයකට සහභාගි වීමට හැකිවීම සම්බන්ධයෙන් තමා ඇතුළු කණ්ඩායම මහත් සතුටට පත්වන බවයි. එහිදී ඔහු මෙසේද පැවසීය.
“මේ වෙනකොට අයර්ලන්ත ක්‍රීඩකයන් එක්දින සහ විස්සයි20 ශ්‍රේණිගත කිරීම්වල ඉහළට ඇවිල්ලා තියෙනවා. මම හිතනවා වැඩි කාලයක් යන්න කලින් ඔවුන්ට ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වලත් ඉහළට එන්න පුලුවන් වේවි කියලා.” යයිද පාකිස්තාන ටෙස්ට් නායක සර්ෆරාස් අහමඞ් පැවසීය.
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.