Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story අයර්ලන්තය ඉතාලිය සෙල්ලමකට ගනී

අයර්ලන්තය ඉතාලිය සෙල්ලමකට ගනී

Nisanka Sandeepani - 2018 පෙබ මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

උත්සාහක දිනුම් 8 ක්ම තබා ප්‍රසාද ලකුණකට ද හිමිකම් කියමින් ඉතාලියට එරෙහිව ලකුණු 56-19 ක ජයක් වාර්තා කළ අයර්ලන්තය සය කොන් රග්බි ශූරතාවලියේ පිට පිට දෙවැනි ජයග්‍රහණයත් අත්කර ගැනීමට සමත්විය. 

අවසන් මොහොතේ ජොනී සෙක්ස්ටන්ගේ විස්මිත ඩ්‍රොප් ගෝලයට පින්සිදු වන්නට මීට සතියකට කළින් ප්‍රංශයේදී සිය පළමු ජයග්‍රහණය ලැබූ අයර්ලන්තය විසින් ඉතාලිය එහෙම පිටින්ම බිමට සමතලා කරන ලදි. 

මීට කළින් ඉතාලිය මුණ ගැසුණු අවස්ථා දෙකේදීම උත්සාහක දිනුම් 9 බැගින් තැබීමට සමත්වූ සය කොන් රග්බි තරග බිමේ පළපුරුදු කණ්ඩායමක් වන අයර්ලන්තය තරගය පුරාම පන්දුව තමන් අත රඳවා තබා ගත්තේ ඉතාලිය සෙල්ලමකට ගනිමිනි. 

ඔවුන්ගේ උත්සාහක දිනුම් වැස්සෙන් පීඩාවට පත්වූ ඉතාලිය අවසන් භාගයේදී කල්පනා කළේ ජයග්‍රහණය වෙනුවෙන් සටන් කිරීමට නොව මේ උත්සාහක දිනුම් වර්ෂාවට නොතෙමී ඉන්නටය. අයර්ලන්තය එක් අවස්ථාවක මිනිත්තු 20ක් ඇතුළත උත්සාහක දිනුම් තුනක්ම තැබුවේ ඉතා පහසුවෙනි. 

රොබී හෙන්ෂෝ 11 වැනි සහ 44 වැනි මිනිත්තුවලදී උත්සාහක දිනුම් දෙකක්ම තැබීමට සමත්වූ අතර කොනෝර් මරේ 14 වැනි මිනිත්තුවේදිත්, බුන්ඩි අකි 21 වැනි මිනිත්තුවේදීත් උත්සාහක දිනුම් තැබීමට සමත්වූහ. 35 වැනි මිනිත්තුවේදී කීත් අර්ල්ස් උත්සාහක දිනුමක් තැබීමෙන් පසුව ඉතිරිය අතට ගත් රෝරි බෙස්ට් 53 වැනි මිනිත්තුවේදි කදිම උත්සාහක දිනුමක් තැබුවේය. 60 වැනි සහ 70 වැනි මිනිත්තුවලදී උත්සාහක දිනුම් දෙකක්ම තැබූ ජේකොබ් ස්ටොක්ඬේල් ඔහුගේ දස්කම් උරගා බැලුවේය. 

ඉතාලිය වෙනුවෙන් නොසෑහෙන්න සටනක් කළ ඔවුන්ගේ ප්‍රබලතම ක්‍රීඩක ටොමාසෝ ඇලන් 56 වැනි මිනිත්තුවේදී සිය කණ්ඩායමේ පළමු උත්සාහක දිනුමට හිමිකම් කී අතර 66 වැනි මිනිත්තුවේදී එඩොරාඩෝ ගෝරි සහ 75 වැනි මිනිත්තුවේදවී මැටියෝ මිනෝසි තැබූ උත්සාහක දිනුමත් කණ්ඩායම පරාජයට පත්වූවත් අපකීර්තියෙන් මුදවා ගත්හ. 

මෙම පරාජය සයකොන් රග්බි තරග ඉතිහාසයේදී පිට පිටම ඉතාලියට 14 වැනි පරාජයයි. 

 

- 077


අදහස් (0)

අයර්ලන්තය ඉතාලිය සෙල්ලමකට ගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.