Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ අයර්ලන්ත කාන්තා කණ්ඩායම අතර ඩබ්ලින් නුවරදී පැවැති දෙවැනි විස්සයි-20 ජාත්‍යන්තර තරගයෙන් ලකුණු 8 ක ජයක් වාර්තා කළ අයර්ලන්ත ක්‍රීඩිකාවෝ, දෙරට අතර පැවැති තරග 2 කින් සමන්විත විස්සයි-20 තරගාවලිය 1-1 ක් ලෙස සම තත්වයට පත් කිරීමට සමත් වූහ.
ජයග්‍රහණය කරා ලකුණු 174 ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ඕවර 20 ක් අවසානයේ කඩුලු 7 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 166 ක් පමණි. ශ්‍රී ලංකා ඉනිම නිමාවන තෙක්ම කඩුල්ලේ රැදී සිටි කවීෂා දිල්හාරි පන්දු 48 කදී හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමග නොදැවී ලකුණු 51 ක් රැස්කළාය.
හර්ෂිතා සමරවික්‍රම (65) සමග එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 49 කදී ලකුණු 72 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද කවීෂා සමත් වුවාය. එහෙත් හර්ෂිතාගේ දැවී යෑමෙන් අනතුරුව සහායට කිසිවකු නොසිටීම හේතුවෙන් කවීෂාට සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යෑමට නොහැකි වූවාය.
එහිදී පිට පිටම සිය දෙවැනි විස්සයි-20 අර්ධ ශතකය ලබාගත් හර්ෂිතා පන්දු 44 කදී වාර්තා වූ සිය ඉනිම හයේ පහර 3 කින් සහ හතරේ පහර 9 කින් සැරසුවාය. හසිනි පෙරේරා සහ නිලක්ෂි ද සිල්වා ලකුණු 10 බැගින් ලබා සිටියදී දැවී ගිය අතර නායිකා අනුෂ්කා සංජීවනීට ලබාගත හැකි වූයේ ලකුණු 8 ක් පමණි.
කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් අයර්ලන්ත ක්‍රීඩිකාවෝ ඕවර 20 අවසානයේ කඩුලු 3 ක් දැවී ලකුණු 173 ක් ලබාගත් අතර එහිදී විශිෂ්ඨ පිතිහරඹයක නිරත වූ ආරම්භක පිතිකාරිණී ගැබී ලෙවිස් පන්දු 75 කින් ලකුණු 119 ක් රැස්කළේ හයේ පහර 2 ක් සහ හතරේ පහර 17 ක් සමගිනි.
සෙසු ආරම්භක පිතිකාරිණිය වූ ඇමී හන්ටර් ලකුණු 9 කට දැවී යද්දී, ඔර්ලා ප්‍රෙන්ඩර්ගාස්ට් (38) සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 80 කදී ලකුණු 119 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද ගැබී සමත් වූවාය. පන්දු 31 කට මුහුණදුන් ඔර්ලාගේ ඉනිමට හතරේ පහර 4 ක් ඇතුළත් විය.
අයර්ලන්ත කාන්තා පිල - ඕර 20 කදී කඩුලු 3 කට 173
(ගැබී ලෙවිස් 119, ඔර්ලා ප්‍රෙන්ඩර්ගාස්ට් 38)
ශ්‍රී ලංකා කාන්තා පිල - ඕවර 20 කදී කඩුලු 7 කට 166
(හර්ෂිතා සමරවික්‍රම 65, කවීෂා දිල්හාරි නොදැවී 51, ෆ්‍රෙයා සර්ජන්ට් 36/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.