Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story අයැදුම්පත් බාරගැනීම 22දා අවසන්

අයැදුම්පත් බාරගැනීම 22දා අවසන්

සංජය එරමුදුගොඩ - 2016 ජුලි මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


ශූරයාට රුපියල් මිලියනයක මුදල් ත්‍යාගයක් පිරිනැමෙන ‘එස්.එල්.ටී. ස්පීඞ් අප් ’ විවෘත රේසිං පාපැදි සවාරියේ අයැදුම්පත් බාර ගැනීම අනිද්දා (22) අවසන්වේ.

 මෙතෙක් ශ්‍රී ලංකා පාපැදි තරගයකදී ශූරයාට හෝ ශූරියට පිරිනැමෙන විශාලතම මුදල් ත්‍යාගය පිරිනැමෙන මෙන්ම වර්තමානයේ මෙරට ක්‍රියාත්මක පාපැදි සවාරි අතරින් වැඩිම දින ගණනක් (දින පහක්) පැවැත්වෙන තරගයද මෙය වේ.

කෙසේ වෙතත් ඊයේ දිනය වන විට ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයට අයැදුම්පත් ලැබී ඇත්තේ 35 ක් පමණි. ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ ලේකම් ගෲප් කපිතාන් කිත්සිරි ලීලාරත්න මහතා පැවසුවේ අදත් හෙටත් අතර අයැදුම්පත් යොමු කිරීමට තරගකරුවන් උනන්දුවක් දක්වනු ඇතියි විශ්වාස කරන බවයි.

“අයැදුම්පත් සංඛ්‍යාවේ අඩු බවක් පෙන්නුම් කළත් අපි අත්දැකීමෙන් දන්නා දෙයක් අවසන් මොහොතේ පාපැදි ක්‍රීඩා සමාජ අයැදුම්පත් යොමු කිරීමට පෙළඹෙන්නේ. හෙට පස්වරු 12 දක්වා ක්‍රීඩා සමාජ වලට විවෘත වෙලා තිබෙනවා අයැදුම්පත් යොමු කරන්න යැයි ” ලීලාරත්න මහතා පැවසීය.

ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ පුර්ණ අනුග්‍රහයෙන් මේ මස 27 වැනිදා පෙරවරු 8.30 ට කොළඹින් ඇරැඹෙන මෙම පාපැදි සවාරිය ජුලි 31 වැනිදා මඩකලපුව නගරයෙන් අවසන් වීමට නියමිතය. ශ්‍රී ලංකා පාපැදි සම්මේලනය විසින් තරගාවලිය මෙහෙයවනු ලබයි.

ශූරයාට පිරිනැමෙන මිලියනයක මුදල් ත්‍යාගයට අමතරව සමස්ත තරගයේ ජයග්‍රහී තරගකරුවන් සඳහා ලක්ෂ 30 ක පමණ මුදලක් ත්‍යාග ලෙස ලබා දීමට ද අනුග්‍රාහක ටෙලිකොම් සමාගම කටයුතු යොදා තිබේ. මෙම පාපැදි සවාරියේ මු`ඵ දුර ප්‍රමාණය කිලෝමීටර 780.5 කි.

පිරිමි පාපැදි තරගයට සමගාමීව පැවැත්වෙන කාන්තා තරගය කොළඹ සිට අම්බලන්ගොඩ නගරය දක්වා කිලෝමීටර 80 ක දුරකින් පැවැත්වීමට නියමිතය. කාන්තා තරගය මේ මස 27 වැනිදා කොළඹින් ඇරැඹී අම්බලන්ගොඩ නගරයෙන් අවසන් කෙරේ.

කාන්තා තරගයට ක්‍රීඩිකාවන් අට දෙනකු අයැදුම්පත් යොමු කර ඇති බවත්, ඔවුන්ට ද අයැදුම්පත් යොමු කළ හැක්කේ හෙට (22) පස්වරු 12.00 දක්වා බවත් ලීලාරත්න මහතා පවසයි. කාන්තා තරගය සඳහා ඉදිරිපත් වන ක්‍රීඩිකාවන්ට පෞද්ගලිකවම අයැදුම්පත් ඉදිරිපත් කළ හැකි අතර පිරිමි තරගයේ අයැදුම්පත් ක්‍රීඩකයන් නියෝජනය කරන ක්‍රීඩා සමාජය මඟින් යොමු කළ යුතුය.

ශ්‍රී ලංකා පාපැදි සම්මේලනය, පැරැණි ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව, නො: 33, ටොරින්ටන් පෙදෙස, කොළඹ 07 ලිපිනයට අයැදුම්පත් යොමු කළ යුතුය.

 


අදහස් (0)

අයැදුම්පත් බාරගැනීම 22දා අවසන්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.