Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
‘ගනර් සුපර්ක්‍රොස්’ තරගාවලි ඉතිහාසයේ පිට පිටම සිවුවරක් දක්ෂතම මෝටර් රථ රියැදුරා බවට පත්ව සිටින ප්‍රවීන ක්‍රීඩක අරවින්ද ප්‍රේමදාස තවදුරටත් සිය අභිමානය රැක ගැනීමේ අරමුණින්ද, ඉකුත් වසරේ (2015) පැවැති තරගාවලියේ දක්ෂතම යතුරුපැදිකරුවා බවට පත්වූ ඉෂාන් දසනායක සිය ජයග්‍රහණ පෙළ තවත් දිගු කර ගැනීමේ බලාපොරොත්තුවෙන්ද අනිද්දා (10 වැනිදා) දිනයේදී මින්නේරිය, කාලතුවක්කු හමුදා ධාවන පථයට පිවිසෙති.
ගෙවී ගිය වසර කිහිපයේදී සෙසු තරගාවලි වලදි වැඩි සාර්ථකත්වයක් නොපෙන්වුවද, 2012 වසරේ සිට 2015 වසර දක්වා පැවැති ‘ගනර් සුපර්ක්‍රොස්’ තරගාවලි වලදී ධාවන පථය පුරා සිය අණසක පතුරවමින් පිට පිටම සිවුවරක් දක්ෂතම මෝටර් රථ රියැදුරා බවට පත්වීමට අරවින්ද ප්‍රේමදාස සමත් වී තිබේ.
කෙසේ වුවත් මේ වසර ආරම්භයේ දක්ෂතම මෝටර් රථ රියැදුරා බවට පත්වීම සඳහා උෂාන් පෙරේරා සහ පසිඳු පීරිස් අතර හටගෙන ඇති ද්වන්ද සටන තරගාවලියෙන් තරගාවලියට තව තවත් උග්‍ර වීම නිසා මෙවර ‘ගනර් සුපර්ක්‍රොස්’ තරගාවලියේදී දක්ෂතම මෝටර් රථ රියැදුරාගේ කිරුළ රැකගැනීම සඳහා අරවින්දට දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදුවනු ඇත.
මේ වසරේ සියැට් - ස්ලාඩා ශූරතාවලියේ පළමු මෝටර් රථ තරගාවලිය වූ ‘කටුකුරුන්ද රොදර්හැම්’ තරගාවලියේ දක්ෂතම මෝටර් රථ රියැදුරා ලෙස පසිඳු පීරිස් සම්මාන දිනාගත් අතර දෙවැනි තරගාවලිය වූ ‘නරියාකන්ද සුපර්ක්‍රොස්’ තරගාවලියේ සහ තෙවැනි තරගාවලිය වූ ‘සීගිරිය රැළික්‍රොස්’ තරගාවලියේ දක්ෂතම මෝටර් රථ රියැදුරා ලෙස උෂාන් පෙරේරා සම්මාන දිනාගත්තේය.
|
එසේ වුවත් එම තරගාවලි ත්‍රිත්වයේදී ඔවුන් දෙදෙනා ලබා සිටින ලකුණු සංඛ්‍යාවන්ට අනුව පසිඳු පීරිස් (52), උෂාන් පෙරේරාට (51) වඩා එක් ලකුණක් ඉදිරියෙන් සිටියි. ඒ අනුව ශූරතාවලියේ සිවුවැනි තරගාවලිය ලෙස පැවැත්වෙන ‘ගනර් සුපර්ක්‍රොස්’ තරගාවලියේදී පසිඳු සහ උෂාන් අතර ඉතා තියුණු තරගයක් දැකගත හැකිවනු ඇත.
පස්වැනි වරටත් ‘ගනර් සුපර්ක්‍රොස්’ තරගාවලියේ දක්ෂතම මෝටර් රථ රියැදුරා බවට පත්වීම සඳහා තරග වැදීමේදී අරවින්ද ප්‍රේමදාසට පසිඳුගෙන් සහ උෂාන්ගෙන් හැරුණුකොට ජනක ඩයස්, ඉෂ්රාක් වහබ්, කෞෂාල් සමරසිංහ සහ ඩිලාන් සෙනෙවිරත්න වැනි ක්‍රීඩකයන්ගෙන් එල්ල වන අභියෝගයද සුළුපටු ලෙස සැළකිය නොහැකිය.
මෙම තරගාවලියේ ඉකුත් වසරේ (2015) දක්ෂතම යතුරුපැදිකරුවා බවට පත්වූ ඉෂාන් දසනායකට අභියෝග කිරීම සඳහා මෙවර ජැක් ගුණවර්ධන, ගයාන් සඳරුවන්, සමීර ප්‍රේමරත්න සහ ඉවෝන් බී. ගුණසිංහ වැනි තරගකරුවෝ සූදානමින් සිටිති.
පාදයේ ආබාදයක් හේතුවෙන් ‘සීගිරිය රැළික්‍රොස්’ තරගාවලියට සහභාගි නොවූ ඉෂාන්ගේ ප්‍රබලම ප්‍රතිවාදියා වන ෂෙහාන් සී. අධිකාරි, මෙම තරගාවලියේදී නැවතත් තරග බිමට අවතීර්ණ වීමට සූදානමින් සිටීමද ඉෂාන්ට හිසරදයක් වනු නොඅනුමානය. ෂෙහාන් සී. අධිකාරි, 2014 වසරේ පැවැති ‘ගනර් සුපර්ක්‍රොස්’ තරගාවලියේ දක්ෂතම යතුරුපැදිකරුවා බවට පත් වූ බැවින් මෙවර තරගාවලියේදී 2015 වසරේ ශූරයා (ඉෂාන්) සහ 2014 වසරේ ශූරයා (ෂෙහාන්) අතර ඉතා තියුණු තරගයක් බලාපොරොත්තු විය හැකිය.
සියැට් - ස්ලාඩා ශූරතාවලියේ මෙතෙක් පැවැති යතුරුපැදි තරගාවලි දෙකේදීම (නරියාකන්ද සුපර්ක්‍රොස් සහ සීගිරිය රැළික්‍රොස්) දක්ෂතම යතුරුපැදිකරුවා බවට සිටින ඉෂාන් දසනායක, ඉන් පසුව පැවැති සියැට් - ස්ලාඩා ශූරතාවලියට අයත් නොවන ‘කැවල්රි සුපර්ක්‍රොස්’ සහ ‘විජයබාහු මොටෝක්‍රොස්’ යන තරගාවලි වලදීද දක්ෂතම යතුරුපැදිකරුවා බවට පත් විය. එබැවින් මෙම තරගාවලියේදී දක්ෂතම යතුරුපැදිකරුවා බවට පත්වීමට ඉෂාන්ට හැකි වුවහොත් එය ඔහු මේ වසරේදී පිට පිටම අත්කරගන්නා 5 වැනි දක්ෂතම යතුරුපැදි ශූරතාව වනු ඇත.
දක්ෂතම මෝටර් රථ රියදුරා තොරාගනු ලබන ඉසව්ව වන එස්. එල්. ජී. ටී. කාණ්ඩයේ (සිලින්ඩර ධාරිතාව 3500 දක්වා) මෝටර් රථ තරග 2 සහ දක්ෂතම යතුරුපැදි ධාවකයා තෝරාගනු ලබන ඉසව්ව වන එම්. එක්ස්. කාණ්ඩයේ (සිලින්ඩර ධාරිතාව 125 සිට 250 දක්වා) යතුරුපැදි තරග 2 ද සමගින් ඉසව් 22 ක් මෙවර තරගාවලියට ඇතුළත් වේ.
දිවයිනේ සිටින ප්‍රමුඛ පෙළේ මෝටර් රථ රියැදුරන් සහ යතුරුපැදිකරුවන් ඇතුළු 120 කට අධික තරගකරුවන් සංඛ්‍යාවක් මෙම තරගාවලිය සඳහා සහභාගී වීමට නියමිත අතර ටී. වී. එස්. කණ්ඩායම නියෝජනය කරමින් ඉන්දීය යතුරුපැදි ධාවකයන් දෙදෙනක්ද ඊට ඇතුළත්ව සිටිති.
ශ්‍රී ලංකා යුද හමුදාවේ කාලතුවක්කු රෙජිමේන්තුව, ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා රියැදුරන්ගේ සංගමය (ස්ලාඩා) සමග එක්ව 12 වැනි වරටත් සංවිධානය කරන මෙම තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස සිංගර් සමාගම කටයුතු කරන අතර සියැට්, බ්‍රවුන්ස්, අලියා සිසිල් බීම සහ කොමර්ෂල් ක්‍රෙඩිට් යන සමාගම් සම අනුග්‍රහකයන් ලෙස කටයුතු කරයි.
විජය පුවත්පත් සමාගමේ මුද්‍රිත මාධ්‍ය අනුග්‍රහයෙන් පැවැත්වෙන මෙම තරගාවලිය හෙට (10 වැනිදා) පෙරවරු 9.00 සිට මින්නේරිය, කාලතුවක්කු හමුදා පරිශ්‍රය තුළ පිහිටි ධාවන පථයේදී පැවැත්වේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.