Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story අවසන් එක්දින තරගයේ ජයත් ඉන්දියාවට

අවසන් එක්දින තරගයේ ජයත් ඉන්දියාවට

ශනුක අරවින්ද - 2018 නොවැ මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව තිරුවනන්තපුරම්හි ග්‍රීන් ෆීල්ඞ් ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (1 වැනිදා) පැවැති පස්වැනි එක්දින ජාත්‍යන්තර තරගයෙන් කඩුලු 9 ක පහසු ජයක් ලබාගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් විය. එම ජයත් සමග දෙරට අතර පැවැති තරග 5 කින් සමන්විත එක්දින තරගාවලිය 4-0 ක් ලෙස ජය ගැනීමටද ඉන්දීයාවට හැකි විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 105 ඉලක්කයක් හඹාගිය ඉන්දීය ක්‍රීඩකයෝ ඕවර 14.5 ක් අවසානයේ කඩුල්ලක් පමණක් දැවී පහසුවෙන්ම එම ඉලක්යක සපුරා ගත්හ. රෝහිත් ශර්මා (නොදැවී 63) සහ විරාට් කෝලි (නොදැවී 33) එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 78 කදී ලකුණු 99 ක නොබිඳුණ සම්බන්ධතාවක් ගොඩනගමින් ඉන්දීය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියහ. පන්දු 56 කදී වාර්තා වූ ශර්මාගේ අර්ධ ශතකයට හයේ පහර 4 ක් සහ හතරේ පහර 5 ක් ඇතුළත් වූ අතර පන්දු 29 කදී වාර්තා වූ කෝලිගේ ඉනිම හතරේ පහර 6 කින් සමන්විත විය.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ඕවර 31.5 ක් අවසානයේ ලකුණු 104 කට සීමා කිරීමට රවින්ද්‍ර ජදේජා ප්‍රමුඛ ඉන්දීය පන්දු යවන්නෝ සමත් වූහ. එහිදී දක්ෂ පන්දු යැවීමක නිතර වූ ජදේජා ලකුණු 34 කට කඩුලු 4 ක් බිඳහෙළමින් කොදෙව් ඉනිම අඩපණ කළේය. ජස්ප්‍රීට් බුම්රා සහ කලීල් අහමඞ් කඩුලු 2 බැගින් දවාගනිමින් කොදෙව් ඉනිම අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කිරීම සඳහා ජදේජාට අනගි සහායක් දුන්හ.

පිතිකරුවන් 7 දෙනෙක්ම ලකුණු 10 සීමාව ඉක්මවා යෑමටත් මත්තෙන් දැවීයෑම කොදෙව් කණ්ඩායමට විශාල පාඩුවක් විය. කොදෙව් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ නායක ජේසන් හෝලඩර් පන්දු 33 කදී හතරේ පහර 2 ක් සමග ලකුණු 25 ක් රැස්කළේය. මාලන් සැමුවෙල්ස් පන්දු 38 කදී ලකුණු 24 ක් රැස්කළේ හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමගිනි.

බටහිර ඉන්දීය කොදෙව් පිල - ඕවර 31.5 කදී සියලු දෙනා දැවී 104
(රොමන් පවෙල් 16, මාලන් සැමුවෙල්ස් 24, ජේසන් හෝල්ඩර් 25, රවින්ද්‍ර ජදේජා 34/4, ජස්ප්‍රීට් බුම්රා 11/2, කලීල් අහමඞ් 29/2)

ඉන්දීය පිල - ඕවර 14.5 කදී කඩුල්ලක් දැවී 105
(රෝහිත් ශර්මා නොදැවී 63, විරාට් කෝලි නොදැවී 33)

-036


අදහස් (0)

අවසන් එක්දින තරගයේ ජයත් ඉන්දියාවට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.