Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අවසන් ඕවරයේදී ආරක්‍ෂා කරගත යුතුව තිබූ ලකුණු 7 කදිමට රැකගත් ඬේල් ස්ටේන් බංග්ලාදේශයේ චිතගොන් නුවරදී අද (24 වැනිදා) පැවැති විස්සයි:20 ලෝක කුසලාන තරගයේදී නවසීලන්තයට එරෙහිව ලකුණු 2 ක සියුම් ජයක් කරා දකුණු අපි‍්‍රකානු පිල කැඳවාගෙන ගියේය.
අවසන් ඕවරයේ පළමු පන්දුවෙන් ලූක් රොන්කි දවාගත් ස්ටේන්ගේ පන්දුවක් හතරේ සීමාවට යැවූ නේදන් මැකලම් පන්දු 2 කින් ලකුණු 3 ක් කරා තත්ත්වය වෙනස් කළ නමුත් ඊළග පන්දුවේදී දැවී ගියේය. අවසන් පන්දුවට මුහුණ දුන් රොස් ටේලර්ද දුවද්දී දැවී යාම හේතුවෙන් තරගය ජයගත් දකුණු අපි‍්‍රකානුවෝ පළමු කාණ්ඩයේ තත්ත්වය වඩාත් තරගකාරී මට්ටමකට ගෙන ආහ.
අවසන් ඕවරය ආරම්භ වන විට කඩුලූ 5 ක් අතැතිව සිටි නවසීලන්ත පිතිකරුවන් ස්ටේන් හමුවේ ලකුණු 4 ක් පමණක් ලබාගනිද්දී ඔවුන්ගෙන් තිදෙනෙක්ම ආපසු කී‍්‍රඩාගාරයට ගියහ. ස්ටේන්ගේ අවසන් ඕවරයේ පන්දු හය, කඩුලූ 3 ක්, නිලකුණු පන්දු 2 ක් සහ හතරේ පහරක් වශයෙන් සටහන් විය.
නවසීලන්ත පිතිකරුවෝ 10 වැනි ඕවරය අවසන් වන විට කඩුලූ 2 ක් දැවී ලකුණු 77 ක් රැුස්කරමින් තමන්ගේ අපේක්‍ෂිත ලකුණු සීමාවට පැමිණ සිටියහ. ඒ වන විටත් නවසීලන්ත කණ්ඩායම සතුව කඩුලූ 8 ක් ඉතිරිව පැවැති අතර ඉතිරි පන්දු 60 න් අවශ්‍ය වූයේ ලකුණු 94 ක් වුවද ඔවුනට ලබාගත හැකිවූයේ ලකුණු 91 ක් පමණි.
නවසීලන්තය වෙනුවෙන් සටන්කාමී පිතිහරඹයක නිරත වූ රොස් ටේලර් හයේ පහර 3 ක් සහ හතරේ පහර 4 ක් සහිතව පන්දු 37 ක් ලකුණු 62 ක්ද කේන් විලියම්සන් පන්දු 35 කින් ලකුණු 52 ක්ද ලබාගත් නමුත් ඒ දෙදෙනාගේම උත්සාහයන් වතුරේ ගියේය.
හතරේ පහර 10 ක් සහ හයේ පහර 3 ක් සහිතව, පන්දු 43 කදී ලකුණු 86 ක් ලබාගත් ජේ. පී. ඩුමිනි, නවසීලන්ත පන්දු යවන්නන් හමුවේ අසරණව සිටි දකුණු අපි‍්‍රකානු පිල ගොඩගනිමින් නියමිත ඕවර 20 අවසානයේදී කඩුලූ 6 කට ලකුණු 170 ක් කරා තම පිල කැඳවාගෙන ගියේය.
නවසීලන්ත පන්දු යවන්නන් තරගය 10 වැනි ඕවරය අවසන් වන විට දකුණු අපි‍්‍රකානු පිලේ ලකුණු සංඛ්‍යාව 61 කට සීමා කරමින් ඔවුන්ගේ ප‍්‍රබලතම කඩුලූ 3 ක් ද බිම හෙළා තිබිණ. එහෙත් අවසන් ඕවර 10 දී නවසීලන්ත පන්දු යවන්නන්ගෙන් ලකුණු 109 ක් උදුරාගත් දකුණු අපි‍්‍රකානු පිතිකරුවෝ සටනක් දිය හැකි ලකුණු සංඛ්‍යාවක් කරා තම පිල කැඳවාගෙන ගියහ.
හසිම් අම්ලා දැවී ගියේ අමුතුම ආකාරයකිනි. කෝරි ඇන්ඩසන් යැවූ පන්දුවකට අම්ලා ඉතාමත් වේගයෙන් ගැසූ පහරින් ඇදී ගිය පන්දුව, පන්දු යවන්නාගේ අන්තයේ සිටි ජේ. පී. ඩුමිනිගේ පිත්තේ දාරයේ වැදී ඉහළ ගියේය. අම්ලා සහ ඩුමිනි ලකුණක් කරා දිවගියද ඩුමිනි ආපසු හැරී බලන විට පන්දු යැවූ කෝරි ඇන්ඩසන් උඩපන්දුව රැකගෙන තිබිණ. පන්දු 40 කට මුහුණ දුන් හසිම් අම්ලා ලකුණු 41 කට දැවී යන විට හතරේ පහර 2 ක් සිය ඉනිමට එක්කර තිබිණ.
නවසීලන්ත පිල මෙම තරගය සඳහා තමන්ගේ කණ්ඩායමේ වෙනසක් කර නැති නමුත් දකුණු අපි‍්‍රකානු පිල වෙනුවෙන් නිත්‍ය නායක ෆෆ් ඩු ප්ලෙසී කී‍්‍රඩා කරයි.
ඩුප්ලෙසිට දොරටුව විවිර කිරීම සඳහා ෆර්හාන් බෙහාර්ඞීන් අද තරගය සඳහා කී‍්‍රඩා නොකරයි
දකුණු අපි‍්‍රකාව - ඕවර 20 කදී කඩුලූ 6 ට 170
(හසිම් අම්ලා 41, ෆෆ් ඩු ප්ලෙසි 13, ජේ. පී. ඩුමිනි 86, ඇල්බි මෝකල් 13, ටිම් සවුති 46/2, කෝරි ඇන්ඩසන් 28/2)
නවසීලන්තය - ඕවර 20 කදී කඩුලූ 8 ට 168
(මාටින් ගප්ටිල් 22, කේන් විලියම්සන් 51, රොස් ටේලර් 62, ඬේල් ස්ටේන් 17/4, ඉම්රාන් තහීර් 27/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.