Last Update  :  2025-01-15 20:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story අවසන් ප්‍රහාරාත්මක ඕවර දෙකෙන් තරගයක් කණපිට හරවන්න පුළුවන්
එල්.පී.එල්. - 2024

අවසන් ප්‍රහාරාත්මක ඕවර දෙකෙන් තරගයක් කණපිට හරවන්න පුළුවන්

editorial - 2024 ජුලි මස 12 {{hitsCtrl.values.hits}} Views 2 Comment
A A A

(ශානුක අරවින්ද) 

මෙවර ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා අලුතින් හඳුන්වා දුන් අංගයක් වන ඉනිම අග්ගිස්සේ ප්‍රහාරාත්මක ඕවර දෙකේදී ඕනෑම කණ්ඩායමකට තරගයක් කණපිට හැරවීමට පවා අවස්ථාව ඇතැයි ජැෆ්නා කිංග්ස් කණ්ඩායමේ නායක චරිත් අසලංක පවසයි. එල්.පී.එල්. තරගාවලියේ කොළඹ පැවැත්වෙන තරග ආරම්භ කිරීමට පෙරාතුව පැවැති මාධ්‍ය හමුවේදී ඔහු ඒ බව කියා සිටියේය. 

එල්.පී.එල්. තරගාවලියේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරන සමන්ත දොඩන්වල මහතාගේ හඳුන්වාදීමක් වන මෙම ඉනිම අග්ගිස්සේ ප්‍රහාරාත්මක ඕවර දෙක මෙවර (2024) තරගාවලියේ සිට ක්‍රියාත්මක වූ අතර ඉනිමක 16 වැනි සහ 17 වැනි ඕවර දෙකද මුල් ඕවර 6 මෙන්ම ප්‍රහාරාත්මක ඕවර ලෙස සැලකීම එහිදී සිදුකෙරෙනු ඇත.
 
ඒ අනුව පන්දු රැකීමේ නිරත වන කණ්ඩායමට එම ඕවර දෙකේදී යාර තිහේ සීමාවෙන් පිටත රැඳවිය හැකි වන්නේ පන්දු රකින්නන් සිවු දෙනකු පමණි. එබැවින් එම ඕවර දෙකේදී පිතිකරුවන්ට ලකුණු ලබාගැනීමේ වේගය ඉහළ දමමින් ප්‍රහාරාත්මක පහර කරා යෑමට අවස්ථාව උදාවනු ඇත. මෙවර තරගාවලියේදී කණ්ඩායම් සියල්ලම පාහේ ඉහළ ලකුණු සංඛ්‍යාවන් ලබාගැනීමටද මෙම ප්‍රහාරාත්මක ඕවර දෙක බෙහෙවින්ම හේතු විය.
 
මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ අසලංක කියා සිටියේ එය ඉතා අගනා සොයාගැනීමක් බවය. විස්සයි-20 තරගවලදී කාසියේ වාසිය එතරම් වැදගත් සාධකයක් නොවුනත් මෙම ප්‍රහාරාත්මක ඕවර දෙකේ නීතිය හේතුවෙන් දෙවැනියට පන්දුවට පහර දෙන කණ්ඩායමට යම් වාසියක් හිමිවනු ඇතැයි තමා විශ්වාස කරන බවද එහිදී අසලංක වැඩි දුරටත් කියා සිටියේය. 

“දෙවැනියට පන්දුවට පහර දෙනකොට අපිට ඕවර දෙකෙන් ලොකු වාසියක් ගන්න පුලුවන් කියලා මම හිතනවා. මොකද ඒ ඕවර දෙකේදි තව පන්දු රකින්නෙකුත් ඇතුළට එනවා. ඒ නිසා ඒ වෙනකොට ඉලක්කය කරා යන්න අවශ්‍ය ලකුණු සංඛ්‍යාව බලලා හඹායන කණ්ඩායමට ඒ ඕවර දෙකෙදී ලකුණු ලබාගැනීමේ වේගය ඉහළ දාගන්න පුලුවන්.”

“තණතීරුත් හොඳ නම්, අන්තිම ඕවර 5 න් ඕවර 2 ක් ප්‍රහාරාත්මක ඕවර වුණාම ඒක පිතිකරුවන්ට ලොකු වාසියක් වෙනවා ඉලක්කයක් හඹා යනකොට. පළමුවෙන් පන්දුවට පහර දෙනකොට වාසියක් නෑ කියලා නෙමෙයි මම කියන්නෙ. දෙවැනියට පන්දුවට පහර දෙනකොට ඒ ඕවර දෙකෙන් ලැබෙන වාසිය වැඩියි කියලයි.” යැයිද අසලංක කියා සිටියේය. 


අදහස් (2)

අවසන් ප්‍රහාරාත්මක ඕවර දෙකෙන් තරගයක් කණපිට හරවන්න පුළුවන්
  • Janahitha Saturday, 13 July 2024 09:21 AM

    කලිසමද කණපිට ගහන්නේ...

    Reply 0       0

    nalinda Saturday, 13 July 2024 11:17 AM

    සමන්ත දොඩම් රිටයර් වේච්චි ක්‍රිඩකයින්ව මේ වැනි තරගාවලියන්ට සහභාගි කර ගැනීමෙන් ඔබලා බලාපොරොත්තු වෙන්නේ කුමක්ද? ශෙවොන් ඩැනියෙල්, නිපුන් ධනංජය, ලසිත් කෘස්පුල්ලේ, ශම්මු අශාන්, තව 19 පහල දක්ශ කොල්ලෝ ඉඳිද්දී ඒ ළමයින්ට අවස්ථාවක් නොදි ඔවුන්ගේ ක්‍රිකට් එක කන්නේ ඇයි? බොරුවට කරන්නන් වාලේ මෙවැනි තරගාවලි සංවිධානය කිරිමෙන් පාලක මණ්ඩලය සතුටු වුණාට වැඩක් නැ. යහපත් ප්‍රතිඵල ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවට ලැබෙන්නේ නැත්නම්... බොරුවට ඉන්දියාවේ කරන පලියට, ඔස්ට්‍රේලියාවේ කරන පලියට, එංගලන්තයේ කරන පලියට, මේවා බොරුවට සංවිධානය කරලා වැඩක් නැ... එවාට ළංවෙන්නවත් බැ අපිට... පාසල් ක්‍රිකට් එක දියුණු කරන්නේ නැතිව මේ මොන බම්බුව ගැහුවත් වැඩක් නැහැ...

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.