Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story අවසන් පිතිකරුවෝ වෙනස පෙන්වති

අවසන් පිතිකරුවෝ වෙනස පෙන්වති

ශනුක අරවින්ද - 2015 ජුනි මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මාස 15 කට පසුව එංගලන්තය සහ නවසීලන්තය අතර පැවැති විස්සයි විස්ස තරගයෙන් ලකුණු 56 ක ජයක් ලැබීමට එංගලන්තය ඊයේ (23 දා)  ඕල්ඞ් ට‍්‍රැෆර්ඞ් ක‍්‍රීඩාංගණයේදී සමත් විය. මෙය එංගලන්තය විසින් විස්සයි විස්ස තරගයකදී නවසීලන්තය පරාජය කළ අට වැනි අවස්ථාව වේ.

එංගලන්තය සහ නවසීලන්තය අවසන් වරට විස්සයි විස්ස තරගයකදී මුණගැසුනේ පසුගිය 2014 වසරේ මාර්තු මස බංග්ලාදේශයේ පැවැති විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේදීය.  

නවසීලන්තයට එරෙහිව පැවැති එක්දින තරගාවලියද 3-2 ක් වශයෙන් ජය ගෙන සිටි එංගලන්ත නායක ඔයින් මෝර්ගන් විස්සයි විස්ස තරගයේදීත් කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදීම තෝරාගත්තේය. එම තීරණය නිවැරදි බව සනාථ කළ එංගලන්ත පිතිකරුවෝ නියමිත පන්දුවාර 20 අවසන් වන විට කඩුලූ 7 කට ලකුණු 191 ක් ලබා ගැනීමට සමත් වූහ.

ලකුණු 192 ක ඉලක්කය හඹා යෑමට පිවිසි නවසීලන්ත පිලේ අ මාටින් ගප්ටිල්ව තෙවැනි පන්දුවෙන්ම පිටියෙන් ඉවත් කිරීමට ඬේවිඞ් විලී සමත් විය. කේන් විලියම්සන් සහ නායක බ්‍රෙන්ඩන් මැකලම් එක්ව දෙවැනි කඩුල්ල සඳහා පන්දු 21 කදී ලකුණු 42 ක සබඳතාවක් පිහිටුවමින් එංගලන්තයට පීඩනයට පත්කළද අවසන් පිතිකරුවන්ගේ දුර්වලතාව හේතුවෙන් නවසීලන්තය පරාජයට පත්විය.

නවසීලන්ත නායක බ්‍රෙන්ඩන් මැකලම් දැවී යන විට පන්දු 15 කදී හයේ පහර හතරක් සහ හතරේ පහර දෙකක් සමග ලකුණු 35 ක් ලබා සිටියේය. නවසීලන්තය වෙනුවෙන් හුදෙකළා සටනක නිරත වූ කේන් විලියම්සන් පන්දු 37 කදී හතරේ පහර අටක් සමග ලකුණු 57 ක් ලබා ගත්තේය. එය විලියම්සන්ගේ දෙවැනි විස්සයි විස්ස අර්ධ ශතකය වේ.

පළමු පන්දු  ඕවර 10 අවසානයේ කඩුලූ පහකට ලකුණු 101 ක් වාර්තා කිරීමට නවසීලන්ත මුල් පෙළේ පිතිකරුවන් සමත් වුවද ඔවුන්ගේ අවසන් පිතිකරුවන් හත් දෙනාම ලකුණු 18 කට දැවී යාමෙන් නවසීලන්ත ඉනිම පන්දුවාර 16.2 කදී ලකුණු 135 කට සීමා විය.

මෙම තරගයේදී එංගලන්තයේ ලකුණු 100 පන්දු 69 කදී වාර්තා කළද නවසීලන්තයට ලකුණු 100 වාර්තා කිරීමට වැය වුයේ පන්දු 57 කි. එහෙත් එතැන් සිට නවසීලන්තයට ලබා ගත හැකිවුයේ ලකුණු 35 ක් පමණකි. එසේ වුවත් එංගලන්ත පිතිකරුවන් මුහුණ දුන් අවසන් පන්දු 51 දී ලකුණු 91 ක් ලබා ගැනීම තරගයේ තීරණය වෙනස් කළ ප‍්‍රධාන සාධකය විය.

එංගලන්ත ජයග‍්‍රහණය වෙනුවෙන් විශිෂ්ඨ ඉනිමක් ක‍්‍රීඩා කළ ජෝ රූට් සිය දෙවැනි විස්සයි විස්ස එක්දින අර්ධ ශතකය ලබා ගනිමින් තරගයේ වීරයා සම්මානය දිනා ගත්තේය. ඔහු අංක තුන පිතිකරු ලෙස පිටියට පිවිසෙමින් පන්දු 46 කදී හතරේ පහර අටක් සහ හයේ පහරක් සමග ලකුණු 68 ක් ලබා ගත්තේය.

ලෝක ක‍්‍රිකට් අනුශූරතාව දිනා ගැනීමෙන් පසු නවසීලන්තය සහභාගි වූ පළමු තරගාවලියද මෙය වන අතර එහිදී දෙරට අතර ටෙස්ට් තරගාවලිය 1-1 ක් ලෙස සමව අවසන් විය. අනතුරුව එක්දින තරගාවලිය 3-2 ක් ලෙස පරාජය වූ නවසීලන්තය විස්සයි විස්ස තරගයද පරාජය වීම නිසා අසාර්ථක එංගලන්තය සංචාරයක් අවසන් කළේය.

එංගලන්තය  ඕවර 20 කදී කඩුලූ 7ට ලකුණු 191
(ජේසන් රෝයි 23, ඇලෙක්ස් හේල්ස් 27, ජෝ රූට් 68, සෑම් බිලින්ග්ස් 21, බෙන් ස්ටෝක්ස් 24, මිචෙල් සැනැට්නර් 28/2, මිචෙල් මැක්ලෙනගන් 27/2)

නවසීලන්තය  ඕවර 16.2 කදී සියලූ දෙනා දැවී  ලකුණු 135
(බ්‍රෙන්ඩන් මැකලම් 35, කේන් විලියම්සන් 57, රොස් ටේලර් 17, ඬේවිඞ් විලී 22/3, මාර්ක් වුඞ් 26/3, බෙන් ස්ටෝක්ස් 24/2)

-033


අදහස් (0)

අවසන් පිතිකරුවෝ වෙනස පෙන්වති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.