Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා ටෙනිස් සංගමය සංවිධානය කළ අන්තර්ජාතික ටෙනිස් සම්මේලන කනිෂ්ඨ ටෙනිස් තරගාවලියේ බාලක අනුශූරතාව හිමිකර ගැනීමට අවින්ද්‍ර පෙරේරා සමත් විය.
කොළඹ ටෙනිස් සංගම් මූලස්ථානයේදී අද (23 වැනිදා) පැවැති අවසන් මහ තරගයේදී යුක්රේනයේ එරික් වැන්ෂෙල්බොයිම් හමුවේ තරග වට 2-0 ක් ලෙස පරාජය වීම නිසා අවින්ද්‍රට එහි අනුශූරතාවයෙන් සෑහීමකට පත්වීමට සිදුවිය. අවසන් තරගයේ පළමු වටය 6/4 ක් ලෙස පරාජයට පත්වූ අවින්ද්‍ර දෙවැනි වටය පරාජයට පත්වූයේ ලකුණු 6/2 ක් ලෙසිනි.
අවසන් පූර්ව වටයේ තරග ඊයේ (22 වැනිදා) පැවැති අතර එහිදී වට 2-0 ක් ලෙස (6/3 6/3) ජපානයේ කෙන්ජිරෝ ශිමිසු පරාජය කරමින් අවින්ද්‍ර අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේය. එරික් වැන්ෂෙල්බොයිම් අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේ අවසන් පූර්ව වටයේදී වට 2-0 ක් ලෙස ඉන්දියාවේ අර්ජුන් හොන්නප්පා පරාජය කරමිනි.
මූලික වටයේදී වට 2-0 ක් ලෙස (6/3, 6/1) වියට්නාමයේ ටූලේ ඛාන්ඩුයි පරාජය කරමින් පෙර අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත් අවින්ද්‍ර, අර්ධ අවසන් පූර්ව වටයට පිවිසියේ වට 2-0 ක් ලෙස (6/2, 6/2) චීන තායිපේහි චින් ශෙන්ග් චුවාන්ග් පරාජය කරමිනි.
අර්ධ අවසන් පූර්ව වටයේදී වට 2-0 ක් ලෙස (6/4, 6/4) ඉන්දියාවේ පියුෂ් සුරේන්ද්‍ර සලේකාර් පරාජය කරමින් ඔහු අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තේය.
මෙම තරගාවලිය සඳහා රටවල් 15 කින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ විශාල සංඛ්‍යාවක් මෙම තරගාවලියට සහභාගි වූහ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.