Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
මෙතෙක් සිය ක්‍රීඩා දිවියේ අඩුවක්ව පැවැති ‘ගනර් සුපර් ක්‍රොස්’ තරගාවලියේ දක්ෂතම මෝටර් රථ රියැදුරා බවට පත්වීමේ අවස්ථාවද සපුරාලමින් මෙවර (2017) තරගාවලියේ දක්ෂතම මෝටර් රථ රියැදුරා ලෙස සම්මාන දිනාගැනීමට අශාන් සිල්වා සමත් විය.
මෙරට සෑම සුපර් ක්‍රොස් ධාවන පථයේදී පාහේ දක්ෂතම මෝටර් රථ රියැදුරා ලෙස සම්මාන දිනා සිටි අශාන්, ‘ගනර් සුපර් ක්‍රොස්’ තරගාවලියේ දක්ෂතම මෝටර් රථ රියැදුරා බවට පත්වූ පළමු අවස්ථාව මෙය විය. මින් පෙර අවස්ථා කිහිපයකදී ‘ගනර් සුපර් ක්‍රොස්’ තරගාවලියට සහභාගි වී තිබුණද, එහිදී දක්ෂතම මෝටර් රථ රියැදුරා ලෙස සම්මාන දිනාගැනීමට ඔහු අපොහොසත්ව සිටියේය.
විජය පුවත් පත් සමාගමේ මුද්‍රිත මාධ්‍ය අනුග්‍රහයෙන් පැවැති මෙම තරගාවලිය ඉකුත් ඉරිදා මින්නේරිය, කාලතුවක්කු හමුදා ධාවන පථයේදී නිමාවට පත් වූ අතර එහිදී අශාන් සිල්වා සහ මිස්සක නවීන් නියොජ්නය කළ මැග්නි රේසිං කණ්ඩායම මෝටර් රථ අංශයේ කණ්ඩායම් ශූරතාව දිනාගැනීමට සමත් විය.
තරගාවලියේ ප්‍රධානතම මෝටර් රථ ඉසව්ව වූ එස්. එල්. ජී. ටී. කාණ්ඩයේ (සි. ධා. 3500 දක්වා) මෝටර් රථ ඉසව්ව සඳහා ක්‍රීඩකයන් 14 දෙනෙක් සහභාගී වීම නිසා එය ක්‍රීඩකයන් 7 දෙනා බැගින්වූ අදියර 2 ක් යටතේ පැවැත්විණ. එම අදියර දෙකේ පළමු ස්ථාන 4 දිනාගත් ක්‍රීඩකයන් 8 දෙනා අතර අවසන් මහ තරගයක් පවත්වා මෙවර තරගාවලියේ දක්ෂතම රියැදුරා තෝරාගැනිණ.
එහිදී කුෂාන් පීරිස් සහ උෂාන් පෙරේරා පිළිවෙළින් දෙවැනි සහ තෙවැනි ස්ථාන වලට පත්කරමින් පළමු අදියර ජය ගැනීමට අශාන් සිල්වා සමත් විය. දෙවැනි අදියර ජය ගැනීමට ජනක ඩයස් සමත් වූයේ ඉෂ්රාක් වහබ් සහ ගාමිණී නෙල්සන් පිළිවෙළින් එහි දෙවැනි සහ තෙවැනි ස්ථාන වලට පත්කරමිනි.
කෙසේ වුවත් අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත් ප්‍රබල ක්‍රීඩකයන් වන උෂාන් පෙරේරා, කුෂාන් පීරිස්, ඉෂ්රාක් වහබ් සහ මිස්සක නවීන් මෙන්ම දෙවැනි අදියර ජයගත් ජනක ඩයස්ද පසුපසට ඇද දමමින් එම තරගය ජය ගැනීමට අශාන් සිල්වා සමත් වූයේ මෙවර තරගාවලියේ දක්ෂතම රියැදුරා සම්මානයද තමන් සතුකර ගනිමිනි.
ඒ අනුව සිය ක්‍රීඩා දිවියේ නොමැකෙන මතක සටහනක් සනිටුහන් කිරීමටත්, සිය දක්ෂතම මෝටර් රථ රියැදුරා සම්මාන ගොන්නට අඩුවක්ව තිබූ තවත් සම්මානයකට හිමිකම් කීමටත් අශාන් මෙම තරගාවලියේදී සමත් විය. මෙය ඔහු මේ වසරේදී දිනාගත් 5 වැනි දක්ෂතම මෝටර් රථ රියැදුරා සම්මානයද වූ අතර මින් පෙර නරියා කන්ද, කොළඹ සහ කැවල්රි යන සුපර් ක්‍රොස් තරගාවලි වලදී මෙන්ම කටුකුරුන්ද මාර්ග මෝටර් රථ තරගාවලියේදීද අශාන් දක්ෂතම මෝටර් රථ රියැදුරා සම්මාන ලෙස සම්මාන දිනා තිබිණ.
අවසන් මහ තරගයේ දෙවැනි සහ තෙවැනි ස්ථාන සඳහා සෙසු තරගකරුවන් අතර ඉතා තියුණු තරගයක් පැවැත්විණ. එහිදී දෙවැනි ස්ථානය හිමිකරගැනීමට කුෂාන් පීරිස් සමත් වූ අතර ජනක ඩයස් තෙවැනි ස්ථානයටත්, මිස්සක නවීන් සිවුවැනි ස්ථානයටත් පත් විය. ඉකුත් වසරේ ‘ගනර් සුපර් ක්‍රොස්’ තරගාවලියේ දක්ෂතම රියැදුරා බවට පත් වූ උෂාන් පෙරේරා අවසන් මහ තරගය නිමා කළේ අන්තිමයා ලෙසිනි.
ප්‍රවීණ ක්‍රීඩක උපුල්වන් සේරසිංහ කළකට පසු එස්. එල්. එන්. කාණ්ඩයේ (සි. ධා. 1300 දක්වා) ෆෝඞ් ලේසර්/මැස්ඩා මෝටර් රථ තරගය ජය ගනිද්දී, ඔහුගේ පුත් දේවින් සේරසිංහ එස්. එල්. ඊ. කාණ්ඩයේ (සි. ධා. 1000 දක්වා) නිසාන් මාර්ච් මෝටර් රථ තරගයේ ජය තමන් සතුකර ගත්තේය.
තවත් පිය පුතු සුසංයෝගයක් වූ කාසිම් වහබ් සහ ඉෂ්රාක් වහබ් ට්‍රක් සහ ජීප් කාණ්ඩයේ විවෘත මෝටර් රථ තරගයේදී පිළිවෙලින් පළමු සහ දෙවැනි ස්ථාන දිනාගත් අතර රිය අනතුරු කිහිපයක්ම සිදුවූ එස්. එල්. එච්. කාණ්ඩයේ (සි. ධා. 1618 දක්වා) මෝටර් රථ තරගය ජයගැනීමට වහබ් පවුලේම සාමාජිකයෙක් වන සකීර් වහබ් සමත් විය.
ශ්‍රී ලංකා යුද හමුදාවේ කාලතුවක්කු රෙජිමේන්තුව, ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා රියදුරන්ගේ සංගමය (ස්ලාඩා) සමග එක්ව 12 වැනි වරටත් සංවිධානය කළ මෙම තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස සිංගර් සමාගම කටයුතු කළ අතර සියැට්, බ්‍රවුන්ස්, අලියා සිසිල් බීම සහ ජෝන් කීල්ස් යන සමාගම් එහි සම අනුග්‍රාහකයන් ලෙස කටයුතු කළේය.
මෝටර් රථ තරග ප්‍රතිඵල
එස්. එල්. ඊ. කාණ්ඩයේ (සි. ධා. 1000 දක්වා) නිසාන් මාර්ච් මෝටර් රථ තරගය
1 දේවින් සේරසිංහ (නිසාන් මාර්ච් 1000)
2 ලක්ෂිකා පතිරණ (නිසාන් මාර්ච් 1000)
3 නවිඳු පඬුවාවල (නිසාන් මාර්ච් 1000)
එස්. එල්. ඊ. කාණ්ඩයේ (සි. ධා. 1050 දක්වා) නවීකරණය කරන ලද මෝටර් රථ තරගය
1 අජිත් කීර්ති (ඔස්ටින් මිනි 1050)
2 ස්වප්න වීරසේකර (මිනි 1050)
3 සචිත් පතිරණ (ඔස්ටින් මිනි 1050)
එස්. එල්. එන්. කාණ්ඩයේ (සි. ධා. 1300 දක්වා) ෆෝඞ් ලේසර්/මැස්ඩා මෝටර් රථ තරගය
1 උපුල්වන් සේරසිංහ (ෆෝඞ් ලේසර් 1300)
2 රොමේෂ් ගුණවර්ධන (ෆෝඞ් ලේසර් 1300)
3 ප්‍රසන්ද ද අල්විස් (ෆෝඞ් ලේසර් 1300)
එස්. එල්. එන්. කාණ්ඩයේ (සි. ධා. 1500 දක්වා) ෆෝඞ් ලේසර්/මැස්ඩා මෝටර් රථ තරගය
1 මහේෂ් කෝදාගොඩ (මැස්ඩා ෆැමීලියා 1500)
2 කාවින්ද්‍ර සෙනෙවිරත්න (ෆෝඞ් ලේසර් 1500)
3 තරිඳු ධර්මරත්න (ෆෝඞ් ලේසර් 1500)
එස්. එල්. එච්. කාණ්ඩයේ (සි. ධා. 1618 දක්වා) මෝටර් රථ තරගය
1 සකීර් වහබ් (හොණ්ඩා සිවික් 1600)
2 මිස්සක නවීන් (හොණ්ඩා සිවික් 1600)
එස්. එල්. එච්. කාණ්ඩයේ (සි. ධා. 2200 දක්වා) සුබාරු ලෙගාසි මෝටර් රථ තරගය
1 මලික කුරුවිටාරච්චි (සුබාරු ලෙගාසි 2200)
2 බුද්ධික රුක්ලන්ත (සුබාරු ලෙගාසි 2200)
3 හෂේන් පීරිස් (සුබාරු ලෙගාසි 2200)
එස්. එල්. ජී. ටී. කාණ්ඩයේ (සි. ධා. 3500 දක්වා) පළමු මෝටර් රථ තරගය
1 අශාන් සිල්වා (මිට්සුබිෂී එවොලූෂන් 2000)
2 කුෂාන් පීරිස් (මිට්සුබිෂී එවොලූෂන් 2000)
3 උෂාන් පෙරේරා (මිට්සුබිෂී එවොලූෂන් 2000)
එස්. එල්. ජී. ටී. කාණ්ඩයේ කාණ්ඩයේ (සි. ධා. 3500 දක්වා) දෙවැනි මෝටර් රථ තරගය
1 ජනක ඩයස් (මිට්සුබිෂී එවොලූෂන් 2000)
2 ඉෂ්රාක් වහබ් (මිට්සුබිෂී එවොලූෂන් 2000)
3 ගාමිණි නෙල්සන් (මිට්සුබිෂී එවොලූෂන් 2000)
ටී. සහ ජේ. කාණ්ඩයේ විවෘත ට්‍රක් සහ ජීප් රථ තරගය
1 කාසිම් වහබ් (සැං යොං 3000)
2 ඉෂ්රාක් වහබ් (මිට්සුබිෂී එවොලූෂන් 3000)
3 දුමින්ද ජයසිංහ (ටොයොටා ලෑන්ඞ් කෲසර් 3900)
එස්. එල්. ජී. ටී. කාණ්ඩයේ (සි. ධා. 3500 දක්වා) අවසන් මෝටර් රථ තරගය
1 අෂාන් සිල්වා (මිට්සුබිෂී එවොලූෂන් 2000)
2 කුෂාන් පීරිස් (මිට්සුබිෂී එවොලූෂන් 2000)
3 ජනක ඩයස් (මිට්සුබිෂී එවොලූෂන් 2000)
කුෂාන් පීරිස් |
ජනක ඩයස් |
අජිත් කීර්ති |
මහේෂ් කෝදාගොඩ |
ගනර් සුපර්ක්‍රෝස් මෝටර්රථ තරගාවලියේ විශේෂ අවස්ථා සඳහා
ඡායාරූප - ශානුක අරවින්ද
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.