Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ප‍්‍රවීන මෝටර් රථ ධාවකයෙකු වන අශාන් සිල්වාට මාස 6 ක තරග තහනමක් සහ අවුරුදු 3 ක අත්හිටවූ තරග තහනමක් පැනවීමට ශ්‍රී ලංකා මෝටර් රථ කී‍්‍රඩා සංගමය තීරණය කර තිබේ. තවද රුපියල් 175,000 ක මුදලක් දඩවශයෙන් ගෙවීමටද ඔහුට නියමවී තිබේ.
ඉකුත් වසරේ (2013) අගෝස්තු මස 4 වැනිදා මින්නේරිය ධාවන පථයේදී පැවති ගනර් සුපර් ක්‍රොස් තරගාවලියේදී අශාන් භාවිතා කළ මෝටර් රථ 2 ක් (හොණ්ඩා සිවික් 1600 සී. සී. මෝටර් රථය සහ මිට්සුබිෂී එවොලූෂන් 2000 සී. සී. මෝටර් රථය) සම්බන්ධයෙන් තවත් ප‍්‍රවීන මෝටර් රථ ධාවකයෙකු වන දිනේෂ් දෙහෙරගොඩ විසින් ශ්‍රී ලංකා මෝටර් කී‍්‍රඩා රියදුරන්ගේ සංගමයට ඉදිරිපත් කරන ලද චෝදනා පත‍්‍රයකට අනුව අශාන් සිල්වා වරදකරු වීම නිසා ඔහුට මෙම දඩුවම නියම කර තිබේ.
දිනේෂ් දෙහෙරගොඩ විසින් ඉදිරිපත් කරන ලද චෝදනා පත‍්‍රය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මෝටර් කී‍්‍රඩා රියදුරන්ගේ සංගමය (ස්ලාඩා) මාස 9 ක් පුරා පරීක්ෂණයක් පවත්වා මෙම තීරණයට එළඹී ඇත.
ඒ අනුව වැරදි 7 ක් යටතේ අශාන් සිල්වා වරදකරුවකු බවට පත්වී ඇති අතර එහි පළමු වරද වෙනුවෙන් ඔහුට මාස 6 ක තරග තහනමක්ද, ඉතිරි වැරදි 6 වෙනුවෙන් අවුරුදු 3 ක අත්හිටවූ තරග තහනමද නියමවී ඇත. ඔහුට ගෙවීමට නියමවී ඇති දඩ මුදල රුපියල් 175,000 ක මුදල එක් වරදකට රුපියල් 25,000 බැගින් වේ.
ශ්‍රී ලංකා මෝටර් කී‍්‍රඩා රියදුරන්ගේ සංගමය (ස්ලාඩා) ලිපියක් මගින් මේ බවට අශාන් සිල්වාට දැනුම්දී ඇති අතර එහි පිටපත් 3 ක් ශ්‍රී ලංකා මෝටර් රථ කී‍්‍රඩා සංගමයේ (ස්ලාස්) සභාපති නවුසර් ෆවුසි මහතාටද, මෝටර් රේසිං සංගමයේ (එම්. ආර්. ඒ.) සභාපති වරයාටද, චෝදනා පත‍්‍රය යොමුකළ දිනේෂ් දෙහෙරගොඩටද යවා ඇත.
දැනට අශාන් සිල්වාගේ මෙම තහනම ශ්‍රී ලංකා මෝටර් කී‍්‍රඩා රියදුරන්ගේ සංගමය (ස්ලාඩා) සංවිධානය කරන තරගාවලි සඳහා පමණක් කි‍්‍රයාත්මක වන අතර ඔවුන් විසින් කරන ලද පරීක්ෂණය පිළිබඳව අධ්‍යයනය කිරීමෙන් අනතුරුව එම තහනමේ කාලය වැඩි හෝ අඩු කිරීමට, නැතහොත් තහනම වෙනස් කිරීමට ශ්‍රී ලංකා මෝටර් රථ කී‍්‍රඩා මව් සංගමයට (ස්ලාස්) හැකියාව ඇත. මව් සංගමයේ තීරණය අවසන් තීරණය වන අතර එය අශාන් සිල්වාට ජාතික මට්ටමේ සියලූම මෝටර් රථ තරග සඳහා බලපානු ඇත.
අශාන් සිල්වා ඉකුත් වසරේ ශ්‍රී ලංකා මෝටර් කී‍්‍රඩා රියදුරන්ගේ සංගමය (ස්ලාඩා) විසින් සංවිධානය කරන ලද මෝටර් රථ තරගාවලි 6 න් 4 කම දක්ෂතම රියදුරා බවට පත්වූ අතර එම වසරේ සියැට් - ස්ලාඩා මෝටර් රථ ශූරතාව සඳහාද වැඩිම ප‍්‍රසාද ලකුණු සංඛ්‍යාවක් ලබා සිටි කී‍්‍රඩකයාද විය.
කෙසේ වුවත් දිනේෂ් දෙහෙරගොඩගේ මෙම චෝදනා පත‍්‍රයට අනුව අශාන් සිල්වා වරදකරු ලෙස ශ්‍රී ලංකා මෝටර් කී‍්‍රඩා රියදුරන්ගේ සංගමය (ස්ලාඩා) තීරණය කිරීමත් සමග ඔහුට ඉහත සඳහන් සියලූ ජයග‍්‍රහණ අහිමිවීයනු ඇත.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.