Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
‘ස්පීඞ්’ මෝටර් රථ සහ යතුරුපැදි ශූරතාවලියේ ජයග‍්‍රාහකයන්ට ත්‍යාග පිරිනැමීම සඳහා ඉකුත්දා බත්තරමුල්ල ස්පීඞ්රෝම්හි පැවති සම්මාන උළෙලකදී එස්. එල්. ජී. ටී. 3500 සී. සී. කාණ්ඩයේ දක්ෂතම මෝටර් රථ රියදුරා ලෙස සුපිරි මෝටර් රථ ධාවක අශාන් සිල්වා සම්මාන ලැබීය. යතුරුපැදි අංශයෙන් වඩාත්ම තරගකාරී ඉසවුව ලෙස සැලකෙන සුපර් මෝටාඞ් විවෘත අංශයේ ශූරයා බවට පත්වීමට තුසිත ගුණසේකර සමත්විය.
දිවයිනේ ප‍්‍රමුඛ පෙළේ මොටෝක්‍රොස් යතුරුපැදිකරුවකු වන ගයාන් සඳරුවන් නැවතත් වරක් 125 සී. සී. /250 සී. සී. මොටෝක්‍රොස් කාණ්ඩයේ ජාතික ශූරයා ලෙසින් සම්මාන ලැබීය. ආසියානු මෝටර් රථ ධාවකයන්ගේ සංගමය, කොළඹ මෝටර් රථ කී‍්‍රඩා සමාජය, මීගමුව මෝටර් රථ කී‍්‍රඩා සමාජය, සහ කාල්ටන් මෝටර් රථ කී‍්‍රඩා සමාජය එක්ව සංවිධානය කරනු ලැබූ මෙම තරගාවලිය පන්නල ස්පීඞ්රෝම් මෝටර් රථ ධාවන පථයේදී අදියර තුනකින් පැවැත්විණ.
එහිදී මෝටර් රථ අංශයේ 1600 සී. සී. කාණ්ඩයෙන් දිනේෂ් ජයවර්ධනද, එස්. එල්. එන්. 1000 සී. සී. කාණ්ඩයෙන් මයිකල් විජේසූරියද, ෆෝමියුලා මැක්ලරන්ස් 1300 සී. සී. කාණ්ඩයෙන් අමීර් ගෆූර්ද, ෆෝර්ඞ් ලේසර්/මැස්ඩා 1500 සී. සී. කාණ්ඩයෙන් කුෂාන් පීරිස්ද, ෆෝර්ඞ් ලේසර්/මැස්ඩා 1300 සී. සී. කාණ්ඩයෙන් රන්දික නිරෝෂන්ද, කුඩා 7 කාණ්ඩයෙන් රවි කුමාර් තනූෂ්ද ශූරයෝ බවට පත්වූහ.
යතුරුපැදි අංශයේදී චතුර මධුෂංක පෙර වසරේදීද තමා සතුවූ 125 සී. සී. (සිවු පහර තනි සිලින්ඩරයේ එන්ජින්) කාණ්ඩයේ ශූරතාව මෙවරද තමා සතු කරගැනීමට සමත්විය. මේ වසරේ ස්පීඞ් ශූරතාවලියට අළුතින් එක් වූ ඉසවුවක් වන බජාජ් 160 සී. සී. කාණ්ඩයේ ශූරයා බවට තරිඳු ධනංජය පත්වෙද්දී, යමහ 160 සී. සී. කාණ්ඩයේ ශූරයා ලෙස එරන්ද සම්පත් හේමචන්ද්‍ර සම්මාන ලැබීය.
ජාතික මොටෝක්‍රොස් ශූරයා ගයාන් සඳරුවන්
සාමාන්‍ය/නවීකරණය කරන ලද 125 සී. සී. (ද්විත්ව පහර) යතුරුපැදි කාණ්ඩයේ ශූරයා ලෙසින් එම වසර පුරාවටම කැපීපෙනෙන දස්කම් දැක්වූ ජෙෆ් ඇවිඩි‍්‍ර චී සම්මාන හිමිකරගද්දී, බජාජ් ත‍්‍රී රෝද රථ 200 සී. සී. ඉසවුවේ ශූරයා බවට ගයාන් ප‍්‍රදීප් පෙරේරා පත්විය.
මේ අතර ශ‍්‍රී ලංකා යතුරුපැදි ක‍්‍රීඩා සංගමය මගින් සංවිධානය කරන ලද වසරේ ජාතික යතුරුපැදි ධාවන ශූරයන් ඇගයෙමේ සම්මාන ප‍්‍රදානෝත්සවයද, බත්තරමුල්ලේ ස්පීඞ්ඩ්‍රෝම් හීදී මීට සමගාමීව පැවැත්විණ.
තවද නැගී එන නව යොවුන් වියේ ධාවකයකු වන 15 හැවිරිදි ජැක් ගුණවර්ධන වයස අවුරුදු 16 න් පහළ 85 සී. සී. මොටෝක්‍රොස් කාණ්ඩයේ ශූරයා බවට පත්විය.
කසුන් ධනුෂ්ක සුපර් මෝටාඞ් 250 සී. සී. කාණ්ඩයේ ජාතික ශූරයා ලෙසත්, තුසිත ගුණසේකර සුපර් මෝටාඞ් 450 සී. සී. කාණ්ඩයේ ශූරයා ලෙසත් සම්මාන හිමිකරගත්හ.
උදික ශ‍්‍රීමාල් මලවිගේ සුපර් මෝටෝ 250 සී. සී. කාණ්ඩයේ ශුරතාව තමා සතු කරගැනීමට සමතවෙද්දී, සාමාන්‍ය යතුරුපැදි 125 සී. සී. කාණ්ඩයේ ශූරතාව සංජීව උදය කුමාර හිමි කරගත්තේය.
ජාතික සහ ස්පීඞ් තරගාවලියේ සුපර් මෝටාඞ් ශූරයා තුසිත ගුණසේකර
ජාතික යතුරුපැදි ශූරයන්
ස්පීඞ් ශූරතාවලියේ මෝටර් රථ ධාවන ශූරයෝ
ස්පීඞ් ශූරතාවලියේ යතුරුපැදි සහ ති‍්‍රරෝද රථ ධාවන ශූරයෝ
ජාතික යතුරුපැදි ශූරතාවලියේ ශූරයෝ
ඡායාරෑප - ශාන්ත රත්නායක
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.