Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story අශාන් - මධුරංග වැඩි ගෞරව දිනාගනිති

අශාන් - මධුරංග වැඩි ගෞරව දිනාගනිති

සංජය එරමුදුගොඩ - 2014 ජුලි මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මහනුවරදී පැවැති රාත‍්‍රී මෝටර් රථ හා යතුරුපැදි තරගාවලියේ මෝටර් රථ අංශයෙන් ආශාන් සිල්වා ද, යතුරුපැදි අංශයෙන් මධුරංග කල්දේරා ද වැඩි ගෞරව දිනාගත්හ.

මෝටර් රථ අංශයේ වඩාත්ම තරගකාරී ඉසව්ව වූ එස්. එල්. ජී. ටී. කාණ්ඩයේ (සි. ධා. 3500 දක්වා) සුපිරි මෝටර් රථ තරගය ජය ගැනීමට අශාන් සිල්වා සමත්වූයේ ඩිලාන් සෙනෙවිරත්න සහ ජනක ඩයස් එම ඉසව්වේ දෙවැනි සහ තෙවැනි ස්ථාන වලට ඇද දමමිනි.

තරගාවලියේ පැවැති අධිබලැති යතුරුපැදි තරගය (සි. ධා. 1000 දක්වා) ජය ගැනීමට මධුරංග කල්දේරා සමත්වූ අතර මොහොමඞ් අෆ්සා සහ දිමුතු ද සිල්වා පිළිවෙළින් එම තරගයේ දෙවැනි සහ තෙවැනි ස්ථාන දිනාගත්හ.  

සුපර් මෝටාඞ් (සි. ධා. 250 දක්වා) තරගයේ සහ සුපර් මෝටාඞ් විවෘත තරගයේ ප‍්‍රථම ස්ථාන දෙකම දිනාගත් සුරාජ් පෙරේරා, සුපර් මෝටාඞ් අංශයේ ශූරයා බවට පත්විය.

එස්. එල්. එච්. කාණ්ඩයේ (සි. ධා. 1600) මෝටර් රථ තරගයේ ජයගත් සජාඞ් සුහේර් එස්. එල්. එස්. කාණ්ඩයේ විශේෂ (සි. ධා. 1500) මෝටර් රථ තරගයද පහසුවෙන්ම ජයගනිමින් පේ‍්‍රක්ෂකයන්ගේ වැඩි අවධානය දිනාගත්තේය.

සුපිරි යතුරුපැදි ධාවකයකු වන ශි‍්‍රයාන් සැමුවෙල් සහ යොවුන් මෝටර් රථ ධාවකයකු වන කුෂාන් පීරිස්ද තමන් සහභාගීවූ තරග දෙකෙන්ම ජය ලබා ද්විත්ව ජයග‍්‍රහණයන්ට හිමිකම් කීහ.

ෆෝමියුලා මැක්ලරන්ස් 4 (සි. ධා. 1300 - ඊ. එෆ්. අයි.) තරගය ජය ගැනීමට බ‍්‍රයන් පෙරේරා සමත්වූයේ අන් සියලූ තරගකරුවන්ට ප‍්‍රබල තරගයක් දීමෙන් අනතුරුවය.
 
කාල්ටන් මෝටර් රථ කී‍්‍රඩා සමාජය මහනුවර  ඕෆ් රෝඞ් සහ ඇඞ්වෙන්චර් කී‍්‍රඩා සමාජය සහ ආසියානු මෝටර් රථ කී‍්‍රඩා සමාජය සමග එක්ව සංවිධානය කළ මෙම තරගාවලිය සඳහා දිවයිනේ ප‍්‍රමුඛ පෙළේ මෝටර් රථ ධාවකයන් සහ යතුරුපැදිකරුවන් රැසක් සහභාගී වූහ.

මෝටර් රථ තරග 10 කින් සහ යතුරුපැදි තරග 8 කින් සමන්විත වූ මෙම තරගාවලියේ ධාවන පථය පෙර පැවැති තරගාවලියේදී භාවිතා කළ ධාවන පථයට වඩා තරමක් වෙනස් වූ අතර එහි දුර කිලෝ මීටර් 1.1 ක් විය.

 


අදහස් (0)

අශාන් - මධුරංග වැඩි ගෞරව දිනාගනිති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.