Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story අශාන් 8 වැනි වරටත් මෝටර් රථ ශූරයා වෙයි

අශාන් 8 වැනි වරටත් මෝටර් රථ ශූරයා වෙයි

Nisanka Sandeepani - 2017 සැප් මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මේ වසරේදී ලැබූ 8 වැනි දක්ෂතම මෝටර් රථ රියැදුරා සම්මානයටද හිමිකම් කියමින් මෙවර (2017) ‘වලව සුපර් ක්‍රොස්’ තරගාවලියේ දක්ෂතම මෝටර් රථ රියැදුරා ලෙස සම්මාන දිනාගැනීමට අශාන් සිල්වා සමත් විය. 

ශ්‍රී ලංකා යුද හමුදාවේ විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුව, ශ්‍රී ලංකා යතුරුපැදි සංගමය එක්ව හත්වැනි වරටත් සංවිධානය කළ මෙම තරගාවලිය උඩවලව, සෙවනගල යුද හමුදා ධාවන පථයේදී ඉකුත් ඉරිදා (17 වැනිදා) නිමාවට පත්විය.

කුෂාන් පීරිස් සහ පසිඳු පීරිස් සමග කළ කරට කර සටනකින් අනතුරුව තරගාවලියේ ප්‍රධානතම මෝටර් රථ ඉසව්ව වූ එස්. එල්. ජී. ටී. කාණ්ඩයේ (සි. ධා. 3500 දක්වා) මෝටර් රථ ඉසව්වේ අදියර 2 ම ජයගනිමින් අශාන් සිල්වා මෙවර තරගාවලියේ දක්ෂතම රියැදුරා බවට පත් විය. එහි දෙවැනි අදියර අවසන් වීමෙන් අනතුරුව ජයග්‍රහණය සැමරීම සඳහා අශාන්, සිය මෝටර් රථය දූලි වාළාවන් නංවමින් ධාවන පථය මැද කිහිප වරක්ම එකතැන කරකවන අයුරු නරඹන්නන්ට දැකගත හැකි විය. 

අශාන් සිල්වා

අශාන් මේ වසරේදී දිනාගත් 8 වැනි දක්ෂතම මෝටර් රථ රියැදුරා සම්මානය මෙය වන අතර මින් පෙර ඔහු නරියා කන්ද, කොළඹ, කැවල්රි, ගනර්ස් සහ ගජබා යන සුපර් ක්‍රොස් තරගාවලිවලදී මෙන්ම කටුකුරුන්ද මාර්ග මෝටර් රථ තරගාවලියේදී සහ පන්නල රාත්‍රී මෝටර් රථ තරගාවලියේදීද දක්ෂතම මෝටර් රථ රියැදුරා සම්මාන ලෙස සම්මාන දිනාගෙන සිටියේය. 

තරගකරුවන් 10 දෙනෙකුගේ සහභාගිත්වයෙන් පැවැති එම ඉසව්වේ පළමු අදියරේ දෙවැනි ස්ථානයට හිමිකම් කී කුෂාන් පීරිස්ට සිය මෝටර් රථය පාලනයෙන් ගිලීහී ධාවන පථයෙන් ඉවතට ඇදීයෑම නිසා දෙවැනි අදියර නිමා කිරීමට නොහැකි විය. ඉකුත් වසරේ (2016) පැවැති තරගාවලියේ දක්ෂතම මෝටර් රථ රියැදුරා ලෙස සම්මාන දිනාගත් පසිදු පීරිස්ට මෙවර පළමු අදියරේ තෙවැනි ස්ථානයෙන් සහ දෙවැනි අදියරේ දෙවැනි ස්ථානයෙන් සෑහීමකට පත්වීමට සිදු විය. 

එස්. එල්. එන්. කාණ්ඩයේ (සි. ධා. 1300 දක්වා) ෆෝඞ් ලේසර්/මැස්ඩා මෝටර් රථ තරගය පහසුවෙන්ම ජයගැනීමට කුෂාන් පීරිස් සමත් වුවද, එම කාණ්ඩයේම (සි. ධා. 1500 දක්වා) ෆෝඞ් ලේසර්/මැස්ඩා මෝටර් රථ තරගයේදී සිය මෝටර් රථය අනතුරකට ලක්වීම නිසා ඔහුට එම තරගයෙන් ඉවත් වීමට විය.

සිලින්ඩර් ධාරිතාව 1300 දක්වා තරගයේ තෙවැනි ස්ථානයට පත් වූ උපුල්වන් සේරසිංහට, කුෂාන් පීරිස් අනතුරකට ලක්වීම නිසා සිලින්ඩර් ධාරිතාව 1500 දක්වා තරගයේදී පහසු ජයක් හිමිවිය. 

සැං යොං වර්ගයේ මෝටර් රථයක් භාවිතා කරමින් ට්‍රක් සහ ජීප් කාණ්ඩයේ ඩීසල් මෝටර් රථ තරගය ජයගත් ඉෂ්රාක් වහබ්, එම කාණ්ඩයේ විවෘත මෝටර් රථ තරගය ජයගත්තේ මිට්සුබිෂී පෙජරෝ එවොලූෂන් වර්ගයේ මෝටර් රථයක් භාවිතා කරමිනි. ඒ අනුව අශාන් සිල්වා හැරුණැකොට මෝටර් රථ අංශයේ ද්විත්ව ජයග්‍රහණයක් වාර්තා කළ එකම ක්‍රීඩකයා බවට පත්වීමටද ඉෂ්රාක් වහබ්ට හැකි විය. 

එස්. එල්. එච්. කාණ්ඩයේ (සි. ධා. 2200 දක්වා) සුබාරු ලෙගාසි මෝටර් රථ තරගය ජයගැනීමට චවින්ද වීරසූරිය සමත් වූ අතර එස්. එල්. ඒ. කාණ්ඩයේ (සි. ධා. 1000 දක්වා) මිනි 7 මෝටර් රථ තරගයේ ජය ප්‍රවීණ ක්‍රීඩක කේ. පරමේෂ්වරන්ට හිමිවිය. 

එස්. එල්. එන්. කාණ්ඩයේ (සි. ධා. 1000 දක්වා) සාමන්‍ය මෝටර් රථ තරගයෙන් චාමික රණතුංගද, එස්. එල්. ඒ. කාණ්ඩයේ (සි. ධා. 1050 දක්වා) නවීකරණය කරන ලද මෝටර් රථ තරගයෙන් අජිත් කීර්තිද, එස්. එල්. ඊ. කාණ්ඩයේ (සි. ධා. 1275 දක්වා) මිනි මෝටර් රථ තරගයෙන් නීල් වීරසිංහද ජය ලැබූහ. 

මෙවර තරගාවලියට මොටර් රථ ඉසව් 11 ක් ඇතුළත් වූ අතර කෝස්වේ පේන්ට්ස් සමාගම තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙසත්, සියැට් සමාගම එහි සම අනුග්‍රාහකයා ලෙසත් කටයුතු කළේය.  

තරග ප්‍රතිඵල

එස්. එල්. එන්. කාණ්ඩයේ (සි. ධා. 1000 දක්වා) සාමන්‍ය මෝටර් රථ තරගය
1 චාමික රණතුංග (නිසාන් මාර්ච් 1000) 
2 දුලිප් පල්ලියගුරු (නිසාන් මාර්ච් 1000) 
3 මංජුල විජේසිංහ (නිසාන් මාර්ච් 1000)

එස්. එල්. ඒ. කාණ්ඩයේ (සි. ධා. 1000 දක්වා) මිනි 7 මෝටර් රථ තරගය 
1 කේ. පරමේෂ්වරන් (ඔස්ටින් මිනි 998) 
2 ඩබ්ලිව්. තිසේරා (ඔස්ටින් මිනි 998) 
3 අජිත් කීර්ති (ඔටෝ බේස් මිනි 1000) 

එස්. එල්. ඒ. කාණ්ඩයේ (සි. ධා. 1050 දක්වා) නවීකරණය කරන ලද මෝටර් රථ තරගය 
1 අජිත් කීර්ති (ඔස්ටින් මිනි 1050) 
2 පසිඳු පීරිස් (ටොයොටා විට්ස් 1000) 
3 එස්. ඩී. සමරසිංහ (නිසාන් මාර්ච් 1050)

එස්. එල්. ඊ. කාණ්ඩයේ (සි. ධා. 1275 දක්වා) මිනි මෝටර් රථ තරගය 
1 නීල් වීරසිංහ (ඔස්ටින් මිනි 1000) 
2 දුමින්ද ජයසිංහ (ඔස්ටින් මිනි 1000) 
3 චානක රත්නායක (ඔස්ටින් මිනි 1000) 

එස්. එල්. එන්. කාණ්ඩයේ (සි. ධා. 1300 දක්වා) ෆෝඞ් ලේසර්/මැස්ඩා මෝටර් රථ තරගය
1 කුෂාන් පීරිස් (මැස්ඩා 1300) 
2 නිෂාන්ත සේනාධීර (ෆෝඞ් ලේසර් 1300)
3 උපුල්වන් සේරසිංහ (ෆෝඞ් ලේසර් 1300) 
එස්. එල්. එන්. කාණ්ඩයේ (සි. ධා. 1500 දක්වා) ෆෝඞ් ලේසර්/මැස්ඩා මෝටර් රථ තරගය
1 උපුල්වන් සේරසිංහ (ෆෝඞ් ලේසර් 1300)
2 තරිඳු ධර්මරත්න (මැස්ඩා 1500)
3 ධම්මික ගොඩගේ (ෆෝඞ් ලේසර් 1300) 

එස්. එල්. එච්. කාණ්ඩයේ (සි. ධා. 2200 දක්වා) සුබාරු ලෙගාසි මෝටර් රථ තරගය
1 චවින්ද වීරසූරිය (සුබාරු ලෙගාසි 2200) 
2 නවීන් හැල්වතුර (සුබාරු ලෙගාසි 2200) 
3 බුද්ධික රුක්ලන්ත (සුබාරු ලෙගාසි 2200) 

ට්‍රක් සහ ජීප් කාණ්ඩයේ (සි. ධා. 5500 දක්වා) ඩීසල් මෝටර් රථ තරගය
1 ඉෂ්රාක් වහබ් (සැං යොං 1998)
2 ඩබ්ලිව්. ප්‍රියන්ත (මිට්සුබිෂී පෙජරෝ 2800)
3 මහින්ද වීරකෝන් (මිට්සුබිෂී පෙජරෝ 2800)

ට්‍රක් සහ ජීප් කාණ්ඩයේ විවෘත මෝටර් රථ තරගය
1 ඉෂ්රාක් වහබ් (මිට්සුබිෂී පෙජරෝ එවොලූෂන් 3500) 
2 ඩබ්ලිව්. ප්‍රියන්ත (මිට්සුබිෂී පෙජරෝ 2800) 
3 දුමින්ද ජයසිංහ (ටොයොටා ලෑන්ඞ් කෘසර් 3900) 

එල්. ජී. ටී. කාණ්ඩයේ (සි. ධා. 3500 දක්වා) පළමු මොටර් රථ තරගය
1 අශාන් සිල්වා (මිට්සුබිෂී එවොලූෂන් 2000)
2 කුෂාන් පීරිස් (මිට්සුබිෂී එවොලූෂන් 2000)
3 පසිඳු පීරිස් (මිට්සුබිෂී එවොලූෂන් 2000)

එල්. ජී. ටී. කාණ්ඩයේ (සි. ධා. 3500 දක්වා) දෙවැනි මොටර් රථ තරගය
1 අශාන් සිල්වා (මිට්සුබිෂී එවොලූෂන් 2000)
2 පසිඳු පීරිස් (මිට්සුබිෂී එවොලූෂන් 2000)
3 ඉෂ්රාක් වහබ් (මිට්සුබිෂී එවොලූෂන් 2000)

 

පසිදු පීරීස්
                                                                         කුෂාන් පීරීස්                                                   
ඉෂ්රාක් වහබ්
චාවින්ද වීරසූරිය
අජිත් කීර්තී

ඡායාරූප - ශානුක අරවින්ද 

 


අදහස් (0)

අශාන් 8 වැනි වරටත් මෝටර් රථ ශූරයා වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.