Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
![]() |
මේ වසරේදී පස්වැනි වතාවටත් දක්ෂතම මෝටර් රථ රියැදුරා සම්මානයට හිමිකම් කියමින් අනුරාධපුර, සාලියපුර ගජබා රෙජිමේඅන්තු මධ්‍යස්ථාන ධාවන පථයේදී පැවති 16 වැනි ‘ගජබා සුපර් ක්‍රොස්’තරගාවලියේ දක්ෂතම මෝටර් රථ රියැදුරා ලෙස සම්මානයද තමන් සතුකර ගැනීමට ප්‍රවීණ රියදුරු අශාන් සිල්වා සමත් විය.
තරගාවලියේ මෝටර් රථ අංශයේ කණ්ඩායම් ශූරතාව දිනාගැනීමට ‘හෙලිබීස්’ කණ්ඩායම සමත් වූ අතර ජනක ඩයස් සහ මයිකල් විජේසූරිය එම කණ්ඩායම නියෝජනය කළහ.
තරගාවලියේ ප්‍රධානතම මෝටර් රථ ඉසව්ව වූ එස්. එල්. ජී. ටී. කාණ්ඩයේ (සි. ධා. 3500 දක්වා) මෝටර් රථ ඉසව්ව සඳහා ක්‍රීඩකයන් 16 දෙනෙක් සහභාගී වීම නිසා එය ක්‍රීඩකයන් 8 දෙනා බැගින් වූ අදියර 2 ක් යටතේ පැවැත්විණ. එම අදියර දෙකේ පළමු ස්ථාන 4 දිනාගත් ක්‍රීඩකයන් 8 දෙනා අතර වට 8 කින් යුත් අවසන් මහ තරගයක් පවත්වා මෙවර තරගාවලියේ දක්ෂතම රියැදුරා තෝරාගැනිණ.
|
අශාන් සිල්වා, ශවින්ද්‍ර සිල්වා මහතා අතින් සම්මාන ලබාගනිමින්... |
නීති විරෝධී තරග ආරම්භයකට දඬුවම් ලැබීම හේතුවෙන් දෙවැනියා ලෙස පළමු අදියර නිමා කළ අශාන් සිල්වා, ඉතා විශිෂ්ට ලෙස අවසන් මහ තරගය ජයගනිමින් මෙවර තරගාවලියේ දක්ෂතම මෝටර් රථ රියැදුරා බවට පත් විය. අශාන් ගජබා සුපර්ක්‍රොස් තරගාවලියක දක්ෂතම රියැදුරා බවට පත් වූ තෙවැනි අවස්ථාව මෙය වන අතර මින් පෙර 2013 සහ 2015 යන වසර වලදීද ඔහු එම සම්මානයට හිමිකම් කියා තිබේ.
පළමු අදියරේ වට 7 ක් නිමා වන තෙක්ම පෙරමුණේ ගමන් කිරීමට අශාන් සමත් වුවද, නීති විරෝධී තරග ආරම්භය නිසා ඔහුට සිය මෝටර් රථය තත්ත්පර 5 ක කාලයක් තරග ආරම්භක ස්ථානයේ නවත්වා තබා නැවත ගමන් කිරීමට සිදුවිය. තරගයේ මුල් වට 7 පුරා අශාන් පසුපස හඹා ආ ඉෂ්රාක් වහබ්ට අශාන් පසුකර යමින් පළමු අදියර ජයගැනීමට එය මහඟු අවස්ථාවක් විය. එහෙත් අවසන් මහ තරගයේ පළමු වටය තුළදීම අනතුරකට ලක්ව සිය මෝටර් රථය ධාවන පථයෙන් ඉවතට විසියීම නිසා ඉෂ්රාක් වහබ්ට අවසන් මහ තරගයෙන් ඉවත් වීමට සිදුවිය.
ඉකුත් වසරේ පැවැති ගජබා සුපර්ක්‍රොස් තරගාවලියේ දක්ෂතම රියැදුරා බවට පත් වූ උෂාන් පෙරේරා, දෙවැනි අදියරේ මුල් වට 6 නිමා වන තෙක්ම පෙරමුණ ගෙන ගමන් කළේය. එහෙත් 7 වැනි වටය තුළදී සිය මෝටර් රථය කාර්මික දෝශයකට ලක්වීම නිසා ඔහුට එම අදියර නිමා කළ හැකි වූයේ සිව්වැනියා ලෙසිනි. ඒ අනුව ඔහු අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තද, සිය මෝටර් රථය නැවතත් යතා තත්ත්වයට පත්කර ගැනීමට නොහැකි වීම නිසා ඔහුට අවසන් මහ තරගයට සහභාගි වීමට නොහැකි විය.
අවසන් මහ තරගයේ දෙවැනි සහ තෙවැනි ස්ථාන සඳහා සෙසු තරගකරුවන් අතර ඉතා තියුණු තරගයක් පැවැති අතර එහි දෙවැනි ස්ථානය හිමිකරගැනීමට කුෂාන් පීරිස්ද, තෙවැනි ස්ථානය හිමිකර ගැනීමට සජාඞ් සුහේර්ද සමත් වූහ.
එස්. එල්. එන්. ෆෝඞ් ලේසර්/මැස්ඩා කාණ්ඩයේ (සි. ධා. 1300 දක්වා) තරගය සහ එස්. එල්. එච්. කාණ්ඩයේ (සි. ධා. 1618 දක්වා) මෝටර් රථ තරගය ජයගත් කුෂාන් පීරිස් මෙවර තරගාවලියේ මෝටර් රථ අංශයෙන් ද්විත්ව ජයග්‍රහණයක් වාර්තා කළ එකම ක්‍රීඩකයා බවට පත් විය.
ට්‍රක් සහ ජීප් කාණ්ඩයේ විවෘත මෝටර් රථ තරගය ජයගැනීමට ඉෂ්රාක් වහබ් සමත් වෙද්දී එස්. එල්. එස්. කාණ්ඩයේ (සි. ධා. 1500 දක්වා) විශේෂ මෝටර් රථ ජයගැනීමට ඔහුගේ සොහොයුරු සාකිර් වහබ් සමත් විය. තරගාවලියට සහභාගිවූ ප්‍රවීණතම මොටර් රථ රියැදුරා වූ කාසිම් වහබ්, ට්‍රක් සහ ජීප් කාණ්ඩයේ විවෘත මෝටර් රථ තරගය ඉතා සාර්ථක ලෙස නිමා කළේ සිය වැඩිමහල් පුත්‍රයාට පමණක් දෙවැනි වෙමිනි.
කලකට පසු එස්. එල්. එන්. කාණ්ඩයේ (සි. ධා. 1500 දක්වා) ෆෝඞ් ලේසර්/මැස්ඩා මෝටර් රථ තරගය ජයගැනීමට උපුල්වන් සේරසිංහ සමත් වූ අතර එස්. එල්. ඊ. කාණ්ඩයේ (සි. ධා. 1000 දක්වා) නිසාන් මාර්ච් මෝටර් රථ තරගයේ ජය ඔහුගේ පුත් දේවින් සේරසිංහ සතුවිය.
සියැට් - ස්ලාඩා ශූරතාවලියේ තෙවැනි තරගාවලිය ලෙස මෙවර ගජබා සුපර් ක්‍රොස් තරගාවලිය පැවැති අතර මෝටර් රථ ඉසව් 12 කින් සමන්විත වූ මෙම තරගාවලිය රියැදුරන් 104 ක් සහභාගි වූහ.
ශ්‍රී ලංකා යුද හමුදාවේ ගජබා රෙජිමේන්තුව, ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා රියදුරන්ගේ සංගමය (ස්ලාඩා) සමග එක්ව සංවිධානය කළ මෙම තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස සියැට් සමාගම කටයුතු කළ අතර තරගාවලියේ මුද්‍රිත මාධ්‍ය අනුග්‍රහය විජය පුවත්පත් සමාගමෙනි.
මෝටර් රථ තරග ප්‍රතිඵල
එස්. එල්. ඊ. කාණ්ඩයේ (සි. ධා. 1000 දක්වා) නිසාන් මාර්ච් මෝටර් රථ
1 දේවින් සේරසිංහ (නිසාන් මාර්ච් 1000)
2 සප්න වීරසේකර (නිසාන් මාර්ච් 1000)
3 බිනුර පඬුවාවල (නිසාන් මාර්ච් 1000)
එස්. එල්. ඒ. කාණ්ඩයේ (සි. ධා. 1000 දක්වා) මිනි 7 මෝටර් රථ
1 කේ. පරමේෂ්වරන් (ඔස්ටින් මිනි 1000)
2 ඩබ්ලිව්. එන්. එස්. තිසේරා (ඔස්ටින් මිනි 1000)
3 නීල් වීරසිංහ (ඔස්ටින් මිනි 1000)
එස්. එල්. ඒ. කාණ්ඩයේ (සි. ධා. 1050 දක්වා) නවීකරණය කරන ලද මෝටර් රථ
1 අජිත් කීර්ති (ඔස්ටින් මිනි 1050)
2 මයිකල් විජේසූරිය (ටොයොටා විට්ස් 1000)
3 සප්න වීරසේකර (නිසාන් මාර්ච් 1000)
එස්. එල්. එච්. කාණ්ඩයේ (සි. ධා. 1275 දක්වා) මිනි මෝටර් රථ
1 චානක රත්නාක (ඔස්ටින් මිනි 1275)
2 ලලින් ෂෙහාන් (ඔස්ටින් මිනි 1275)
එස්. එල්. එන්. කාණ්ඩයේ (සි. ධා. 1300 දක්වා) ෆෝඞ් ලේසර්/මැස්ඩා මෝටර් රථ
1 කුෂාන් පීරිස් (මැස්ඩා ෆැමිලියා 1300)
2 දේවින් සේරසිංහ (ෆෝඞ් ලේසර් 1300)
3 රන්දික නිරෝෂන් (ෆෝඞ් ලේසර් 1300)
එස්. එල්. එන්. කාණ්ඩයේ (සි. ධා. 1500 දක්වා) ෆෝඞ් ලේසර්/මැස්ඩා මෝටර් රථ
1 උපුල්වන් සේරසිංහ (මැස්ඩා ෆැමිලියා 1500)
2 රජිත උළුවිට (ෆෝඞ් ලේසර් 1500)
3 රන්දික නිරෝෂන් (මැස්ඩා ෆැමිලියා 1500)
එස්. එල්. එස්. කාණ්ඩයේ (සි. ධා. 1500 දක්වා) විශේෂ මෝටර් රථ
1 සාකිර් වහබ් (හොණ්ඩා සිවික් 1500)
2 සජාඞ් සුහේර් (හොණ්ඩා ඊ. ආර්. II 1500)
එස්. එල්. එච්. කාණ්ඩයේ (සි. ධා. 1618 දක්වා) මෝටර් රථ පළමු තරගය
1 කුෂාන් පීරිස් (හොණ්ඩා සිවික් 1600)
2 සාකිර් වහබ් (හොණ්ඩා සිවික් 1600)
3 ෆාහම් නවුමාන් (හොණ්ඩා ඊ. ජී. VI 1600)
එස්. එල්. එච්. කාණ්ඩයේ (සි. ධා. 2200 දක්වා) සුබාරු ලෙගාසි මෝටර් රථ
1 මාලික කුරුවිටාරච්චි (සුබාරු ලෙගාසි 2200)
එස්. එල්. ජී. ටී. කාණ්ඩයේ (සි. ධා. 3500 දක්වා) මෝටර් රථ පළමු තරගය
1 ඉෂ්රාක් වහබ් (මිට්සුබිෂී එවොලූෂන් 2000)
2 අශාන් සිල්වා (මිට්සුබිෂී එවොලූෂන් 2000)
3 සජාඞ් සුහේර් (මිට්සුබිෂී එවොලූෂන් 2000)
එස්. එල්. ජී. ටී. කාණ්ඩයේ (සි. ධා. 3500 දක්වා) මෝටර් රථ දෙවැනි තරගය
1 කුෂාන් පීරිස් (මිට්සුබිෂී එවොලූෂන් 2000)
2 ජනක ඩයස් (මිට්සුබිෂී එවොලූෂන් 2000)
3 අරවින්ද ප්‍රේමදාස (මිට්සුබිෂී එවොලූෂන් 2000)
එස්. එල්. ජී. ටී. කාණ්ඩයේ (සි. ධා. 3500 දක්වා) මෝටර් රථ අවසන් මහ තරගය
1 අශාන් සිල්වා (මිට්සුබිෂී එවොලූෂන් 2000)
2 කුෂාන් පීරිස් (මිට්සුබිෂී එවොලූෂන් 2000)
3 සජාඞ් සුහේර් (මිට්සුබිෂී එවොලූෂන් 2000)
ට්‍රක් සහ ජීප් කාණ්ඩයේ විවෘත මෝටර් රථ
1 ඉෂ්රාක් වහබ් (මිට්සුබිෂී එවොලූෂන් 3000)
2 කාසිම් වහබ් (සැං යොං 3000)
3 දුමින්ද ජයසිංහ (ටොයොටා ලෑන්ඞ් කෘසර් 3900)
|
හෙලිබීස්’ කණ්ඩායම නියෝජනය කළ ජනක ඩයස් සහ මයිකල් විජේසූරිය කණ්ඩායමේ කළමණාකරු සමග... |
![]() |
කුෂාන් පීරිස් |
|
ඉෂ්රාක් වහබ් |
|
දේවින් සේරසිංහ |
16 වැනි ගජබා සුපර් ක්‍රෝස් තරගාවලියේ විශේෂ අවස්ථා
ඡායාරූප - ශානුක අරවින්ද
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.