Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story අෂේන් - රුක්ෂිකා ජාතික ශූරතා දිනති

අෂේන් - රුක්ෂිකා ජාතික ශූරතා දිනති

editorial - 2022 සැප් මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

ශ්‍රී ලංකා ටෙනිස් සංගමයේ සංවිධානයෙන් 107 වැනි වරටත් එම සංගම් මූලස්ථාන ක්‍රීඩාංගණයේදී පැවැති කළ ජාතික ටෙනිස් තරගාවලියේ ශූරයා ලෙස අෂේන් සිල්වාද, ශූරිය ලෙස රුක්ෂිකා විජේසූරියද සම්මාන දිනාගත්හ.  

පිරිමි කේවල අවසන් මහ තරගයේදී වට 2-0 ක් ලෙස ශාමල් දිසානායක පරාජය කරමින් අෂේන් මෙවර ජාතික ශූරයා බවට පත් වූ අතර රුක්ෂිකා ජාතික ශූරිය බවට පත් වූයේ කාන්තා කේවල අවසන් මහ තරගයේදී වට 2-1 ක් ලෙස අංජලිකා කුරේරා පරාජය කරමිනි.
කාන්තා යුගල ඉසව්වේදී අංජලිකා සමග එක්ව තරග වැදුණ රුක්ෂිකා, එහි අවසන් මහ තරගයේදී වට 2-1 ක් ලෙස නෙයාරා වීරවංශ සහ ජානිලි මනම්පේරි පරාජය කරමින් මෙවර තරගාවලියේ ද්විත්ව ශූරතා දිනාගැනීමටද සමත් වූවාය.

යසිත ද සිල්වා සහ දිල්වන් හේරත් පිරිමි යුගල ශූරතාවට හිමිකම් කීවේ එම ඉසව්වේ අවසන් මහ තරගයේදී වට 2-0 ක් ලෙස චාතූර්ය නිලවීර සහ ටෙහාන් විජේමාන්න පරාජය කරමිනි.


තරග ප්‍රතිඵල

පිරිමි කේවල
අශේන් සිල්වා විසින් වට 2-0 ක් ලෙස ශාමල් දිසානායක පරාජය කරන ලදි. (6/4, 6/4)

කාන්තා කේවල
රුක්ෂිකා විජේසූරිය විසින් වට 2-1 ක් ලෙස අංජලිකා කුරේරා පරාජය කරන ලදි. (6/1, 6/7, 6/3)

පිරිමි යුගල
යසිත ද සිල්වා සහ දිල්වන් හේරත් විසින් චාතූර්ය නිලවීර සහ ටොහාන් විජේමාන්න පරාජය කරන ලදහ. (6/4, 6/3)

කාන්තා යුගල
අංජලිකා කුරේරා සහ රුක්ෂිකා විජේසූරිය විසින් නෙයාරා වීරවංශ සහ ජනාලි මනම්පේරි පරාජය කරන ලදහ. (6/3, 3/6, 10/5)


අදහස් (0)

අෂේන් - රුක්ෂිකා ජාතික ශූරතා දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.