Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ආරුගම්බේ සර්ෆ් සමාජය සහ ආරුගම්බේ බීච් වෙයාර් එක්ව තෙවැනි වරට සංවිධානය කරන මුහුදු රළ මත ලිස්සා යෑමේ (සර්ෆ්) තරගාවලියේ ශූරතාව 8 වරක් දිනා සිටින ආරුගම්බේ සර්ෆ් සමාජයේ ඩබ්ලිව්. එල්. අසංක සංජීව මෙවර තරගාවලියේදීද ශූරතාව කෙරෙහි බලාපොරොත්තු තබා සිටියි.
අසංක සංජීව රළ මත දස්කම් දක්වමින්... ඉහළ ඡයාරූපය: අසංක සංජීව
තරගාවලියේ දෙවැනි දිනය වූ අද (26 වැනිදා) පැවැති තෙවැනි වටයේ තරගවලදී අර්ධ අවසන් පූර්ව වටයට ක‍්‍රීඩකයෝ 12 දෙනකු සුදුසුකම් ලබාගත් අතර ඉන් 10 දෙනෙක් ආරුගම්බේ සර්ෆ් සමාජය නියෝජනය කරන ක‍්‍රීඩකයෝ වෙති. සෙසු ක‍්‍රීඩකයන් දෙදෙනා මාතර මිදිගම සහ හික්කඩුව යන ප‍්‍රදේශවල සිට තරගයට පැමිණ සිටියහ.
තරගාවලියේ තෙවැනි සහ අවසන් දිනය වන හෙට (27 වැනිදා) පෙරවරු 6.30 සිට දේශීය තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ සිට අවසන් මහා තරගය දක්වා පැවැත්වේ. ඊට අමතරව විදේශිකයන් සඳහා වන විවෘත තරගාවලියේ අවසන් පූර්ව සහ අවසන් මහා තරගද හෙට දිනයේදී පැවැත්වීමට නියමිතය.
දේශිය තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේදී ක‍්‍රීඩකයන් 6 දෙනකු අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබන අතර ක‍්‍රීඩකයෝ සිවුදෙනෙක් අවසන් මහා තරගයට සහභාගි වෙති.
අසංක සංජීව 2004 වසරේදී පළමු වරට මෙම තරගාවලියේ ශූරයා බවට පත්වූ අතර අනතුරුව 2006 වසරේ සිට 2012 වසර දක්වා අඛණ්ඩව වසර 7 ක් ශූරයා බවට පත්ව සිටියි. 2005 වසරේදී එස්. සුසන්ත ශූරයා වී තිබේ.
මෙවර තරගාවලිය පිළිබඳව ‘ලංකාදීප’යට අදහස් දැක්වූ 27 හැවිරිදි අසංක සංජීව පැවසුවේ මෙවර ද තමන් ශූරතාව කෙරෙහි බලාපොරොත්තු තබා සිටින බවයි.
”මීට පෙර තරගාවලිවලට වඩා මෙවර මට හොඳ තරගයක් තියෙනවා. දක්‍ෂ ක‍්‍රීඩකයන් කීපදෙනෙකුම සිටින බව දැකගන්න ලැබුණා. ඒ නිසා මෙවර අවසන් වටයේදී තියුණු සටනක් දැකගන්න අවස්ථාව ලැබෙයි” යැයි අසංක පැවසීය.
විදේශිකයන් සඳහා වන විවෘත තරගාවලියට ක‍්‍රීඩකයන් නව දෙනකු සහභාගි වූ අතර ඉන් ක‍්‍රීඩකයන් හය දෙනෙක් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්හ. මෙම තරගාවලියට ප‍්‍රබල ක‍්‍රීඩකයන් සහභාගි වී නොසිටි අතර ශ‍්‍රී ලංකාවේ මේ දිනවල සංචාරය කරන විදේශිකයෝ මේ සඳහා සහභාගි වූහ.
ආරුගම්බේ සර්ෆ් තරගාවලිය පිළිබඳව ‘ලංකාදීප’යට අදහස් දැක්වූ ආරුගම්බේ සර්ෆ් සමාජයේ ලේකම් කනිල් මධුසංඛ මහතා පැවසුවේ මෙම තරගාවලිය 2003 වසරේ ආරම්භ කළ බවත් පළමු තරගාවලිය ඉතාමත් අඩු පහසුකම් මධ්‍යයේ පැවැත්වූ බවත්ය.
”2003 වසරේ පැවැති පළමු තරගාවලියේදී අපිට හොඳ පුවරු තිබුණෙ නෑ. එක එක තැන්වලින් සොයාගත් පරණ පුවරු වලින් සහ අපි නිවසට අදින කලිසම ඇඳගෙනයි තරග කළේ.
”ඒත් 2011 වසරේ සිට ‘ආරුගම්බේ සර්ෆ් ක්ලැසික්’ ලෙස අනුග‍්‍රහකයන්ගේ දායකත්වයත් ලබාගෙන ඉතාම හොඳ තරගාවලියක් පැවැත්වීමේ අවස්ථාව ලැබී තිබෙනවා” යැයි ලේකම්වරයා වැඩි දුරටත් පැවසීය.
අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබූ ක‍්‍රීඩකයෝ:
ඩබ්ලිව්. එල්. අසංක සංජීව, ඒ. විජේන්ද්‍ර, පී. කවින්ද්‍රන්, ආර්. ජොන්සන්, සිරිල් ප‍්‍රනීත්, එස්. ෆ‍්‍රැන්සිස්, ඒ. එච්. රොෂාන්ත, එස්. සුසන්ත, ප‍්‍රනීත් ස`දරුවන්, ඒ. අනුෂාන් (ආරුගම්බේ සර්ෆ් සමාජය), ජේ. වී. සදුන් (මාතර ‐ මිදිගම* සහ ඩබ්ලිව්. එම්. ප‍්‍රදීප් කුමාර (හික්කඩුව)
ඇමරිකානු ජාතික කෝඩි තරගයේදී..
- යොහාන් භාසුර සහ පොතුවිල් යූ. විජේසිංහ, ආරුගම්බේ සිට...
(ඡයාරූප: රොමේෂ් ධනුෂ්ක සිල්වා)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.