Last Update  :  2024-12-25 15:17:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story අසලංක - ට්‍රෙවීන් යාපනය ටයිටන්ස් දිනවති
ලංකා දහයයි-10 ලීගය

අසලංක - ට්‍රෙවීන් යාපනය ටයිටන්ස් දිනවති

editorial - 2024 දෙසැ මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ලංකා දහයයි-10 ලීග් ක්‍රිකට් තරගාවලියේ 6 වැනි තරගය ලෙස යාපනය ටයිටන්ස් කණ්ඩායම සහ කොළම ජගුවර්ස් කණ්ඩායම අතර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඊයේ (12 වැනිදා) පැවැති තරගයෙන් ලකුණු 40 ක පහසු ජයක් වාර්තා කිරීමට යාපනය ටයිටන්ස් කණ්ඩායම සමත් විය. මෙම තරගාවලියේදී ඔවුන් පිට පිටම ලැබූ දෙවැනි ජය මෙය විය. 

ජයග්‍රහණය සඳහා ලකුණු 139 ක ඉලක්කයක් හඹාගිය කොළඹ ජගුවර්ස් කණ්ඩායමට ඕවර 10 අවසානයේ කඩුලු 6 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 98 ක් පමණ. කොළඹ ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ ඩැනියෙල් ලෝරන්ස් පන්දු 14 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 2 ක් සමග ලකුණු 28 ක් රැස්කළ නමුත් ඔහුට සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යෑමට නොහැකි විය. 

පිට පිටම දෙවැනි වරටත් දක්ෂ පන්දු යැවීමක නිරත වූ ටේ‍රවීන් මැතිව් ඕවර 2 ක් යවමින් ලකුණු 18 කට කඩුලු 3 ක් බිඳහෙළමින් කොළඹ කණ්ඩායමේ ජයග්‍රාහී මාවත අවහිර කළේය. ඒ සඳහා ඔහුට සහාය දැක්වූ මල්ෂ තරුපති සහ ඩ්වේන් ප්‍රිටෝරියස් එක් කඩුල්ල බැගින් දවාගැනිමට සමත් වූහ. 

පළමුවෙන් පන්දුවට පහරදුන් යාපනය ටයිටන්ස් කණ්ඩායම ඕවර 10 අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 138 ක් ලබාගත් අතර එය මෙම තරගාවලියේදී මේ දක්වා කණ්ඩායමක් ලබාගත් ඉහළම ලකුණු සංඛයාවද විය. එහිදී ප්‍රවේගකාරී ඉනිමක් ක්‍රීඩා කළ චරිත් අසලංක පන්දු 24 කින් ලකුණු 56 ක් රැස්කළේ හයේ පහර 5 ක් සහ හතරේ පහර 5 ක් සමගිනි. 

දෙවැනි පන්දුවේදීම ආරම්භක පිතිකරු ටොම් කොලර් කැඩ්මෝ ලකුණු නොළබා දැවී යෑමෙන් අනතුරුව සෙසු ආරම්භක පිතිකරුවා වූ කුසල් මෙන්ඩිස් (37) සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 31 කදී ලකුණු 80 ක වේගවත් සම්බන්ධතාවක් ගොඩනැගීමටද චරිත් සමත් විය. පන්දු 19 කදී වාර්තා වූ මෙන්ඩිස්ගේ ඉනිම හයේ පහරකින් සහ හතරේ පහර 6 කින් සමන්විත විය. 


යාපනය ටයිටන්ස් පිල - ඕවර 10 කදී කඩුලු 6 කට 138    
(කුසල් මෙන්ඩිස් 37, චරිත් අසලංක 56, ටොම් ඇබෙල් 13, අලී ඛාන් 20/2, ඇන්ජලෝ මැතිව්ස් 22/2) 

කොළඹ ජගුවර්ස් පිල - ඕවර 10 කදී කඩුලු 6 කට 98 
(ඩැනියෙල් ලෝරන්ස් 28, නජිබුල්ලා සද්‍රාන් 17, අසීෆ් අලී 13, රමේෂ් මෙන්ඩිස් නොදැවී 15, ටේ‍රවීන් මැතිව් 18/3) 


අදහස් (0)

අසලංක - ට්‍රෙවීන් යාපනය ටයිටන්ස් දිනවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.