Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකාව සහ පාකිස්තාන අතර තරග දෙකකින් සමන්විත විස්සයි20 ක‍්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් ඩුබායි ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී අද (11) රාත‍්‍රී පැවැති පළමු තරගයෙන් පාකිස්තානු ක‍්‍රීඩකයෝ කඩුලූ 3 ක ජයක් ලැබීමට සමත් වූහ. පාකිස්තානය මෙම ජයග‍්‍රහණයත් සමග 1-0 ක් ලෙස තරගාවලියේ පෙරමුණට පැමිණියේය.
පාකිස්තානු පිල ලකුණු 146 ක ජයග‍්‍රාහි ඉලක්කය ඕවර 19.1 කදී කඩුලූ 7 ක් දැවී සම්පූර්ණ කළේය.
ලෝක විස්සයි20 ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානයේ පසු වන ශ්‍රී ලංකාව මෙම පරාජයත් සමග ශ්‍රේණිගත කිරීමේ පහත වැටීමේ දැඩි අවදානමට පත්විය. ශ්‍රී ලංකාව ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානය රැකගැනීමට නම් මෙම තරගාවලියේදී අවම වශයෙන් එක තරගයක් හෝ ජය ලැබිය යුතුය.
සහිඞ් අෆ්රිඩි පන්දු 20 කදී හතරේ 2 ක් සහ හයේ පහර 3 ක් සමගින් නොදැවී ලකුණු 39 ක් රැස්කරමින් ජයග‍්‍රහණයේ දැවැන්ත කොටස්කරුවකු බවට පත්විය. ශර්ජීල් ඛාන් (34) සහ මොහොමඞ් හෆීස් (32) දෙවැනි කඩුල්ල සඳහා ලකුණු 57 ක සම්බන්ධතාවක් පවත්වමින් ජයග‍්‍රහණයට ශක්තිමත් අඩිතාලමක් දැමූහ.
ළහිරු තිරිමාන්න ෂෝට් කවර් ස්ථානයේ රැකගත් අති විශිෂ්ට උඩ පන්දුව නිසා අහ්මඞ් ශෙෂාඞ්ගේ ඉනිම ලකුණු 4 කට සීමා කිරීමට හැකි විය.
ඇන්ජලෝ මැතිව්ස් පන්දු 34 කදී හතරේ පහර 5 ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 50 ක් රැස් කරමින් පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිලේ වැඩිම ලකු-ණු ලාභියා බවට පත්විය. මෙය මැතිව්ස්ගේ දෙවැනි විස්සයි20 අන්තර්ජාතික අර්ධ ශතකය වේ.
දකුණතින් වේග පන්දු යවන බිලවල් භාටි යැවූ ඉනිමේ 18 වැනි ඕවරයට ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 18 ක් (2,4,4,2,2,4) රැස්කරමින් ශ්‍රී ලංකා පිල පියවර කීපයක් ඉදිරියට ගෙන ආවේය.
ඇන්ජලෝ මැතිව්ස් (50) සහ ළහිරු තිරිමාන්න (නොදැවී 23) පස්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 34 කදී ලකුණු 58 ක සම්බන්ධතාවක් පැවැත්වීමට සමත් වූහ. ළහිරු තිරිමාන්න පන්දු 16 කදී නොදැවී ලකුණු 23 ක් රැස්කළ අතර එයට හතරේ සහ හයේ පහර බැගින් අන්තර්ගත විය.
පාකිස්තානු පිලේ නායක මොහොමඞ් හෆීෂ් කාසියේ වාසිය ලබා පළමුව පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා පිලට ආරාධනා කළේය.
සොහෙල් තන්වීර් (34/2) සහ සයිඞ් අජ්මාල් (35/2) කඩුලූ දෙක බැගින් දවාගත් අතර සහිඞ් අෆ්රිඩි යැවූ ඕවර හතරට ශ්‍රී ලංකා පිතිකරුන්ට රැස්කළ හැකි වූයේ ලකුණු 20 ක් පමණි. තරගයේ වීරයා වශයෙන්ද අෆ්රීඩි සම්මාන දිනාගත්තේය.
දෙරට අතර දෙවැනි සහ අවසන් විස්සයි20 තරගය අනිද්දා (13) ඩුබායි ක‍්‍රීඩාංගණයේදීම පැවැත්වේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.