Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ආණ්ඩුකාර කුසලාන තුරඟ තරග 15 දා

ආණ්ඩුකාර කුසලාන තුරඟ තරග 15 දා

editorial - 2023 අප්‍රේ මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


(ශානුක අරවින්ද)

දිවයිනේ පැරණිතම තුරඟ තරගාවලිය වන ආණ්ඩුකාර කුසලාන තුරඟ තරග මේ මස 15 වැනිදා පෙරවරු 10.00 සිට නුවරඑළිය තුරඟ තරග පිටියේදී පැවැත්වේ. එම තරගාවලියේදී තුරඟ තරග 5 ක් පැවැත්වීමට සංවිධායකයන් කටයුතු සූදානම් කර ඇත.

රාජකීය තුරඟ තරග සමාජය සංවිධානය කරන මෙම තරගාවලියේදී ආණ්ඩුකාර කුසලාන තරගාවලිය හැරුණුකොට වැඩි දෙනකුගේ අවධානයක් යොමුවන තුරඟ තරගය ලෙස ඉපැරණි රැජින කුසලාන තරගය හැඳින්විය හැකිය. එම තරගය මීටර් 2000 ක දුරකින් සමන්විත වේ.

මෙම වසරේදී පැවැත්වෙන තුරඟ තරග මාලාවේ පස්වැනි තරගාවලිය මෙය වන අතර දිවයිනේ ප්‍රමුඛ පෙලේ අශ්වගාල වන එඩ්වඩ්ස් අශ්වගාල, ජයරත්න අශ්වගාල, ෆියර්ලස් අශ්වගාල, ඩයිනමික් අශ්වගාල සහ අනෙකුත් තනි හිමිකරුවන් සතු අසුන් රාශියක් එහිදී තරග බිමට පිවසීමට නියමිතය.

මින් පෙර (2021 වසරේදී) පැවැති ආණ්ඩුකාර කුසලාන තරගයක් ජයගත් ‘වෙස්ටන් වින්ඩ්’ අසු මෙවර තරගයට සහභාගි නොවන නමුත් ඔහු වෙනුවට තෙවරක්ම රැජින කුසලාන තරගය ජයගෙන සිටින ‘අනදර් ඒස්’ අශ්වයා මෙවර ආණ්ඩුකාර කුසලාන තරගය සඳහා සහභාගි කරවීමට ජයරත්න අශ්වගාලේ හිමිකරුවෝ සූදානමින් සිටිති.

මෙවර ආණ්ඩුකාර කුසලාන තරගය සඳහා එක්ව සිටින තවත් ප්‍රබල තුරඟකු ලෙස ‘මෙහෙරාන්’ හැඳින්විය හැකි වුවත්, මෙම වසර තුළදී කැපී පෙනෙන දස්කම් දැක්වීමට ඔහු අපොහොසත් විය. තෙවරක් ආණ්ඩුකාර කුසලාන තරගය ජයගෙන සිටින ‘අල්කසබා’ වෙළඹද මෙවර තරගය සඳහා සහභාගි නොවන බැවින් මෙවර තරගයේ ජය සියලුම තරඟුන්ට විවෘතව පවතී.

 


අදහස් (0)

ආණ්ඩුකාර කුසලාන තුරඟ තරග 15 දා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.