Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ගාල්ල රිච්මන්ඩ් විදුහල හා මහින්ද විදුහල අතර වාර්ෂිකව පැවැත්වෙන ආදරවන්තයන්ගේ සටන 2025 වසරේ සිට තුන් දින තරගයක් ලෙස පවත්වා ගෙන යාමට තීරණයවී තිබේ. ඒ අනුව 2025 වසරේදී පැවැත්වෙන 120 වැනි ආදරවන්තයන්ගේ සටන දින තුනක තරගයක් ලෙස අඛණ්ඩව ඉදිරියට යනු ඇත.
මෙම තරගය දින 3 ක් පුරා පැවැත්වීමේ අවබෝධතා ගිවිසුමට විදුහල් දෙකේම විදුහල්පතිවරුන් විසින් අත්සන් තබන ලදි. එම උත්සවය ගාල්ල මහින්ද විදුහලේදී පැවැත්විණ.
ගාල්ල මහින්ද විද්‍යාලයේ විදුහල්පති ජනක පේදුරුහේවා, රිචමන්ඩ් විද්‍යාලයේ විදුහල්පති පි.එස්. පුෂ්පකුමාර, මහින්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමයේ ලේකම් සම්පත් රත්නායක, රිච්මන්ඩ් විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමයේ ලේකම් චම්ලි කුලවර්ධන යන මහත්වරුද මෙම අවබෝධතා ගිවිසුමට අත්සන් තැබූහ.
මහින්ද විද්‍යාලයේ පාසල් සංවර්ධන සමිතියේ ලේකම් නලින් තරංග නන්දසිරි පරණගම සහ රිච්මන්ඩ් විද්‍යාලයේ පාසල් සංවර්ධන සමිතියේ ලේකම් උදාර අලස් යන මහත්වරු මෙම ගිවිසුමේ සාක්ෂියට අත්සන් තැබූහ.
මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිතයන් ලෙස මෙම පාසල් දෙකෙන්ම ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට පිවිසි උපුල් චන්දන (මහින්ද) සහ චම්පක රාමනායක (රිච්මන්ඩ්) මහත්වරු සහභාගි වූහ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.