Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා කැරම් සම්මේලනය සංවිධානය කළ වසර මැද ආධුනික කැරම් තරගාවලියේ (2016) පිරිමි කේවළ ශූරතාව ගුවන් හමුදාවේ හසිත අනුරුද්ධ සමත්විය. නුගේගොඩ මහාමායා බාලිකා විද්‍යාලයේ නුවන්තිකා සංජීවනී, කාන්තා කේවළ ඉසව්වේ ශූරතාව දිනා ගත්තාය.
පිරිමි සහ කාන්තා කේවල, යුගළ ඉසව් දෙකින් පැවැති මෙම තරගාවලිය කොහුවල ශ්‍රී ලංකා කැරම් සම්මේලන මුලස්ථානයේදී පැවැත්විණ.
තරගාවලියට ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 300 කට වැඩි පිරිසක් සහභාගිවුහ.
පිරිමි කේවල ඉසව්වේ අවසන් මහ තරගයේදී පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයේ අභිෂේක් ජයවර්ධන තරග වට 2-0 (25/15, 25/21) කින් පරදවා හසිත ශූරතාව දිනා ගත්තේය.
මහනුවර තරුණ ක්‍රිස්තියානි සංගමයේ ඒ.සී.එම්.අස්ලම් තෙවැනි ස්ථානය ලැබීය.
යුද හමුදාවේ එම්. චිත්‍රදේවි තරග වට 2-0 (25/24, 25/23) කින් පරදවා නුවන්තිකා කාන්තා කේවළ ඉසව්ව ජය ගත්තාය.
නුගේගොඩ මහාමායා බාලිකා විද්‍යාලයේ තස්මිලා කවින්දි තෙවැනි ස්ථාන ලැබුවාය.
![]() |
|
කාන්තා කේවළ ඉසව්වේ ශූරිය නුවන්තිකා සංජීවනී (වමේ) සහ අනුශූරතාව හිමිකර ගත් එම්.චිත්‍රාදේවි |
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.