Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ආනන්ද - ඩැනියෙල් මහවැසි මැද පෙරට

ආනන්ද - ඩැනියෙල් මහවැසි මැද පෙරට

සංජය එරමුදුගොඩ - 2016 මැයි මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පන්නල මෝටර් රථ ධාවන පථයේදී පැවැති කලාප මෝටර් රථ සහ යතුරුපැදි තරගාවලියේ පළමු අදියරේ වැඩි ගෞරව දිනාගැනීමට ශොයෙල් ඩැනියෙල් සහ ආනන්ද වෙඩිසිංහ සමත් වූහ.

‘එම්’ කාණ්ඩයේ සාමාන්‍ය සහ නවීකරණය කරන ලද (සි. ධා. 250 දක්වා) යතුරුපැදි සහ ‘එම්’ කාණ්ඩයේ සාමාන්‍ය සහ නවීකරණය කරන ලද (සි. ධා. 600 දක්වා) යතුරුපැදි තරග වලදී  ද්විත්ව ජයග‍්‍රහණයකට හිමිකම් කීමට ශොයෙල් ඩැනියෙල් සමත් විය.  

එස්. එම්. කාණ්ඩයේ (සි. ධා. 450 දක්වා) සුපර් මෝටාඞ් යතුරුපැදි තරගය සුරාජ් පෙරේරාට පමණක් දෙවැනි වෙමින් අවසන් කළ ප‍්‍රවීණ කී‍්‍රඩක ආනන්ද වෙඩිසිංහ, එම ඉසව්වේ විවෘත තරගය තරගය ජයගත්තේ සංගීත් සූරියගේ, දේෂාන් සොලංකි සහ සුරාජ් පෙරේරාද පසුපසට ඇද දමමිනි.

තරගාවලියේ වේගවත්ම යතුරුපැදි ඉසව්ව වූ ‘එම්’ කාණ්ඩයේ සාමාන්‍ය සහ නවීකරණය කරන ලද (සි. ධා. 1000 දක්වා) යතුරුපැදි තරගය ජයගැනීමට ප‍්‍රමුඛ සේසත් සමත් විය. අධික වැසි හේතුවෙන් එම ඉසව්වේ විවෘත තරගය නොපැවැත්වීමට සංවිධායකයෝ පියවර ගත්හ.

යතුරුපැදි තරග සඳහා සහභාගි වූ එකම කී‍්‍රඩිකාව වූ හංසිකා අබේසිංහ, ‘ ඕ’ කාණ්ඩයේ සාමාන්‍ය (සි. ධා. 125 සිට 160 දක්වා) යතුරුපැදි තරගය ජයගැනීමට සමත් වූවාය. එම තරගයේ දෙවැනි සහ තෙවැනි ස්ථාන පිළිවෙළින් විනුල සහ නිකිල පතිරගේ සොහොයුරන්ට හිමිවිය.

එස්. එල්. ඒ. කාණ්ඩයේ (සි. ධා. 1000 දක්වා) මිනි 7 මෝටර් රථ තරගයේ ජය නාමල් සිල්වාට හිමිවිය. එස්. එල්. එන්. කාණ්ඩයේ ෆෝඞ් ලේසර්/මැස්ඩා (සි ධා. 1300 දක්වා) මෝටර් රථ තරගය ජයගත්තේ යොවුන් කී‍්‍රඩක ඉමේෂ් සිල්වාය.

මීගමුව මෝටර් කී‍්‍රඩා සංගමය සංවිධානය කළ මෙම තරගාවලියේදී මෝටර් රථ ඉසව් 5 ක් සඳහා තරගකරුවන් 37 දෙනෙක්ද, යතුරුපැදි ඉසව් 11 ක් සඳහා තරගකරුවන් 76 දෙනෙක් සහභාගි වූහ.

තරගාවලියේ සියලූ තරග වර්ෂාව මධ්‍යයේ පැවැත්වුණ අතර ධාවන පථයේ පැවැති ලිස්සන සුළු ස්වභාවය නිසා තරගකරුවන් කිහිපදෙනෙකුම අනතුරුවලට ලක්වන අයුරු දැකගත හැකිවිය.

අදියර 2 කින් සමන්විත මෙම ශූරතාවලියේ දෙවැනි අදියර ලබන නොවැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිතය.

 

‘ඕ’ කාණ්ඩයේ සාමාන්‍ය (සි. ධා. 125 දක්වා) යතුරුපැදි තරගය
1 සංජීව උදයකුමාර (හොණ්ඩා ජේ. එක්ස්. 125)
2 ඉඳුනිල් වීරසිංහ (හොණ්ඩා ජේ. එක්ස්. 125)
3 චමින්ද සුභසිංහ (හොණ්ඩා ජේ. එක්ස්. 125)


‘ ඕ’ කාණ්ඩයේ සාමාන්‍ය (සි. ධා. 125 සිට 160 දක්වා) යතුරුපැදි තරගය
1 හංසිකා අබේසිංහ (හොණ්ඩා සී. බී. ආර්. 150)
2 විනුල පතිරගේ (හොණ්ඩා සී. බී. ආර්. 150)
3 නිකිල පතිරගේ (හොණ්ඩා සී. බී. ආර්. 150)


එස්. එල්. ඒ. කාණ්ඩයේ (සි. ධා. 1000 දක්වා) මිනි 7 මෝටර් රථ තරගය
1 නාමල් සිල්වා (ඔස්ටින් මිනි 1000)
2 ඩබ්ලිව්. එන්. එස්. තිසේරා (ඔස්ටින් මිනි 1000)
3 සරත්චන්ද්‍ර පතිරත්න (ඔස්ටින් මිනි 1000)


‘එම්’ කාණ්ඩයේ සාමාන්‍ය සහ නවීකරණය කරන ලද (සි. ධා. 125 දක්වා) යතුරුපැදි තරගය
1 හේෂාන් පසිඳු (යමහා ටී. ඉසෙඞ්. ආර්. 125)
2 ජගත් ප‍්‍රනාන්දු (යමහා ටී. ඉසෙඞ්. ආර්. 125)
3 නවිෂ්ක පෙරේරා (යමහා ටී. ඉසෙඞ්. ආර්. 125)

 
එස්. එම්. කාණ්ඩයේ (සි. ධා. 250 දක්වා) සුපර් මෝටාඞ් යතුරුපැදි තරගය
1 කසුන් ධනුෂ්ක (යමහා වයි. ඉසෙඞ්. එෆ්. 250)
2 දේෂාන් සොලංකි (සුසුකි ආර්. එම්. ඉසෙඞ් 250)
3 සංගීත් සූරියගේ (හොණ්ඩා ආර්. ආර්. එෆ්. 250)


ආර්. කාණ්ඩයේ (සි. ධා. 125 දක්වා) යතුරුපැදි තරගය
1 ශස්රාන් ඉස්මතූන් (හොණ්ඩා ආර්. එස්.)
2 ආනන්ද වෙඩිසිංහ (හොණ්ඩා ආර්. එස්.)
3 වී. ටී. ශාන්තරාම් (හොණ්ඩා ආර්. එස්.)


එස්. එල්. ඊ. කාණ්ඩයේ නිසාන් මාර්ච් (සි. ධා. 1000 දක්වා) මෝටර් රථ තරගය
1 ඬේවින් සේරසිංහ (නිසාන් මාර්ච් 1000)
2 සචිත් පතිරණ (නිසාන් මාර්ච් 1000)
3 යසිත් ගමගේ (නිසාන් මාර්ච් 1000)

 
‘එම්’ කාණ්ඩයේ සාමාන්‍ය සහ නවීකරණය කරන ලද (සි. ධා. 250 දක්වා) යතුරුපැදි තරගය
1 ශොයෙල් ඩැනියෙල් (හොණ්ඩා සී. බී. ආර්. 250)
2 එන්. එස්. එම්. ශසාන් (හොණ්ඩා සී. බී. ආර්. 250)
3 ශෙරෝන් ප‍්‍රනාන්දු (හොණ්ඩා සී. බී. ආර්. 250)


එස්. එම්. කාණ්ඩයේ (සි. ධා. 450 දක්වා) සුපර් මෝටාඞ් යතුරුපැදි තරගය
1 සුරාජ් පෙරේරා (යමහා වයි. ඉසෙඞ්. 450)
2 ආනන්ද වෙඩිසිංහ (යමහා වයි. ඉසෙඞ්. 450)
3 චමීන් ශ්‍රී වික‍්‍රම (යමහා වයි. ඉසෙඞ්. 450)

 
‘එම්’ කාණ්ඩයේ සාමාන්‍ය සහ නවීකරණය කරන ලද (සි. ධා. 600 දක්වා) යතුරුපැදි තරගය
1 ශොයෙල් ඩැනියෙල් (හොණ්ඩා සී. බී. ආර්. 600)
2 චමින්ද ද සිල්වා (හොණ්ඩා සී. බී. ආර්. 600)
3 මොහොමඞ් බාෂිත් (සුසුකි ජී. එස්. එක්ස්. ආර්. 600)


එස්. එල්. එන්. කාණ්ඩයේ ෆෝඞ් ලේසර් / මැස්ඩා (සි ධා. 1300 දක්වා) මෝටර් රථ තරගය
1 ඉමේෂ් සිල්වා (ෆෝඞ් ලේසර් 1300)
2 ප‍්‍රසන්න ද අල්විස් (ෆෝඞ් ලේසර් 1300)
3 අකිල ද කොස්තා (ෆෝඞ් ලේසර් 1300)

 
එස්. එම්. කාණ්ඩයේ සුපර් මෝටාඞ් විවෘත යතුරුපැදි තරගය

1 ආනන්ද වෙඩිසිංහ (යමහා වයි. ඉසෙඞ්. 450)
2 දේෂාන් සොලංකි (සුසුකි ආර්. එම්. ඉසෙඞ් 250)
3 සංගීත් සූරියගේ (හොණ්ඩා ආර්. ආර්. එෆ්. 450)


එස්. එල්. එන්. කාණ්ඩයේ ෆෝඞ් ලේසර් / මැස්ඩා (සි ධා. 1500 දක්වා) මෝටර් රථ තරගය
1 තරිඳු ධර්මරත්න (මැස්ඩා 323 - 1500)
2 සංජීව ප‍්‍රනාන්දු (ෆෝඞ් ලේසර් 1500)
3 ඬේවිඞ් සියගුණ (ෆෝඞ් ලේසර් 1500)


‘එම්’ කාණ්ඩයේ සාමාන්‍ය සහ නවීකරණය කරන ලද (සි. ධා. 1000 දක්වා) යතුරුපැදි තරගය
1 ප‍්‍රමුඛ සේසත් (බී. එම්. ඩබ්ලිව්. 1000)
2 ළහිරු ප‍්‍රදීප් (හොණ්ඩා සී. බී. ආර්. 1000)
3 දිනූෂ නාමල් ඩයස් (යමහා ආර්. I 1000)


එස්. එල්. ඒ. කාණ්ඩයේ (සි. ධා. 1275 දක්වා) මිනි 7 මෝටර් රථ තරගය
1 ලලින් ශෙහාන් (ඔස්ටින් මිනි 1000)
2 නිෂාන්ත ද අල්විස් (ඔස්ටින් මිනි 1000)
3 දුලාන් මතීෂ (ඔස්ටින් මිනි 1000)

 

එස්. එම්. කාණ්ඩයේ සුපර් මෝටාඩ් විවෘත යතුරුපැදි තරගය ජයග්‍රහණය කළ 
ආනන්ද වෙඩිසිංහ (යමහා වයි. ඉසෙඞ්. 450)

ඡායාරූපය - ශානුක අරවින්ද

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

‘එම්’ කාණ්ඩයේ සාමාන්‍ය සහ නවීකරණය කරන ලද (සි. ධා. 1000 දක්වා) යතුරුපැදි තරගය ජයග්‍රහණය කළ ප‍්‍රමුඛ සේසත් (බී. එම්. ඩබ්ලිව්. 1000)
 
ඡායාරූපය - ශානුක අරවින්ද  

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

එස්. එල්. ඒ. කාණ්ඩයේ (සි. ධා. 1000 දක්වා) මිනි 7 මෝටර් රථ තරගය දිනූ නාමල් සිල්වා
ඡායාරූපය - ශානුක අරවින්ද

 

 

 

 

 

එස්. එල්. එන්. කාණ්ඩයේ ෆෝඞ් ලේසර් / මැස්ඩා (සි ධා. 1300 දක්වා) මෝටර් රථ තරගයෙන් ජයලැබූ ඉමේෂ් සිල්වා
ඡායාරූපය - ශානුක අරවින්ද

 

 

 

 

 

 

 

 

 

 

පන්නල මෝටර් රථ සහ යතුරුපැදි තරගාවලිය - පළමු අදියරේ තවත් ඡායාරූප

ඡායාරූප - ශානුක අරවින්ද


අදහස් (0)

ආනන්ද - ඩැනියෙල් මහවැසි මැද පෙරට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.