Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ආරාධිත තරගාවලිය 27 දා සිට

ආරාධිත තරගාවලිය 27 දා සිට

Nisanka Sandeepani - 2018 මැයි මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනය සංවිධානය කරන ශ්‍රී ලංකා ආරාධිත ජාත්‍යන්තර දැල්පන්දු තරගාවලිය මෙම 27 වැනිදා සිට කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. ඒ සඳහා ශ්‍රී ලංකා ජාතික දැල්පන්දු සංචිත කණ්ඩායම, ශ්‍රී ලංකා සංවර්ධන සංචිත කණ්ඩායම සහ එංගලන්තයේ ක්‍රීඩා සමාජ කණ්ඩායමද හා සිංගප්පූරුවේ ජාතික දැල්පන්දු සංචිත කණ්ඩායමද සහභාගි වීමට නියමිතය. 
 
ලබන සැප්තැම්බර් 1 වැනිදා සිට 10 වැනිදා දක්වා සිංගප්පූරුවේදී පැවැත්වෙන ආසියානු දැල්පන්දු ශූරතා තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකාව එම තරගාවලියට පෙරහුරුවක් ලෙස මෙම ආරාධිත තරගාවලිය සංවිධානය කරයි. ආසියානු තරගාවලියේදී ශ්‍රී ලංකාවේ ප්‍රබලම ප්‍රතිවාදියා බවට පත්ව සිටින සිංගප්පූරුව ඒ සඳහා සූදානම් කර තිබෙන ජාතික දැල්පන්දු කණ්ඩායමද මෙම තරගාවලියට සහභාගි කරවන බවද දැල්පන්දු සම්මේලනයේ සභාපතිනි ට්‍රික්සි නානායක්කාර මහත්මිය පැවසුවාය. 
 
පාසල් සිසුවියන්ට මෙම තරගාවලිය නැරඹීමට අවස්ථාව උදාකරමින් සියලුම තරග පස්වරු 3.00 සිට ආරම්භ කිරීමට කටයුතු යොදා ඇතැයිද ට්‍රික්සි නානායක්කාර මහත්මිය පැවසුවාය. 
 
ආරාධිත දැල්පන්දු තරගාවලිය පැවැත්වෙන ආකාරය
 
මැයි 27
ප.ව. 3.00 : සිංගප්පූරු ජාතික සංචිත පිල හා ශ්‍රී ලංකා ජාතික සංචිත පිල අතර
ප.ව. 6.00 : ශ්‍රී ලංකා සංවර්ධන සංචිත පිල හා එංගලන්ත ක්‍රීඩා සමාජ පිල අතර.
 
මැයි 28 
ප.ව. 3.00 : ශ්‍රී ලංකා ජාතික සංචිත පාල හා එංගලන්ත ක්‍රීඩා සමාජ පිල අතර 
ප.ව. 6.00 : ශ්‍රී ලංකා සංවර්ධන සංචිත පිල හා සිංගප්පූරු ජාතික සංචිත පිල අතර
 
මැයි  29 
ප.ව. 3.00 : සිංගප්පූරු සංචිත පිල හා එංගලන්ත ක්‍රීඩා සාජ පිල අතර
ප.ව. 6.00 : ශ්‍රී ලංකා ජාතික සංචිත පිල හා ශ්‍රී ලංකා සංවර්ධන සංචිත පිල අතර
 
මැයි 30 
ප.ව. 3.00 : කණ්ඩායම් ස්ථාන තේරීම් තරග.

අදහස් (0)

ආරාධිත තරගාවලිය 27 දා සිට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.