Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා ටෙනිස් සංගමයේ නවතම ශ්‍රේණිගත කිරීම් වලට අනුව ශාමල් දිසානායක පිරිමි අංශයේ පෙරමුණටත්, ජනාලි මනම්පේරි කාන්තා අංශයේ පෙරමුණටත් පැමිණ සිටිති. නවතම ටෙනිස් ශ්‍රේණිගත කිරීම අනුව ශාමල් දිසානායක ප්‍රසාද ලකුණු 3000 ක් ලබාගනිමින් පිරිමි ශ්‍රේණිගත කිරීම් අතරේ පෙරමුණ ගෙන ඇති අතර ජනාලි මනම්පේරි කාන්තා ශ්‍රේණිගත කිරීම් අතරේ පෙරමුණ ගෙන ඇත්තේ ප්‍රසාද ලකුණු 2800 ක් ලබාගනිමිනි.
ටෙනිස් ශ්‍රේණිගත ලයිස්තුවේ එසේ සටහන් වූවද මෙවර ආසියානු ක්‍රීඩා උළෙල සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයන් දෙදෙනා වන්නේ 1 වැනි ස්ථානයේ සිටින ශාමල් දිසානායක සහ 9 වැනි ස්ථානයේ සිටින යසිත ද සිල්වාය. ආසියානු ක්‍රීඩා උළෙල නියෝජනය කරන ක්‍රීඩිකාවන් දෙදෙනා වන්නේ 4 වැනි ස්ථානය සමව අත්කරගෙන සිටින අංජලිකා කුරේරා සහ අනීකා සෙනෙවිරත්න දෙදෙනායි.
ජාතික ඔලිම්පික් කමිටුව විසින් නිකුත් කරන ලද ක්‍රීඩක නාමාවලිය අනුව පිරිමි ශ්‍රේණිගත ලයිස්තුවේ දෙවැනි ස්ථානයේ සිටි දිනේෂ්කාන්තන් තංගරාජා ආසියානු ක්‍රීඩා උළෙලට එක්වී ඇත්තේ පුහුණුකරුවකු ලෙසිනි.
දේශීය වශයෙන් පවත්වනු ලබන තරගාවලිවල ප්‍රතිඵල අනුව ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ශ්‍රේණිගත ස්ථාන වෙනස් වන නමුත් ශ්‍රී ලංකා ටෙනිස් සංගම් ආරංචි මාර්ග තහවුරු කරනු ලබන්නේ ජූනි 25 වැනිදායින් පසුව පැවැත්වූයේ කොළඹ ටෙනිස් ශූරතාවලිය පමණක් වන බවයි. එම තරගාවලියේ ප්‍රතිඵල අනුව පිරිමි අවසන් තරගයේදී ශාමල් දිසානායක විසින් දිනේෂ්කාන්තන් තංගරාජා පරාජය කරන ලදි. කාන්තා අවසන් තරගයේදී අංජලිකා කුරේරා විසින් අනීකා සෙනෙවිරත්න පරාජය කරන ලදි.
ටෙනිස් ජාතික තේරීම් කමිටුව විසින් ආසියානු ක්‍රීඩා උළෙල සඳහා ක්‍රීඩිකාවන් නිර්දේශ කර ඇත්තේ ජූනි 25 වැනිදාය. ඒ සඳහා ජාතික ටෙනිස් තේරීම් කමිටුව තේරීම් තරගාවලියක් පැවැත්වූ බවද කියයි.
අගෝස්තු 13 වැනිදා යාවත්කාලීන කරන ලද ශ්‍රී ලංකා ටෙනිස් ශ්‍රේණිගත ලයිස්තුව පහත දැක්වේ.
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.