Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ආසියානු ක්‍රිකට් සමුළුව මෙහෙයවූ හත්වැනි ආසියානු කුසලාන වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ (2018) ශූරතාව දිනාගැනීමට ඉන්දීය යොවුන් පිල අද (07) සමත් විය. ශ්‍රී ලංකා යොවුන් පිලට අනු ශූරතාව හිමිවිය.
ඉන්දියාව ආසියානු යොවුන් ක්‍රිකට් ශූරතාව දිනූ හයවැනි අවස්ථාව මෙය වේ. ශ්‍රී ලංකාව සිවුවැනි වරටත් අනු ශූරයන් බවට පත්විය. මැලේසියාවේදී 2012 වසරේ පැවැති තරගාවලියේදී ඉන්දියාව සහ පාකිස්තානය අතර අවසන් මහ තරගයේ ලකුණු සම වීමෙන් සම ශූරයන් බවට පත්වූ අතර 2017 වසරේ ඇෆ්ගනිස්තානය ශූරයන් බවට පත්විය.
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ඩකාහි ශ්‍රේ බංග්ලා ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (07) පැවැති අවසන් මහා තරගයෙන් (දිවා/රාත්‍රී) ඉන්දීය යොවුන් ක්‍රීඩකයෝ ලකුණු 144 ක පහසු ජයක් ලැබූහ.
ජයග්‍රහණය සඳහා ලකුණු 305 ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා යොවුන් පිල ඕවර 38.4 කදී ලකුණු 160 කට සීමාවිය. වමතින් දඟ පන්දු යවන හර්ෂ් ත්‍යාග විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 38 කට කඩුලු 6 ක් දවාගැනීමෙන් ඉන්දීය ජයග්‍රහණය වේගවත් විය.
නවෝද් පරණවිතාන නොදැවී ලකුණු 48 ක් රැස්කළද ඒ වන විටත් ශ්‍රී ලංකාවෙන් ජයග්‍රහණය ගිලිහී තිබුණි. ආරම්භක පිතිකරු නිෂාන් මධුෂ්ක පන්දු 67 කදී හතරේ පහරක් සහ හයේ පහර 2 ක් සමගින් ලකුණු 49 ක් ලබා සිටියදී පස්වැනි කඩුල්ල ලෙස පිටියනේ ඉවත් විය.
අවසන් පූර්ව තරගයේදී ශතකයක් රැස්කරමින් ශ්‍රී ලංකා පිල අවසන් මහා තරගයට ගෙන ආ නුවනිඳු ප්‍රනාන්දු ලකුණු 4 කට දැවී යෑමෙන් බලාපොරොත්තු සුන්විය.
පසිඳු සූරියබණ්ඩාර (31) සහ කළන පෙරේරා (0) ලකුණු තුනක් තුළ දැවී යෑමෙන් 18 වැනි ඕවරයේ දෙවැනි පන්දුවේදී ලකුණු 69 කට කඩුලු තුනක් බවට පත්විය.
ඉන්දීය යොවුන් පිලේ නායක සිම්රාන් සිං (නොදැවී 65) සහ අයූෂ් බදෝනි (නොදැවී 52) සිවුවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 55 කින් ගොඩනැගූ ලකුණු 110 ක ප්‍රවේගකාරී සම්බන්ධතාව ඉන්දීය පිල ලකුණු 304 කට රැගෙන ආවේය.
සිම්රාන් සිං පන්දු 37 කදී හතරේ පහර 3 ක් සහ හයේ පහර 4 ක් සමගින් නොදැවී ලකුණු 65 ක්ද, අයූෂ් බදෝනි පන්දු 28 කදී හතරේ පහර 2 ක් සහ හයේ පහර 5 ක් සමගින් නොදැවී ලකුණු 52 ක් ද, රැස්කිරීමට සමත් වූහ. මෙම වේගවත් පිතිහරඹය නිසා අවසන් ඕවර 10 ට ලකුණු 113 ක් ලකුණු පුවරුවට එකතු විය.
දෙව්දුට් පාඩික්කල් වේගවත් ඉනිමක් දියත් කරමින් පන්දු 43 කින් ලකුණු 31 ක් රැස්කළේය.
යෂාවි ජයිස්වල් පන්දු 113 කින් ලකුණු 85 ක් රැස්කර සිටියදී දෙවැනි කඩුල්ල ලෙස දැවී ගියේය. ජයිස්වල්ගේ ඉනිමට හතරේ පහර 8 ක් සහ හයේ පහරක් ඇතුළත් විය.
අනුජ් රාවට් පන්දු 79 කදී හතරේ පහර 4 ක් සහ හයේ පහර 3 ක් සමගින් ලකුණු 59 ක් ලබාසිටිදී දුනිත් වෙල්ලාලගේ හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවිය.
ඉන්දීය ආරම්භ පිතිකරුවන් වූ යෂාවි ජයිස්වල් සහ අනුජ් රාවට් අනගි පිතිහරඹයක නිතර වෙමින් පන්දු 151 කින් ලකුණු 121 ක සම්බන්ධතාවක් පැවැත්වූහ.
ජයිස්වල් සහ රාවට් ඉනිම ආරම්භයේදී මන්දගාමී බවක් පෙන්නුව ද පළමු ඕවර 10 ට ආසන්න වන විට ලකුණු 4 කට වැඩි වේගයක් පවත්වා ගැනීමට සමත් වූහ.
අවසන් පූර්ව තරගයට සහභාගි වූ ඉදිරි පෙළ පිතිකරු කමිල් මිෂාර වෙනුවට මෙම තරගයට තුන් ඉරියව් ක්‍රීඩක සඳුන් මෙන්ඩිස් කැඳවා තිබුණි.
ඉන්දීය යොවුන් නායක සිම්රාන් සිං කාසියේ වාසිය ලබා පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය.
ලකුණු පුවරුව
ඉන්දීය වයස 19 න් පහළ කණ්ඩායම
යෂාවි ජයිස්වල් - ක. මූ. කළා ප. කළන 85
අනුජ් රාවට් - ක. මූ. කළා ප. වෙල්ලාලගේ 59
දෙව්දුට් පාඩික්කල් -- ප. කල්හාර 31
සිම්රාන් සිං - නොදැවී 65
අයූෂ් බදෝනි - නොදැවී 52
අතිරේක 14
එකතුව ඕවර 50 යේදී කඩුලු 3 ක් දැවී 304
පන්දුවට පහර නොදුන් පිතිකරුවෝ:
අජෙයි දේව් ගව්‍රට්, සිද්ධාර්ත් දේසායි, හර්ෂ් ත්‍යාගි, සමීර් චෞද්‍රි, මොහිට් ජන්ග්‍රා, රාජේස් මොහන්ටි
කඩුලු වැටීම:
1-121(රාවට්), 2-180(ජයිස්වල්), 3-194(පාඩික්කල්)
පන්දු යැවීම:
කළන පෙරේරා: 10-0-55-1, නිපුන් මාලිංග: 7-0-59-0, කල්හාර සේනාරත්න: 10-1-45-1, සඳුන් මෙන්ඩිස්: 8-0-46-0, ශෂික දුල්ෂාන්: 8-0-57-0, දුනිත් වෙල්ලාලගේ: 4-0-24-1, නිපුන් ධනංජය: 3-0-13-0
ශ්‍රී ලංකා වයස 19 න් පහළ කණ්ඩායම:
නිෂාන් මධුෂ්ක - ඇ. සිම්රාන් සිං ප. ත්‍යාගි 49
නිපුන් ධනංජය - ඇ. රාවට් ප. ජන්ග්‍රා 12
පසිඳු සූරියබණ්ඩාර - ඇ. චෞද්‍රි ප. ත්‍යාගි 31
කළන පෙරේරා - ඇ. ජයිස්වල් ප. ත්‍යාගි 0
නුවනිඳු ප්‍රනාන්දු - ක. මූ. කළා ප. ත්‍යාගි 4
නවෝද් පරණවිතාන - ක. මූ. කළා ප. දේසායි 48
දුනිත් වෙල්ලාලගේ - ඇ. බදෝනි ප. දේසායි 7
නිපුන් මාලිංග - දුවද්දී දැවී ගියා 0
සඳුන් මෙන්ඩිස් - ප. ත්‍යාගි 1
කල්හාර සේනාරත්න - ඇ. රාවට් ප. ත්‍යාගි 1
ශෂික දුල්ෂාන් - නොදැවී 2
අතිරේක 5
එකතුව ඕවර 38.4 කදී සියලු දෙනා දැවී 160
කඩුලු වැටීම:
1-20(ධනංජය), 2-66(පසිඳු), 3-69(කළන), 4-79(නුවනිඳු), 5-104(මධුෂ්ක), 6-126(වෙල්ලාලගේ), 7-127(නිපුන්), 8-133(සඳුන්), 9-141(කල්හාර), 10-160(පරණවිතාන)
පන්දු යැවීම:
මොහිට් ජන්ග්‍රා: 7-2-18-1, රාජේස් මොහන්ටි: 4-1-18-0, අජෙයි දේව් ගව්‍රට්: 2-0-14-0, සිද්ධාර්ත් දේසායි: 8.4-0-37-2, හර්ෂ් ත්‍යාගි: 10-0-38-6, අයූෂ් බදෝනි: 7-0-33-0
-048
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.