Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ආසියානු යොවුන් කී‍්‍රඩා උළෙල යොදාගත් පරිදි වසර 2017 අගෝස්තුවේ ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන බව කී‍්‍රඩා ඇමති මහින්දානන්ද අලූත්ගමගේ මහතා ‘ලංකාදීපය’ට ඊයේ පැවසීය.
කී‍්‍රඩා උළෙලේ වැඩි කී‍්‍රඩා ඉසව් ගණනක් කොළඹදී පැවැත්වෙන අතර හම්බන්තොට නගරයේදී ද කී‍්‍රඩා ඉසව් කිහිපයක් පැවැත්වෙන බව ඇමතිවරයා පැවසීය.
හම්බන්තොට නගරයට සත්කාරය ලැබුණු තෙවැනි යොවුන් ආසියානු කී‍්‍රඩා උළෙල ශ්‍රී ලංකාවෙන් ඉවත්කර එය වෙනත් ආසියානු රටකදී පැවැත්වෙන බවට පසුගිය කාලය පුරා වාර්තා පළවිය. ඒ අතර කී‍්‍රඩා උළෙල ශ්‍රී ලංකාවෙන් ඉවත් කිරීමට ආසියානු ඔලිම්පික් සභාව තීරණය කළ බවටද වාර්තා විය.
එවන් තත්ත්වයක් තිබියදී ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති හේමසිරි ප‍්‍රනාන්දු මහතා සහ කී‍්‍රඩා අමාත්‍යාංශයේ ලේකම් අනුර ජයවික‍්‍රම මහතා ඇතුළු ශ්‍රී ලංකා දූත පිරිසක් පසුගියදා කුවේට් රාජ්‍යයේ පිහිටි ආසියානු ඔලිම්පික් සභාවේ මූලස්ථානයේදී එහි ප‍්‍රධානීන් හමුවී ඒ සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් ගැනීම සඳහා සාකච්ඡ කළ කළහ.
එහිදී යොවුන් ආසියානු කී‍්‍රඩා උළෙලේ සත්කාරයෙන් ශ්‍රී ලංකාව ඉවත් නොකිරීමට ආසියානු ඔලිම්පික් සභාව තීරණය කළ බවත් එහි ප‍්‍රධානීන් ශ්‍රී ලංකාවට සහයෝගය පළ කරමින් එහිදී අදහස් දක්වා තිබෙන බවත් කී‍්‍රඩා ඇමතිවරයා වැඩිදුරටත් පැවසීය.
පූර්ව සංවිධාන කටයුතු දුර්වලතා නිසා මෙලෙස ශ්‍රී ලංකාව තෙවැනි ආසියානු කී‍්‍රඩා උළෙලේ සත්කාරයෙන් ඉවත්කරන බවට මීට ප‍්‍රථම ආසියානු ඔලිම්පික් සභාවේ නියෝජිතයන් ශ්‍රී ලංකාවේ නිරීක්ෂණ චාරිකාවලට එක්වෙමින් අදහස් දක්වා තිබුණි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.