Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ආසියානු පාසල් තරගාවලියට 10 ක් යති

ආසියානු පාසල් තරගාවලියට 10 ක් යති

සංජය එරමුදුගොඩ - 2016 අගෝ මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සිංගප්පූරුවේදී පැවැත්වෙන 5 වැනි ආසියානු පාසල් මේසපන්දු ශූරතාවලියට සහභාගි වන ක්‍රීඩක ක්‍රීඩිකාවවෝ 10 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා කණ්ඩායම අද (12 වැනිදා) අලුයම දිවයිනෙන් පිටත්ව ගියේය.

ආසියානු පාසල් ක්‍රීඩා සම්මේලනය, සිංගප්පූරු පාසල් ක්‍රීඩා සභාව සමග එක්ව සංවිධානය කරන මෙම තරගාවලියට හෙට (13 වැනිදා) සිට ලබන 18 වැනිදා දක්වා සිංගප්පූරුවේදී ‘තෝවා පායෝ’ ක්‍රීඩා සංකීර්ණයේදී පැවැත්වේ.

ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩකයෝ 5 දෙනෙක්, ක්‍රීඩිකාවෝ 5 දෙනෙක් සහ නිලධාරීහු 6 දෙනෙක් ඇතුළත්ව සිටිති. කොළඹ ආනන්ද විදුහලේ සුපුන වරුසවිතාන බාලක කණ්ඩායමේ නායකත්වය දරන අතර කොළඹ විශාකා විදුහලේ චමත්සරා ප්‍රනාන්දු බාලිකා කණ්ඩායමේ නායකත්වය දරන්නීය.

ශ්‍රී ලංකාව ඇතුළුව සත්කාරක සිංගප්පූරුව, චීනය, හොං කොං, ඉන්දියාව, ඉන්දුනීසියාව, මැකාවෝ, මලයාසියාව, සහ තායිලන්තය යන රටවල් නියෝජානය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ රැසක් මෙම තරගාවලියට සහභාගි වෙති.
මෙහිදී බාලක කේවල, බාලක යුගළ, බාලිකා කේවල, බාලිකා යුගළ, මිශ්‍ර යුගළ, බාලක කණ්ඩායම් සහ බාලිකා කණ්ඩායම් යන කාණ්ඩ යටතේ තරග පැවැත්වේ.


බාලක කණ්ඩායම -
සුපුන වරුසවිතාන (කොළඹ ආනන්ද විදුහල), ක්‍රිෂාන් වික්‍රමරත්න (මහනුවර විද්‍යාර්ථ විදුහල), දිනේෂ් කවිෂ්ක (මහනුවර විද්‍යාර්ථ විදුහල), සන්දේෂ් නිස්සංක (කොළඹ ආනන්ද විදුහල) සහ දිෂංක තෙන්නකෝන් (මහනුවර ධර්මරාජ විදුහල)

බාලිකා කණ්ඩායම -
චමත්සරා ප්‍රනාන්දු (කොළඹ විශාකා විදුහල), හංසනී පියුමිලා (කොළඹ විශාකා විදුහල), ඉමාෂා ද සිල්වා (අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල), මුතුමාලි ප්‍රියදර්ශනී (අම්බලන්ගොඩ දේවානන්ද විදුහල) සහ නතාෂා සඳවිනී (කොළඹ විශාකා විදුහල)

නිලධාරීන් -
ලලිත් බන්දුල (කණ්ඩායම් ප්‍රධානී), දීපාල් පියතිස්ස (කළමනාකරු), චන්දන පෙරේරා (බාලිකා පුහුණුකරු), චමින්ද රොෂාන් (බාලක පුහුණුකරු), කමනි නිලංගනී (බාලිකාවන් බාර නිලධාරී) සහ වී. බාලසුභ්‍රමනියම් (විනිසුරු)

 

ක්‍රිෂාන් වික්‍රමරත්න

දිෂංක තෙන්නකෝන්

දිනේෂ් කවිෂ්ක

සන්දේෂ් නිස්සංක

සුපුන වරුසවිතාන

මුතුමාලි ප්‍රියදර්ශනී

ඉමාෂා ද සිල්වා

හංසනී පියුමිලා

නතාෂා සඳවිනී

චමත්සරා ප්‍රනාන්දු

 


අදහස් (0)

ආසියානු පාසල් තරගාවලියට 10 ක් යති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.