Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
බෝගම්බර පිටියේදී දැන් පැවැත්වෙන 37 වැනි සමස්ත ලංකා පාසල් මලල ක්‍රීඩා තරගාවලියේදී පිට පිටම පස්වැනි වතාවටත් රිටි පැනීම (කාන්තා) ඉසව්වේ නව ශ්‍රී ලංකා වාර්තාව පිහිටුවීමට යාපනය මහජන විදුහලේ ජෙගදීෂ්වරන් ඇනීටා දැරූ උත්සාහය ඊයේ (15) අසාර්ථක විය.
කෙසේ වුවත් බෝගම්බර පිටියේදී ඇගේ පිම්ම අසාර්ථක වුවත් මීටර 3.30කට එය නව වාර්තාවක් ලෙස ජාතික පාසල් මලල ක්‍රීඩා වාර්තා පොතට එක්විය.
මීටර 3.41කට රිටි පැනීම (කාන්තා) ඉසව්වේ නව ශ්‍රී ලංකා වාර්තාවට හිමිකම් කියන ඇනීටා පෙරේදා බෝගම්බර පිටියේදී රිටි පැනීම වයස 21න් පහළ බාලිකා ඉසව්වේ නව තරග වාර්තාව මීටර 3.30කට පිහිටුවූයේ යාපනය අරුණෝදය විදුහලේ ඒ. පවිත්‍රා වසර 2014දී මීටර 3.17කට පිහිටුවා තිබු එහි පැරණි වාර්තාව බිඳ දමමිනි.
කෙසේ වුවත් යාපනය දොරේ අප්පා පිටියේදී පසුගිය ඔක්තෝබර් 2 වැනිදා නිමාවට පත්වූ 42 වැනි ජාතික මහ ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා තරගාවලියේදී රිටි පැනීම (කාන්තා) ඉසව්වේ අවසන් වරට ශ්‍රී ලංකා වාර්තාව පිහිටුවු ඇනීටා එහිදී ප්‍රකාශ කර සිටියේ තමා සමස්ත ලංකා පාසල් මලල ක්‍රීඩා තරගාවලියේදී යළිත් එහි ශ්‍රී ලංකා වාර්තාව අළුත්කරන බවය.
ඊයේ දිනයේ ඇගේ තරග වැදීමේ විශේෂත්වයක් ගන්නේ රිටි පැනීම ඉසව්වට තරග වදින අතර ඇය මීටර 100 කඩුලු වයස 21න් පහළ බාලිකා ඉසව්වද තරග වැදීමය.
එහිදී තත්ත්පර 16.4කට ඇය එහි ලෝකඩ පදක්කම හිමිකර ගත්තාය. කෙසේ වුවත් ඇගේ මෙම තරග හැසිරීම් විවේචනයට ලක්වූ අතර ඇගේ පුහුණුකරු සින්නයියා සු්‍රභාජකරන් මහතා ලංකාදීපය කළ විමසුමකදී පැවැසුවේ මෙවර පාසල් මලල ක්‍රීඩා තරගාවලියේදී ඉසව් දෙකකට ඇනීතා තරග වැදීමට ගත් තීරණය ඇගේ කැමැත්ත මත සිදුවූවක් බවය.
සුභාජකරන් මහතා දැනට යාපනය අරුණෝදය විදුහලේ ක්‍රීඩා භාර ආචාර්යවරයා ලෙස කටයුතු කරන අතර ඔහු මේ වනවිට ජාතික මට්ටමේ රිටි පැනීමේ ශූරියන් ගණනාවක්ම යාපනයෙන් බිහිකරදීමට දායක වූ මලල ක්‍රීඩා පුහුණුකරුවෙකි.
ඇනීටාගෙන් ඒ පිළිබඳව ලංකාදීපය කළ විමසුමකදී පැවැසුවේ තමන් තරමක් අසනීප තත්ත්වයෙන් තරග වැදීමත් පාසල් ක්‍රීඩිකාවන් සමග තරග වැදීමත් හේතුවෙන් බෝගම්බර පිටියේදී සිය රිටි පැනීමේ දක්ෂතා ප්‍රවර්ධනය නොවූ බවය.
ඇනීටා වයස 15න් පහළ ක්‍රීඩිකාවක් ලෙස රිටි පැනීම ඉසව්වට අවතීර්ණ වූ අතර ඉන් වසර කීපයකට පසුව වසර 2014දී ඇය පළමුවරට ශ්‍රී ලංකා වාර්තාව මීටර 3.32කට සමකළ අතර මීටර 3.40කට එහිදී පළමු වරට ශ්‍රී ලංකා වාර්තාව පිහිටුවීමට සමත් වූවාය.
ඉන්දියාවේ “ලක්නව්” හිදී හෙට සහ අනිද්දා (18-19) පැවැත්වීමට නියමිතව තිබී අත්හිටුවනුලැබූ දකුණු ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියට නම් කළ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 60 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා කණ්ඩායමටද ඇනීටා නම් කර තිබුණි.
තරගාවලියේ තෙවැනි දිනය වූ පෙරේදා මීටර් 110 කඩුලු ඉසව්වෙන් මහනුවර බෙරිවෝට්ස් (ඊැරරුඅ්ැරඑි) විදුහලේ අනුරුද්ධ ශ්‍රීමාල් හිමිකර ගත් ජයග්‍රහණය අත්කාලඝනකවලින් ගණනය කළ නව තරග වාර්තාවක් ලෙස (තත්ත්පර 13.6) පිළිගැනුණි. එහි තරග වාර්තාවට හිමිකම් කියන්නේ ගිරිඋල්ල වික්‍රමසිංහ මැදි විදුහලේ සුදාර සත්‍ය වීරකෝන්ය.
වසර 2004 දක්වා ඈතට දිව යන එම වාර්තාව තත්ත්පර 13.73කට පිහිටුවීමට සුදාර සමත්ව තිබේ.
සමස්ත ලංකා පාසල් මලල ක්‍රීඩා උළලේ පෙරේදා (15) දිනයේ නව තරග වාර්තා
■ රිටි පැනීම (වයස 21 න් පහළ බාලිකා)
ජෙගදීෂ්වරන් ඇනීටා (යාපනය මහජන විදුහල - මීටර 3.30)
■ මීටර 100 කඩුලු පැනීම (වයස 15 න් පහළ බාලක)
අනුරාධ ශ්‍රීමාල් (මහනුවර බෙරවයිට්ස් විදුහල -- තත්පර 13.6)
■ මීටර 100 (වයස 17 න් පහළ බාලක)
වයි.සී.එම්. සෝමසිංහ (කෑගල්ල ශාන්ත මේරි විදුහල - තත්ත්පර 11.00)
■ දුර පැනීම (වයස 19 න් පහළ බාලිකා)
රිද්මා නිෂාදි (අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල - මීටර 5.85)
■ තුන් පිම්ම (වයස 19 න් පහළ බාලක)
චමල් කුමාරසිරි (මීරිගම ඩි.එස්. සේනානායක මැදි විදුහල (මීටර 15.32)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.