Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
මේ වන විට ලොව පුරා පවතින කොරෝනා වසංගත තත්ත්වය සැලකිල්ලට ගනිමින් ජජානයේදී පැවැත්වීමට නියමිතව තිබූ පූර්ව ඔලිම්පික් පුහුණු කඳවුර අවලංගු කර දැමීමට ඇමරිකා එක්සත් ජනපද ජවන හා පිටිය කණ්ඩායම තීරණය කර ඇත. 2020 ඔලිම්පික් තරගාවලිය මේ වසරේ ජූලි මස 23 වැනිදා ආරම්භ වීමට නියමිතව තිබුණද, ඊට සති 10 කට පෙර එහි සත්කාරකත්වය දරණ ටෝකියෝ නරගය කොරෝනා වසංගතයේ බලපෑම හමුවේ හදිසි තත්ත්වයකට පත්ව තිබේ.
ඇමරිකානු ක්‍රීඩක ක්‍රීඩිකාවෝ ටෝකියෝ නුවර ආසන්නයේ පිහිටි චිබා නගරයේදී ඔලිම්පික් තරගාවලිය සඳහා පෙර පුහුණුවීම්වල නිරත වීමට සූදානම්ව සිටියහ. නමුත් ඇමරිකානු රජය පවසන්නේ තම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ආරක්ෂාව සැලකිල්ලට ගනිමින් පුහුණු කඳවුර අවලංගු කිරීමට පියවර ගත් බවය.
දැනට පවතින තත්ත්වය යටතේ ඔලිම්පික් ක්‍රීඩා උළෙල පැවැත්විය යුතුද යන්න පිළිබඳව තමාට විශ්වාස නැතැයි ජපානයේ ටෙනිස් ක්‍රීඩිකා නයෝමි ඔසාකා පැවසීමෙන් පසුව මෙම පුවත වාර්තා විය.
ජපානයේ 60% කට ආසන්න පිරිසකට ඔලිම්පික් තරගාවලිය අවලංගු කිරීමට අවශ්‍ය බව මෑතකදී පැවැති මත විමසුමකින් හෙළි වී තිබේ. ඔලිම්පික් සහ පැරලිම්පික් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 2500 කට පමණ කොව්ඩ් එන්නත් ලබා දීමට ජපන් රජය තුළ ඇති කැමැත්ත නිසා එම තත්ත්වය තවත් වැඩි විය හැකිය.
මේ වන විට ජපානයේ ජනගහනයෙන් 2.6% කට කොවිඩ් එන්නත ලබා දී ඇති අතර ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ප්‍රමුඛතාවය දෙනු ඇතැයි වාර්තා වීම මහජනතාවගේ විවේචනයට හේතු වී තිබේ.
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.