Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
ඇෆ්ඝනිස්ථානය සහ නෙදර්ලන්තය අතර ලක්නව් නුවර එ්කානා ක්රීඩංගණයේදී අද (3 වැනිදා) පැවැති එක්දින ලෝක කුසලාන තරගයෙන් කඩුලු 7 ක පහසු ජයක් ලැබූ ඇෆ්ගනිස්ථානය, ප්රසාද ලකුණු සටහනේ 5 ස්ථානය දක්වා ඉහළට පැමිණීමට සමත් විය. මෙවර තරගාවලියේදී ඇෆ්ඝනිස්ථානය ලැබූ සිවුවැනි ජය මෙය වන අතර ඔවුන් ලකුණු සටහනේ ඉදිරියට පැමිණියේ පාකිස්ථානය පසුපසට ඇද දමමිනි.
ජයග්රහණය සඳහා ලකුණු 180 ක ඉලක්කයක් හඹාගිය ඇෆ්ඝනිස්ථානුවෝ, ඕවර 31.3 ක් අවසානයේ කඩුලු 3 ක් පමණක් දැවී ඉලක්කය සපුරාගත්හ. එහිදී නායකත්වයේ පිතිහරඹයක නිරත වූ හෂ්මතුල්ලා ඔමර්සායි පන්දු 64 කදී හතරේ පහර 6 ක් සමග නොදැවී ලකුණු 56 ක් රැස්කරමින් සිය කණ්ඩායමේ ජයග්රහණය තහවුරු කළේය.
රාමට් ෂා (52) සමග එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 77 කදී ලකුණු 74 ක සම්බන්ධතාවක් ගොඩනැගූ හෂ්මතුල්ලා, ඉන් නොනැවතී අස්මතුල්ලා ඔමර්සායි (නොදැවී 31) සමග එක්ව සිවුවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 53 කදී ලකුණු 52 ක නොබිඳුණු සම්බන්ධතාවක්ද ගොඩනගමින් සිය කණ්ඩායම ජයග්රහණය කරා ගෙන ගියේය.
කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් නෙදර්ලන්තය ඕවර 31.3 ක් අවසානයේ කඩුලු 3 ක් දැවී ලකුණු 179 ක් ලබාගත් අතර නෙදර්ලන්ත ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ සයිබ්රෑන්ඩ් එන්ගල්බෙච්ට් පන්දු 86 කින් ලකුණු 58 ක් රැස්කළේ හතරේ පහර 6 ක් සමගිනි. දක්ෂ පන්දු යැවීමක නිරත වූ මොහොමඩ් නබී ලකුණු 28 කට කඩුලු 3 ක් දවාගත්තේය.
නෙදර්ලන්තය - ඕවර 46.3 කදී සියලු දෙනා දැවී 179
(මැක්ස් ඔඩොව්ඩ් 42, කොලින් ආක්මන් 29, සයිබ්රෑන්ඩ් එන්ගල්බෙච්ට් 58, මොහොමඩ් නබී 28/3, නූර් අහමඩ් 31/2)
ඇෆ්ඝනිස්ථානය - ඕවර 27.5 කදී කඩුලු 3 ක් දැවී 181
(ඊබ්රහීම් සද්රාන් 20, රාමට් ෂා 52, හෂ්මතුල්ලා ශහිදි නොදැවී 56, අස්මතුල්ලා ඔමර්සායි නොදැවී 31)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.