Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අමිහිරි මතකයන් ගොන්නක් සමගින් මංගල ටේස්ට් තරගයේදීම පරාජය වැළඳ ගැනීමට ඇෆ්ඝනිස්තාන් කණ්ඩායමට අද (15 වැනිදා) සිදුවිය. සංචාරක ඇෆ්ඝනිස්තාන් කණ්ඩායමට එරෙහිව බැංගලෝර්හී චින්නස්වාමී ක්‍රීඩාංගණයේදී පැවැති පළමු සහ එකම ටෙස්ට් තරගය ඉනිමකින් සහ ලකුණු 262 කින් ජයගැනීමට ඉන්දීය කණ්ඩායම සමත්විය.
දින 5 ක් පැවැත්විය යුතු වුවද තරගය දින දෙකකදී අවසන්විය. දෙවැනි දිනයේ පළමු භාගය තුල ඉන්දීය කණ්ඩායම පන්දුවට පහරදුන් අතර පැය 4 ක පමණ කාළයක් තුල ඇෆ්ඝනිස්තාන් ඉනිම දෙකේම කඩුලු 20 ක් දවාගැනීමට ඉන්දීය පන්දු යවන්නෝ සමත්වූහ.
මින් පෙර අවස්ථා 3 කදී කණ්ඩායමක් විසින් ප්‍රතිවාදී කණ්ඩායමේ ඉනිම දෙකම එක් දිනකදී අවසන් කර ඇති අතර එම දස්කම කළ සිවුවැනි අවස්ථාව අද වාර්තාවිය. එංගලන්තය විසින් 1952 දී ඉන්දියාවත්, (58 සහ 82), නවසීලන්තය විසින් 2005 දී සිම්බාබ්වේ කණ්ඩායමත් (59 සහ 99), නැවතත් නවසීලන්තය විසින් 2012 දී සිබ්බාබ්වේ කණ්ඩායමත් (51 සහ 143) එක් දිනකදී ඉනිම දෙකම අවසන් කරගත් කණ්ඩායම් විය.
පළමු දිනය නිමාවනවිට කඩුලු 6 ක් දැවී ලකුණු 347 ක් රැස්කරගෙන ඉතා ප්‍රබල ස්ථානයක සිටි ඉන්දීය කණ්ඩායම දෙවැනි දිනයේදී සියලුදෙනා දැවී ලකුණු 474 ක් රැස්කිරීමට සමත්විය. හර්දික් පාණ්ඩ්‍යා වේගවත් ලකුණු රැස්කිරීමක නිරතවූ අතර වෆාඩර්ගේ පන්දුවක් හමුවේ කඩුලු රකින ක්‍රීඩක අෆ්සාර් සසායි අතට උඩපන්දුවක් දෙමින් දැවීයනවිට හතරේ පහර 10 ක් සමගින් ලකුණු 71 ක් රැස්කර සිටියේය.
රවින්ද්‍ර ජදේජා සමගින් අටවැනි කඩුල්ල සඳහා ලකුණු 67 ක සම්බන්ධතාවයක් ගොඩනැගූ හර්දික් පාණ්ඩ්‍යා ඉන්දීය ලකුණු පුවරුව ඉහළ දැමීමට දායකවිය.
තරගය ආරම්භවීමට පෙර ඇෆ්ඝනිස්තාන් නායකයා සිය දඟපන්දු යවන්නන් සම්බන්ධයෙන් ඉහළ වර්ණනාවක් කළද ලකුණු 294 ක් ලබාදුන් ඔවුන්ගේ ප්‍රධානතම දඟ පන්දු යවන්නන් තිදෙනාවූ මොහොමඞ් නබී, රෂීඞ් ඛාන් සහ මුජීබ් උර් රෙහ්මාන්ට දවාගැනීමට හැකිවූයේ කඩුලු 4 ක් පමණි. වේගපන්දු යවන්නන් ගැන වැඩි විශ්වාසයක් ඇෆ්ඝනිස්තාන් නායකයා තුළ නොතිබුණද ලකුණු 151 කට කඩුලු 5 ක් දවාගැනීමට යමින් අහ්මඞ්සායි සහ වෆාඩර් සමත්වූහ.
සීමිත ඕවර තරග සඳහා වැඩි දස්කම් පෙන්වනු ලැබූවද ටේස්ට් තරග රටාවට තවමත් කෝඩුකාරයන්වූ ඇෆ්ඝනිස්තානය ටෙස්ට් තරග වලදීද පන්දුවට පහරදෙනු ලබන්නේ සීමිත ඕවර තරග සඳහා පන්දුවට පහරදෙන ආකාරයටම බැවින් ඔවුන්ගේ පිතිකරුවෝ ඉක්මනින්ම දැවී ගියහ. ඇෆ්ගනිස්තානය පළමු ඉනිම සඳහා ලබාගත් ලකුණු 109 සඳහා හයේ පහරක් හතරේ පහර 18 ක් ඇතුළත්විය. පළමු ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වීමට ලකුණු 24 ක් ලබාගත් මොහොමඞ් නබී සමත්විය.
ඇෆ්ගනිස්තාන් කණ්ඩායම සිය දඟ පන්දු යවන්නන් ගැන උදම් ඇනුවද ඉන්දීය දඟ පන්දු යවන්නන් එය ක්‍රියාවෙන්ම ඔප්පුකරමින් රවිචන්ද්‍රන් අශ්වින් කඩුලු 4 ක් සහ රවින්ද්‍ර ජදේජා කඩුලු 2 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ. ඉනිමක පරාජයෙන් ගැලවීම සඳහා පිට පිට දෙවැනි වරටත් පන්දුවට පහරදීමට පිටියට පිවිසි ඇෆ්ඝනිස්තානයට සිය දෙවැනි ඉනිමේදී සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 103 ක් පමණි.
හෂ්මතුල්ලා ශහිඩි නොදැවී ලකුණු 36 ක් රැස්කරමින් ඇෆ්ඝනිස්තාන් කණ්ඩායම වෙනුවෙන් දැනට ඉනිමකදී වැඩිම ලකුණු රැස්කළ පිතිකරුවා බවට පත්විය.
ඉන්දීය පළමු ඉනිම - ඕවර 104.5 කදී සියලුදෙනා දැවී 474
(මුරලි විජේ 105, ශීකර් ධවාන් 107, ලෝකේෂ් රාහුල් 54, චිතේෂ්වර් පුජාරා 35, හර්දික් පාණ්ඩ්‍යා 71, රවින්ද්‍ර ජදේජා 20, උමේෂ් යාදව් නොදැවී 26, යමින් අහමඞ්සායී 51/3, වෆාඩර් 100/2, රෂීඞ් ඛාන් 154/2)
ඇෆ්ගනිස්තාන් පළමු ඉනිම - ඕවර 27.5 කදී සියලුදෙනා දැවී 109
(මොහොමඞ් නබී 24, රවිචන්ද්‍රන් අශ්වින් 27/4, රවින්ද්‍ර ජදේජා 18/2, ඉෂාන්ත් ශර්මා 28/2)
ඇෆ්ගනිස්තාන් දෙවැනි ඉනිම - ඕවර 38.4 කදී සියලුදෙනා දැවී 103
(හෂ්මතුල්ලා ශහිඩි නොදැවී 36, අස්ගර් ස්ටැනික්සායි 25, රවින්ද්‍ර ජදේජා 17/4, උමේෂ් යාදව් 26/3, ඉෂාන්ත් ශර්මා 17/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.