Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඇමරිකාවේ ඩැනියෙල් කොලින්ස් පරාජය කරමින් මෙවර ඕස්ට්‍රේලියානු විවෘත ටෙනිස් ශූරතාවලියේ කාන්තා කේවල ශූරතාව දිනාගැනීමට ඕස්ට්‍රේලියාවේ ඈෂ්ලි බාර්ටි අද (29 වැනිදා) සමත් වූවාය. මෙල්බර්න් නුවර රොඩ් ලීවර් ඇරීනා ක්‍රීඩාංගණයේදී පැවැති අවසන් මහ තරගය වට 2-0 ක් ලෙස (6/3, 7/6) ජයගනිමින් ඇය එම ශූරතාවට හිමිකම් කීවාය.
මේ වන විට ලෝක කාන්තා ටෙනිස් ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණේ පසුවන බාර්ටි, මෙම තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේ වසර 44 කට පසුව ඕස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියක අවසන් මහ තරගයට සුදුසුකම් ලැබූ පළමු ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාව ලෙසිනි.
මින් පෙර ඕස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියක අවසන් මහ තරගයට සුදුසුකම් ලැබූ ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාව වූයේ ක්‍රිස්ටීන් ඕ’නීල්ය. ඇය 1978 වසරේදී ඕස්ට්‍රේලියානු විවෘත ශූරතාව දිනා ගත්තාය. ඒ අනුව ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවක් ඕස්ට්‍රේලියානු විවෘත ශූරතාව ජයගනු ලැබුවේ වසර 44 කට පසුවය.
මින් වසර 2 කට පෙර එනම් 2019 වසරේදී ප්‍රංශ විවෘත ශූරතාව සහ ඉකුත් වසරේදී (2021) විම්බල්ඩන් ශූරතාව ජයගත් 25 හැවිරිදි බාර්ටිගේ තෙවැනි ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතාව මෙය විය. ඉකුත් වසරේදී පැවැති ටෝකියෝ ඔලිම්පික් උළෙලේදී මිශ්‍ර යුගල ටෙනිස් ඉසව්වේ ලෝකඩ පදක්කම දිනගත් ඕට්‍රේලියානු යුගලයද බාර්ටි නියෝජනය කළයා.
“මේක මට හීනයක් හැබෑ වුණා වගේ. ඕස්ට්‍රේලියානු ජාතිකයකු වීම ගැන මම ආඩම්බර වෙනවා. මේ තරගාවලියේදී මට ලැබුණ විශේෂම වරප්‍රසාදය තමයි ජයග්‍රහණය මගේම රටේ ක්‍රීඩාලෝලීන් සමග සමරන්න ලැබුණ එක. මම දැකපු හොඳම ක්‍රීඩාලෝලීන් ඉන්නේ ඕස්ට්‍රේලියාවේ.” යැයි සිය ජයග්‍රහණයෙන් අනතුරුව බාර්ටි පැවසුවාය.
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.