Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ඉතාලි විවෘත ටෙනිස් ශූරතාව 8වැනි වරටත් නඩාල්ට

ඉතාලි විවෘත ටෙනිස් ශූරතාව 8වැනි වරටත් නඩාල්ට

සංජය එරමුදුගොඩ - 2018 මැයි මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

තියුණු සටනකින් පසුව තරග වට 2-1 ලෙස ඇලෙක්සැන්ඩර් ස්වෙරෙව් පරාජයට පත් කරමින් ස්පාඤ්ඤයේ රෆායෙල් නඩාල් 8වැනි වරටත් ඉතාලි විවෘත ටෙනිස් ශූරතාවය දිනා ගැනීමට ඊයේ (20) සමත් විය.
    
පළමු  වටයේදී සාර්ථක ආරම්භයක් ලබාගනිමින් නඩාල් ලකුණු 6-1 ලෙස ස්වෙරෙව් පරාජයට පත් කළත්, නැවතත් දෙවන වටයේදී නඩාල්ට අභියෝග කළ ඇලෙක්සැන්ඩර් ස්වෙරෙව් ලකුණු 6-1 ලෙස නඩාල් පරාජයට පත් කළේය. තරග වට 1-1ක් ලෙස සම තත්වයේ පසුවෙමින් ජයග්‍රහණය දෙදෙනා අතරේම දෝලනය වූ මෙම තරගයට තෙවන වටය ආරම්භ වී මිනිත්තු කිහිපයක් යාමට මත්තෙන් වර්ෂාවෙන් බාධා ඇති විය.

වර්ෂාව නිසා තරගය නතර කරනවිට ලකුණු 3-1 ලෙස පෙරමුණ ගැනීමට ස්වෙරෙව් සමත් විය. නමුත් එතැන් පටන් තරගයේ අවසානය තෙක්ම කිසිඳු ලකුණක් ලබා ගැනීමට අවස්ථාව ලබා නොදුන් නඩාල් තරගය 6-3 ක් ලෙස අවසන් කළේය.

මේ සමග ලකුණු 6-1, 1-6 සහ 6-3 ලෙස ජයගත් නඩාල් 2014 වසරෙන් පසුව නැවතත් ශූරයා බවට පත් වූයේ ලොව ටෙනිස් ශ්‍රේණිගත කරන්නන්ගේ පළමු ස්ථානය දක්වා ඉහළට පැමිණීමෙනි.

ලෝක ටෙනිස් ක්‍රීඩකයන් අතර පෙරමුණේ වැජඹෙන නඩාල් මේ වනවිට ග්‍රෑන්ඞ් ස්ලැම් ශූරතා 10 ක්, ප්‍රංශ විවෘත ශූරතා 10 ක්, මොන්ටි කාලෝ මාස්ටර් ශූරතා 11ක්, බර්සිලානෝ විවෘත ශූරතා 11ක් සහ මැඞ්රිඞ් විවෘත ශූරතා 5ක් තමන් සතු කරගෙන ඇත.


- 024


අදහස් (0)

ඉතාලි විවෘත ටෙනිස් ශූරතාව 8වැනි වරටත් නඩාල්ට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.