Last Update  :  2024-12-18 15:05:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ඉන්දියානුවෝ ඉතිහාසයේ හපන්කම් සොයති
ගැබා ටෙස්ට් තරගය

ඉන්දියානුවෝ ඉතිහාසයේ හපන්කම් සොයති

editorial - 2024 දෙසැ මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වසර 4 කට ඉහතදී ඉන්දියානුවෝ බි්‍රස්බේන්හි ‘ගැබා’ ක්‍රීඩාංගණයේදී ඉතිහාසයක් නිර්මාණය කළහ. 2024 බෝඩර් - ගවස්කාර් කුසලාන තරගාවලිය මේ වන විට 1-1 ක් ලෙසින් සම වී තිබෙන බැවින් ඉන්දියානුවන්ගේ අභිප්‍රාය අතීතයේදී කළ හපන්කම නැවතත් කිරීමයි. 

ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අතර තුන්වැනි ටෙස්ට් තරගය හෙට (14 වැනිදා) බි්‍රස්බේන් නුවර ගැබා ක්‍රීඩාංගණයේදී ආරම්භ වෙයි. ඕස්ට්‍රේලියාව මෙන්ම ඉන්දියාවත් ටෙස්ට් ලෝක ශූරතාවලියේ අවසන් තරගයේ තැනක් සොයමින් සිටින කණ්ඩායම් දෙකකින් එකකි. 

සාමාන්‍යයෙන් ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ගිම්හානය ආරම්භ වන ‘ගැබා’ ක්‍රීඩාංගණයට මෙවර හිමිවී ඇත්තේ තුන්වැනි ටෙස්ට් තරගයයි. එය උස් ගොඩනැඟිලි, රෝහල්, වාහන ගමනාගමනය බහුළ මං මාවත්, සුපිරි වෙළෙඳසැල් කිහිපයකින් මෙන්ම ෆ්‍රැන්ජිපානි ගස් කිහිපයකින්ද වටවී ඇති තරමක් නිස්කංලක ක්‍රීඩාංගණයකි.  

නායක රෝහිත් ෂර්මා වෙතට තරගයේ වැඩිම පීඩනය එල්ල වී තිබේ. 

ටෙස්ට් ශතකයකින් තොරව ඉනිම 12 ක් නිමාකළ රෝහිත් ෂර්මා දෙවැනි තරගයේදී සිය ආරම්භක ස්ථානය ලොකේෂ් රාහුල්ට තිළිණ කළත් හෙට තරගයේදී ඔහු පිතිකරු ලයිස්තුවේ කොතැනින් පැමිණේවිද යන්න තවමත් අවිනිශ්චිතය. ජොස් හේසල්වුඩ් නැවතත් ක්‍රීඩා කිරීමට සුදුසුකම් සපුරා තිබීම ඉන්දීය පිතිකරුවන්ට තිබෙන තවත් හිසරදයකි. 

පැට් කමින්ස්ගේ ඕස්ට්‍රේලියානු කොලු රෑන හිස් ඔසවමින් සිටියත් ස්ටීවන් ස්මිත් තවමත් පසුපසින් පැමිණෙමින් සිටී. 


ඉන්දීය සංචිතය : 
රෝහිත් ෂර්මා (නායකයා), ජස්ප්‍රීට් බුම්රා (උප නායකයා), යශස්වී ජයිස්වාල්, විරාට් කෝලි, ෂුබ්මන් ගිල්, ලෝකේෂ් රාහුල්, දෙව්දූත් පඩික්කාල්, රිෂාබ් පන්ට් (කඩුලු රකින්නා), ධූර්යූව් ජූරල්, රවිචන්ද්‍රන් අශ්වින්, රවීන්ද්‍ර ජදේජා, වොෂිංටන් සුන්දර්, නිතිෂ් කුමාර් රෙඩ්ඩි, මොහොමඩ් සිරාජ්, හර්ෂිත් රානා, අභිමන්යු ඊෂ්වරන්, සෆ්රාස් ඛාන්, ආකාෂ් දීප් සහ ප්‍රසිද් ක්‍රිෂ්ණා


ඕස්ට්‍රේලියානු සංචිතය
පැට් කමින්ස් (නායකයා), උස්මන් කවාජා, නේතන් මැක්ස්වීනි, ස්ටීවන් ස්මිත්, මානස් ලැබුෂේන්, ට්‍රැවිස් හෙඩ්, මිචෙල් මාෂ්, ඇලෙක්ස් කේරි (කඩුලු රකින්නා), ජොෂ් ඉංග්ලිෂ්, මිචෙල් ස්ටාක්, ජොස් හේසල්වුඩ්, ස්කොට් බෝලන්ඩ්, නේතන් ලයන්, බියු වෙබ්ස්ටර්, ෂෝන් ඇබට් සහ බ්‍රෙන්ඩන් ඩොගට්

- 213


අදහස් (0)

ඉන්දියානුවෝ ඉතිහාසයේ හපන්කම් සොයති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.