Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
එළබෙන ලෝක ශූරතා පැරා මලල ක්‍රීඩා තරගාවලියේදී ඉන්දියානු ක්‍රීඩකයාගේ වාර්තාව බිඳ දමමින් ශ්‍රී ලංකාවට රන් පදක්කමක් දිනාදීම තමාගේ ප්‍රධානතම අරමුණ බව රියෝ ‘පැරලිම්පික්’ ක්‍රීඩා උළෙලේදී ලෝකඩ පදක්කමක් දිනාගත් දිනේෂ් ප්‍රියන්ත හේරත් පැවසීය.
රියෝ ‘පැරලිම්පික්’ ක්‍රීඩා උළෙලට සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායම පිළිගැනීම සඳහා කටුනායක ගුවන්තොටුපළේදී සංවිධානය කර තිබූ පිළිගැනීමේ උත්සවයකදී දිනේෂ් ඒ බව කියා සිටියේය.
එහිදී හමුදා ආචර මැද කටුනායක ගුවන්තොටුපළේ ප්‍රභූ පර්යන්තයේදී දිනේෂ් ඇතුලු කණ්ඩායම පිළිගනු ලැබූ අතර ඉන් අනතුරුව ඔවුන්ගේ ඥාතීන් සිටි ස්ථානය දක්වා ඔවුන්ව පෙරහරකින් රැගෙන යනු ලැබූහ.
රටවල් 160 ක සහභාගීත්වයෙන් බ්‍රසීලයේ රියෝ ද ජෙනෙයිරෝ නගරයේදී පැවැති ‘පැරලිම්පික්’ ක්‍රීඩා උළෙලේදී හෙල්ල විසිකිරීම (පිරිමි) - එක් අතක් අප්‍රාණික (එෆ්-46) ඉසව්වෙන් ලෝකඩ පදක්කම දිනාගැනීමට දිනේෂ් ප්‍රියන්ත සමත් වූයේ මීටර 58.23 ක දුරක් හෙල්ල විසිකරමිනි. එය ඔහුගේ ඉහළම දක්ෂතාවයයි.
ඒ පිළිබඳව අදහස් දක්වමින් ඔහු කියා සිටියේ “මට වඩා ඉදිරියෙන් හිටපු චීන ක්‍රීඩකයාටත්, ඉන්දීය ක්‍රීඩකයාටත් හොඳ තරගයක් දෙන්න මට හැකි වුණා. මගේ ඉහළම දක්ෂතාව දක්වමින් ලංකාවට පදක්කමක් දිනාදීමට හැකි වීම ගැන මා හුගක් සතුටු වෙනවා.” කියාය.
“ඉදිරියේදී පැවැත්වෙන ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේදී කෙසේ හෝ ඉන්දීය ක්‍රීඩකයාගේ වාර්තාව බිඳ දමමින් ලංකාවට රන් පදක්කමක් ගෙන ඒම දැන් මගේ ප්‍රධානතම බලාපොරොත්තුවයි.” යැයිද දිනේෂ් පවසා සිටියේය.
ඡායාරූප - ශානුක අරවින්ද
ඡායාරූපය - ප්‍රසාද් මුතුකුඩ
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.